අතීතයේ සිට නූතන ලෝකය දක්වා නැනෝ තාක්ෂණය
පී.ඒ.අයි. එම්. ප්‍රියංකා
නැනෝ තාක්ෂණය
නැනෝ පරිමාණයේ අංශු පිලිබඳ අධ්‍යයනයන් හා පර්යේෂණයන් මේ යටතේ සිදු කරන අතර බොහෝ ක්ෂේත්‍ර සදහා වර්තමානයේදී භාවිතා කරයි.
නැනෝ පරිමාණය
නැනෝ යනු, ග්‍රීක භාෂාවේ “නැනෝස්” යන්න හා ලතින් භාෂාවේ “නැනුස්” යන්න එකතු වී සෑදුනකි. අන්තර් ජාතික ඒකක ක්‍රමයට අනුව නැනෝ යන්නෙහි තේරුම 10-9 හෙවත් බිලියනයෙන් පංගුව යන්නයි. නැනෝ මීටර් 1ක් (1nm) යනු මීටරයෙන් බිලියනයෙන් පංගුවකි.
නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය සදහා උදාහරණ:- මිනිස් DNA අණුවක විෂ්කම්භය 5 nm වේ.
- කෙස් ගසක ඝනකම 80,000-100,000 nmවේ.
- සාමාන්‍යයෙන් පරමාණුවක විෂ්කම්භය 1 nm වේ. [2]
නැනෝ තාක්ෂණය යනු කුමක්ද?
1-100 nm අතර ප්‍රමාණයේ ඇති පදාර්ථ නැනෝ පදාර්ථ ලෙස හැදින්වේ. මිනිසා විසින් විවිධ අවශ්‍යතා සදහා නැනෝ අංශු නිපදවන අතරම ස්වභාවිකවද නැනෝ අංශු ඇතිවේ. ද්‍රව්‍යයක මාන ඇසුරින් එක් මානයක් හෝ නැනෝ පරිමාණයේ ඇත්නම් එම ද්‍රව්‍යය නැනෝ ද්‍රව්‍යයක් ලෙස සැලකේ. එසේම ද්‍රව්‍යයක් භෞතික පරිමාණයේ සිට නැනෝ පරිමාණය දක්වා යාමේදී ද්‍රව්‍යයෙහි ගුණ සැලකිය යුතු ලෙස වෙනස් වේ. මෙම වෙනස් වීම් නැනෝ තාක්ෂණික නිර්මාණ සදහා යොදගනි. එසේ වෙනස් වන ලක්ෂණ කීපයක් නම්:
- කාමරඋෂ්ණත්වයේදීඝනතත්ත්වයේ පවතින ද්‍රව්‍ය කලිල ද්‍රාවණයක් (colloidal solution) ලෙස පවත්වා ගත හැකි වීම (රත්තරන්). නමුත් මෙම ද්‍රාවණය තුල අංශු ඝන තත්ත්වයේ පවතී. රත්තරන්වල වර්ණය ද වෙනස් වේ.
- අර්ධ සන්නායකසන්නායකබවටපත්වීම (සිලිකන්).
- පාරාන්ධද්‍රව්‍යවිනිවිදපෙනෙන ද්‍රව්‍යබවටපත් වීම (තඹ).[3]
නැනෝ තාක්ෂණයේ විකාශණය
- 1957 වර්ෂයේදී රිචඩ් ෆෙයින්මන් (Richard Feynman) නම් ඇමෙරිකන් ජාතික විද්‍යාඥයා විසින් පලමුවරට නැනෝ තාක්ෂණය හදුන්වා දුන්නේය.
