Uncategorized

විද්‍යා ඊ නිව්ස් ලිපි තරඟාවලිය 2023 (ලිපි රචනයට උපදෙස් )

විද්‍යා ඊ නිව්ස්

විද්‍යා ඊ නිව්ස් වෙබ් අඩවිය සඳහා ලිපි ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්

විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රචලිත කිරීමේ සහ දැනුම් පරතරය අවම කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන විද්‍යා ඊ නිව්ස් වෙබ් අඩවිය සඳහා ලිපි ඉදිරිපත් කිරීමේදී පහත උපදෙස් අනුගමනය කළ යුතුය.

විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රවර්ධනය සඳහා විද්‍යාව, තාක්‍ෂණය, නවෝත්පාදන ආදී ක්ෂේත්‍රවල නව දැනුම, නවෝත්පාදන, නව තාක්‍ෂණ, විවිධ පර්යේෂණ සහ ඒ ආශ්‍රිත සොයාගැනීම් පිළිබඳ ලිපි ඉදිරිපත් කළ යුතුය. පහත සඳහන් ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ලිපි ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  1. කෘතිම බුද්ධිය (Artificial Intelligence)
  2. වැඩි දියුණු කළ යථාර්ථය (Augmented Reality)
  3. ජෛව තාක්ෂණය (Biotechnology)
  4. රොබෝ විද්යාව (Robotics)
  5. ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D Printing Technology)
  6. තාරකා විද්යාව (Astronomy)
  7. වලාකුළු පරිගණන තාක්ෂණයන් Cloud Technologies
  8. නැනෝ තාක්ෂණය (Nanotechnology)
  9. පර්යේෂණ හා සංවර්ධන (Research & Development)
  10. නවෝත්පාදනය (Innovation)
  11. උපාංග අතර අන්තර්ජාලය (Internet of Things)
  12. ස්වාභාවික විද්‍යාවන් (Life Sciences)

 

ලිපියේ ව්‍යුහය

  • සියලුම ලිපි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රකාශනයේ පහසුව සඳහා කරුණාකර පහත අකුරු මෝස්තර සහ ප්‍රමාණ භාවිතා කරන්න.

ඉංග්‍රීසි – Arial Font (size 11)

සිංහල   – Iskoola Pota (size 11)

දමිළ – Unicode Font (size 11)

 

  1. මාතෘකාව

අන්තර්ගතයට ගැලපෙන පරිදි මාතෘකාව ඉතා සංක්ෂිප්තව යොදන්න. (අකුරු ප්‍රමාණය 14)

 

  1. කර්තෘ

කරුණාකර ඔබේ ලිපියේ පහළින් කර්තෘගේ විස්තර සඳහන් කරන්න.

කර්තෘගේ නම:

තනතුර:

කාර්යාලීය ලිපිනය:

පාසල/විශ්වවිද්‍යාලය/ආයතනය:

විද්‍යුත්-තැපැල් ලිපිනය:

දුරකථන අංකය: (නිවස) (කාර්යාලය)

ලිපිනය:

මෑතකදී ගත් ඡායාරූපයක්:

 

  1. සාරාංශය

වචන 150කට නොවැඩි කෙටි සාරාංශයක් ප්‍රමාණවත් වේ. ලිපියේ ප්‍රධාන අරමුණ කෙටියෙන් පැහැදිලි කළ යුතු නමුත් උපුටාගැනීම් සඳහන් නොකළ යුතුය.

 

  1. මූල පද (keywords/tags)

ලිපිය ඉක්මනින් සොයා ගැනීමට උපකාරී වන, ලිපියේ මාතෘකාවට අදාළ වචන 5ක් පමණක් භාවිතා කරන්න.

 

  1. රූප/රූප සටහන් ආදිය (graphics)

තනි, සංක්ෂිප්ත රූපයක් හරහා ඔබේ පත්‍රිකාවේ අන්තර්ගතය පාඨකයන් වෙත එක්වර දර්ශනය කළ හැකි විය යුතුය.. රූප/රූප සටහන් ඇතුලත් කිරීම අනිවාර්යයය නොවන නමුත්, එය ඔබගේ ලිපියෙහි අඩංගු කරුණු වඩාත් පැහැදිලිව ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමට උපකාර වනු ඇත.

