Life Styleවිශේෂාංග

ටෙම්පර්ඩ් ග්ලාස් නිපදවන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

අලුත් දුරකථනයක් මිලදී ගැනීමේදී ඔබ බොහෝ දෙනෙකු කරන පලමු කාර්යය වන්නේ “ටෙම්පර්ඩ් ග්ලාස්” එකක් දමාගැනීමයි. එත් ඔබ දන්නවාද කොහොමද මෙම ටෙම්පර්ඩ් ග්ලාස් නිපදවන්නේ කියා? පලමුව වීදුරුවක් ගෙන අපට අවශ්‍ය හැඩේට කපාගන්නා අතර එහි තියුණු දාර වැලිකඩදාසියක් මගින් ඉවත් කරයි. ඉන්පසු මෙම වීදුරුව 600°C වැනි ඉහල උෂ්ණත්වයකට රත් කරයි. රත් වූ වීදුරු ඉක්මනින් සිසිල් කිරීම කරයි. සිසිල් කිරීමේ ක්‍රියාවලිය අතරතුරදී වීදුරුවට ඉහළ පීඩනයක් යටතේ වායුවක් විදීම සිදු කරයි. එමගින් වීදුරුවේ පිටත ඇතුලතට සාපෙක්ෂව ඉක්මනින් සීතල වේ. මෙලෙස ඇතිවන උෂ්ණත්ව වෙනස නිසා වීදුරුවේ පිටත සංකෝචනය වීමට උත්සහ කරන අතර වීදුරුවේ ඇතුලත ප්‍රසාරණය වීමට උත්සහ කරයි. මෙලෙස ඇතිවන ආතතිය ටෙම්පර්ඩ් ග්ලාස් එකට අමතර සවිමත් බවක් දීමටද හේතුවේ.

Author

Related Articles

Back to top button