2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයජනප්‍රියතම ලිපිවිශේෂාංග

තාරකා විද්‍යාව

එච්.රන්දික සඳරුවන් ප්‍රනාන්දු , 10 ශ්‍රේණිය , මහානාම මහා විද්‍යාලය පානදුර

තාරකා විද්‍යාව යනු තාරකා,ග්‍රහලෝක , දුමකේතු සහ චක්‍රාවාට ආදි පෘතුවි වායුගෝලයෙන් එපිට සිදුවන සිදුවිම් සහ අභ්‍යාවකාශ වස්තුන් පිළිබඳව අධ්‍යනය කරන විද්‍යාවයි. විශ්වයේ සම්භවය සහ විකාශනය, විශ්ව වස්තුන්ගේ භෞතික සහ රසායනික පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය හැදෑරිම මෙම විශය පථයේ අන්තර්ගත වේ. එමෙන්ම තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණීතම විද්‍යාවන්ගෙන් එකකි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොව ඒවා සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාත කිරිමට වැදගත් වේ.

දුරේක්ෂය සොයා ගැනිමට පෙර තාරකා විද්‍යාවට මහත් සේවයක් ඉටු කළ උපකරණය වුයේ තරු මාලිමාවයි. මධ්‍යතන යුගයේ දි මැද පෙර දිග සිටි විද්‍යාඥයන් කාලය නිර්ණය කිරිමටත් ආකාශ වස්තූන්වල පිහිටිම සොයා බැලිමටත් එම උපකරණය යොදා ගෙන ඇත. එම තරු මාලිමාව සාදා තිබුනේ වානේ තැටියක වන අතර එම තැටියේ තරුවල පිහිටීම ලකුනු කර තිබුනේය. එම තරු මාලිමාවෙන් තරු හදුනා ගැනිමට හා හිරු උදාව සහ බැස යාම සොයාගැනිමට මුහුදු මාර්ග සොයා ගැනිමටත් හැකි වුයේය.

තාරකා විද්‍යාවේ ප්‍රගමනය සඳහා තාක්ෂණික දියුණුව ප්‍රධාන වේ. එමෙන්ම දුරේක්ෂය සොයා ගැනිමත් සමඟ අභ්‍යාවකාශ වස්තූන් නිරික්ෂණය ඉතා සමිප විය. එමෙන්ම හබල් දුරේක්ෂය ජේම්ස් වෙබ් වැනි දුරේක්ෂය මගින් පෘථිවි  වායුගෝලයේ ඇති මන්දාකිණි හා නිහාරිකා පිළිබඳව නිරික්ෂණය කරයි. ජාත්‍යන්තර  හවුල්කාරිත්වයන් ප්‍රධාන තාරකා විද්‍යාත්මක ව්‍යාපෘති සහ මුලපිරිම් මෙහෙයවයි. Nasa, Esa, හා ජාත්‍යන්තර නිරික්ෂණාගාර වැනි සහයෝගිතා පර්යේෂණ උත්සාහයන් ලොව පුරා සිටින තාරකා විද්‍යාඥයින්ට පුළුල් පරාසයක දුරේක්ෂ සහ උපකරණවල වලින් දත්ත වෙත ප්‍රවේශ විමට සහ විශ්ලේෂණය කිරිමට හැකි බව සහතික කරයි.

 

Author

Related Articles

Back to top button