 

  1. අන්තර්ගතය

සෑම ලිපියකම අවම වශයෙන් වචන 350 ක් සහ උපරිම වචන 1500 ක් තිබිය යුතුය.

 

  1. ඉදිරිපත් කිරීම

ලිපි විද්‍යුත් මාධ්‍යය ඔස්සේ පමණක් සැපයිය යුතු අතර දී ඇති උපදෙස් වලට අනුකූල විය යුතුය. ඔබගේ ලිපි vidyaenews@gmail.com විද්‍යුත්-ලිපිනයට පමණක් යොමු කරන්න. ඔබේ ලිපිය WORD ආකෘතියෙන් පමණක් ඉදිරිපත් කළ යුතුය.

 

  1. ග්‍රැෆික් නිර්මාණ (Artworks)

රූප සටහන් word ෆයිල් එක තුළ නිවැරදිව ස්ථාපනය කළ යුතු අතර ඒවායේ මුල් ආකෘතීන් සහ වෙන්වූ රූප සටහන් ගොනු ලෙස ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වන අවස්ථාවන් වලදී, එම රූප සටහන්වලට අදාල ස්ථානයන්හි word ෆයිල් එක තුළ නිවැරදිව රූප සටහනට අදාල අංක යෙදිය යුතුය. ඔබගේ රූප සටහන් jpeg, pdf, PSD, සහ TIFF යන format ලෙස ලබාදිය හැකිනම් ඉතා අගයකොට සලකන අතර, ඒවා වෙනම ෆොල්ඩරයකට ඇතුළත් කර zip/rar (compress) කර එවීම වඩාත් උචිත වේ. හැකිතාක් විභේදන බලය ඉහල අගයක් ගන්නා (high resolution) රූප (ග්‍රැෆික්) සටහන් භාවිතා කරන්න.

(වෙබ් අඩවියේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට මෙම කරුණු වැදගත් බව කරුණාවෙන් සලකන්න.)

 

  1. උපුටා දැක්වීම් / මූලාශ්‍ර

 

  • කතුවරයෙකුගෙන් සහ ප්‍රකාශනයකින් උපුටා දැක්වීමේදී,

ආකෘතිය:           කර්තෘගේ වාසගම (ප්‍රකාශිත වර්ෂය) හෝ

                [කර්තෘගේ වාසගම (ප්‍රකාශිත වර්ෂය)]

උදා: Karunanayake (2002) or (Karunanayake 2002).

 

  • සඟරාවකින් උපුටා දැක්වීමේදී,

ආකෘතිය:        1. කර්තෘ හෝ කර්තෘ. වාසගමට පසුව මුලකුරු යෙදේ.

  1. ලිපිය ප්‍රකාශයට පත් කළ වර්ෂය.
  2.            ලිපි මාතෘකාව (පෙරලූ කොමා තුළ).
  3.            සඟරා මාතෘකාව (ඇල අකුරු වලින්).
  4.            සඟරාවේ වෙළුම් අංකය.
  5.             සඟරාවේ කලාප අංකය.
  6.            උපුටා දක්වන ලද පිටු අංක/පරාසය.

 

උදා: Zeng R. J., Lemaire R., Yuan Z. & Keller J. 2004 ‘A novel wastewater treatment process: simultaneous nitrification, denitrification, and phosphorus removal’. Water Science and Technology, 50(10), 163-170.

 

  • පොතකින් උපුටා දැක්වීමේදී,

ආකෘතිය:           1. කර්තෘ හෝ කර්තෘ. වාසගමට පසුව මුලකුරු යෙදේ.

  1.                 පොත/ විද්‍යුත් -පොත ප්‍රකාශනය කළ වර්ෂය.
  2. මාතෘකාව (ඇල අකුරු වලින්).
  3. සංස්කරණය.
  4. ප්‍රකාශකයා.
  5. ප්රකාශන ස්ථානය.
  6. උපුටා දක්වන ලද පිටු අංක

 

උදා: Henze M., Harremoës P., LaCour Jansen J. & Arvin E. 2018, Biotechnology, J. Winter (ed.), 2nd edn, Wiley-VCH Verlag, Weinheim, Germany, pp. 455-478.

 

වෙබ් අඩවියකින් ලබාගත් විද්‍යුත් පොත් (e-books)සඳහා, ප්‍රකාශන ස්ථානය ‘ වෙබ් අඩවියෙහි පරිශීලනය කල යොමුව හා දිනය’ මඟින් ප්‍රතිස්ථාපනය කරන්න.

 

උදා: Henze M., Harremoës P., LaCour Jansen J. & Arvin E. 2018, Biotechnology, 2nd edn, Wiley-VCH Verlag, Weinheim, <https://www.gutenberg.org/files/40077/40077-h/40077-h.htm>, pp. 455-478.

 

  • මාර්ගගත උපුටා දැක්වීමේදී,

 ආකෘතිය:       1. කර්තෘ හෝ කර්තෘ. වාසගමට පසුව මුලකුරු යෙදේ.

  1.                 ලිපිය ප්‍රකාශයට පත් කළ වර්ෂය.
  2.                 මාතෘකාව (ඇල අකුරු වලින්).
  3. ප්‍රකාශකයා. ආයතනික කතුවරයකු සිටින විට, ප්‍රකාශකයා සහ කර්තෘ සමාන විය හැකිය.
  4. පරිශීලනය කල දිනය.
  5. වෙබ් ලිපිනය <කෝණික වරහන් තුළ>

 

              උදා: Cancer Council 2017, Causes of cancer, Cancer Council, viewed 21 May 2018, <https://www.cancer.org.au/about-cancer/causes-of-cancer/>.

 

ඉදිරිපත් කිරීම් පිරික්සුම් ලැයිස්තුව

ලිපියක් සමාලෝචනය සඳහා අප වෙත එවීමට පෙර එහි අවසාන පරීක්ෂා කිරීමේදී පහත ලැයිස්තුව ප්‍රයෝජනවත් වනු ඇත. ලිපිය ඉදිරිපත් කිරීමට පෙර, ඔබ පහත පිරික්සුම් ලැයිස්තුව සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කළ යුතුය.

 

  • ලිපියේ කතුවරයාගේ නම සඳහන් වී ඇත්ද?
  • ලිපියේ කතුවරයාගේ ඊමේල් ලිපිනය සඳහන් වී ඇත්ද?
  • මූලපද, රූප සටහන්, වගු, සටහන් ආදිය නිවැරදිව භාවිත කර ඇත්ද??
  • ලිපියේ ව්‍යාකරණ නිවැරදිව භාවිතා කර තිබේද?
  • උපුටාගැනීම් නිවැරදිද?
  • යොමු/උපුටා ගැනීම් (අවශ්‍ය තැන්වල) සඳහා කතුවරයාගෙන් අවසරය ලබාගෙන තිබේද?

 

මීට අමතරව, ඔබ පහත සඳහන් පොදු කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය

  • විවිධ සිංහල සහ දෙමළ මාධ්‍යවල පළවන ලිපි (පුවත්පත්, වෙබ් පිටු, සඟරා ආදිය) කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව සම්පූර්ණයෙන් පිටපත් කිරීම නොකළ යුතුය.
  • ඔබ විසින්ම ලිපියක් ලියන්නේ නම්, එහි අන්තර්ගතයේ සත්‍යතාව ඇතුළුව ලිපියේ නිරවද්‍යතාවය සඳහා ඔබ වගකිව යුතුය.
  • ලිපි ප්‍රකෝපකාරී, මතභේදාත්මක හෝ විවාදාත්මක නොවිය යුතුය.
  • පුද්ගලයෙකු හෝ නිෂ්පාදනයක් ප්‍රචාරණය කිරීමේ මූලික අරමුණ ඇතිව ලිපි ඉදිරිපත් නොකළ යුතුය.
  • ලිපිය විද්‍යාව, තාක්‍ෂණය සහ ව්‍යවසායක සංවර්ධන යන ක්ෂේත්‍රවල නව දැනුම, පිළිගත් නව්‍ය තාක්‍ෂණය, විවිධ පර්යේෂණ සහ ක්‍රියාකාරකම් මත පදනම් විය යුතු අතර ඊට අදාල (පුද්ගලයින්/නිෂ්පාදන) සැලසුම් පිළිබඳ තොරතුරු ඇතුළත් කළ හැකිය.
  • විවිධ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන පත්‍රිකා සහ දැන්වීම් වැනි ප්‍රකාශන භාවිතයෙන් ලිපි ඉදිරිපත් කිරීම හැකිතාක් අවම කළ යුතුය.

 

පාසැල් දරුවන් සඳහා විශේෂ උපදෙස්:

  • කරුණාකර දරුවන් තම ලිපි අප වෙත යොමු කිරීමේදී පහත දත්ත සමඟ නිවැරදිව යොමු කරන්න.
  1. ඔබගේ පාසලේ නම
  2. ඔබගේ පන්තිය
  3. ඔබගේ පාසලේ ලිපිනය

 

  • ළමා විද්‍යාගාරය සඳහා යොමු කරන ලිපිවල අවම වශයෙන් වචන 200ක්වත් ඇතුළත් විය යුතු අතර,ඔබට හැකියාව පවතී නම් සෑමවිටම වචන 1500 දක්වා ඔබගේ ලිපියෙහි වචන අන්තර්ගත කළ හැක.
  • දරුවන් අප වෙත යොමු කරන ලිපි සඳහා Word ෆයිල් එකක් එවීම අත්‍යාවශ්‍යය නොවන නමුත්,හැකි සෑමවිටකදීම කියවීමට පහසු ආකාරයට ලිපි යොමු කිරීමට දරුවන් උත්සාහ කළ යුතුය.

 

විද්‍යා ඊ-නිව්ස් ලිපි තරඟාවලිය 2023 සඳහා විශේෂ උපදෙස්

මෙම ලිපි තරඟාවලිය විශ්ව විද්‍යාල,විවෘත හා පාසැල් යන කාණ්ඩ 3ක් යටතේ පැවැත්වීමට මෙවර අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව,

විශ්ව විද්‍යාල කාණ්ඩය වශයෙන් – විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්යය මණ්ඩලය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සැලකෙන අතර, ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී මෙම උප කාණ්ඩ සලකා බැලේ.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩලය තරඟයේ විවෘත කාණ්ඩය යටතට ගැනේ.

විවෘත කාණ්ඩයට ඉහත කාණ්ඩ කිසිවකට අයත් නොවන පිරිස අයත් වේ.

පාසැල් කාණ්ඩය වශයෙන්- සියළුම රජයේ සහ පෞද්ගලික පාසැල්වල අධ්‍යයන කාර්යය මණ්ඩලය, විදුහල්පතිවරුන්,ගුරුවරුන් හා සිසු සිසුවියන් සැලකෙන අතර, සෙසු අනධ්‍යයන කාර්යය මණ්ඩලය විවෘත කාණ්ඩය යටතට ගැනේ. ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී මෙම උප කාණ්ඩ සලකා බැලේ.

එබැවින් ඔබ ලිපි එවන සෑම අවස්ථාවකදීම අප විසින් ඉහත දක්වා ඇති කර්තෘ පිළිබඳ තොරතුරු පැහැදිලිව යොමු කිරීමට වගබලා ගන්න.

සැ.යු.: ලබා දී ඇති කාල සීමාවට පසු යොමු කරන කිසිඳු ලිපියක් තරඟය සඳහා ඇතුලත් කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

Author

Related Articles

Back to top button