- 1959 වර්ෂයේ පැවැත්වූ ඇමෙරිකානු භෞතික විද්‍යා සැසි වාරයේදී රිචඩ් ෆෙයින්මන් නම් විද්‍යාඥයා විසින් සිදුකල “පතුලේ බොහෝ ඉඩ තිබේ” (There’s plenty of room at the bottom) යන දේශනයේදී නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය පිලිබද අදහස් දැක්වීය. [4]
- නැනෝ තාක්ෂණය යන වචනය මුලින්ම ලොවට හදුන්වා දෙන ලද්දේ එන්.ටනිගුචි (N. Taniguchi) නම් විද්‍යාඥයා විසින් 1974දී ටෝකියෝ නගරයේ පැවැත්වූ කාර්මික නිෂ්පාදනය පිලිබද ජාත්‍යන්තර සමුළුවේදීය. [5]
- එතැන් පටන් නැනෝ තාක්ෂණ ක්ෂේත්‍රය ක්‍රමයෙන් දියුනු වූ අතර 1980-1990 අතර කාලයේදී නැනෝ තාක්ෂණය පිලිබද වැදගත් සොයාගැනීම් ගණනාවක් ප්‍රකාශයට පත්විය. ඉන්පසු ක්ෂේත්‍රය පිලිබද පර්යේෂණ සැලසුම් හා නිර්මාණ බොහොමයක් බිහිවූ අතර ප්‍රායෝගික යෙදවීම්ද පුළුල් විය. [4]
වර්තමානයේදී ජෛව තාක්ෂණය, අභ්‍යවකාශ ගවේෂණය, බලශක්ති උත්පාදනය ආදී ක්ෂේත්‍ර වල යෙදවීමට තරම් නැනෝ තාක්ෂණය දියුනු වී ඇත.
අතීතයේ නැනෝ තාක්ෂණය
නැනෝ යුගය, නැනෝ තාක්ෂණික ප්‍රබෝධය ඇතිවීමට බොහෝ කලකට පෙර, එනම් මිනිසුන් නැනෝ යන වචනය නොදන්නා කාලයේ දී ද අපගේ මුතුන් මිත්තන් විවිධ කාර්යයන් සදහා නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය භාවිතා කර ඇත.
- ක්‍රි.පූ. යුගයේ ජීවත් වූ ජනයා රෙදිපිළි නිෂ්පාදනයේදී එම රෙදි වලින් වැඩිපුර ප්‍රයෝජන ලබාගැනීම සදහා 1-20 nm ප්‍රමාණයේ සිදුරු ජාලයක් යොදාගෙන ඇත. එමගින් දහඩිය හොදින් අවශෝෂණය කරගන්නා අතර රෙදි ඉක්මනින් වියලෙයි.
- “ලයිකර්ගස් කුසලානය”(Lycurgus cup), මෙහි 50-100 nm ප්‍රමාණයේ රන් හා රිදී අංශු ආලේප කර ඇත. මෙයට එල්ල කරන ලද ආලෝක ප්‍රභවයේ පිහිටීම අනුව පාත්‍රයෙහි වර්ණය වෙනස් වේ.
- කුරුස යුද්ධයේදී භාවිත කල “ඩැමස්කස්” වානේ වලින් සාදන ලද අසිපත්හි වානේ වල නැනෝ තන්තුමය ව්‍යුහයක් තිබී ඇත.
- අතීත ජනයා පාන්,වයින්,චීස් ආදී ආහාර ද්‍රව්‍ය සැකසීමේදී නැනෝ මට්ටමේ පැසවීමේ ක්‍රියාවලියක් යොදා ගන්නා ලදී. [4]
රූපය 2: ලයිකර්ගස් කුසලානය [6] හා නැනෝ තන්තු යෙදූ ඩැමස්කස් අසිපතක්[7]
නැනෝ අංශු ඇතිවීම හා නිපදවීම
ස්වභාවිකව නැනෝ අංශු ඇතිවන අතර විවිධ ක්ෂේත්‍රයන්හි යෙදීම් සහ අවශ්‍යතා සදහා ද මිනිසා විසින් නැනෝ අංශු නිපදවයි. වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනයේදී අතුරු ඵල ලෙසද නැනෝ ද්‍රව්‍ය නිපදවේ. යොදාගන්නා ක්ෂේත්‍රයේ අවශ්‍යතාව පරිදි නියමිත නැනෝ පරාසය, අංශු ප්‍රමාණය, රසායනික සංයුතිය, ස්ඵටිකභාවය වැනි ලක්ෂණ මත නිපදවීමේ ක්‍රමය තෝරාගත යුතුය. නැනෝ අංශු නිපදවීමේ ප්‍රධාන ක්‍රම 2කි.
1. ඉහල සිට පහලට (top – down) ක්‍රමය
ක්ෂුද්‍ර පද්ධති තාක්ෂණික මූලධර්ම (principles of micro systems technology) මත පදනම් වූ යාන්ත්‍රික භෞතික නිෂ්පාදන ක්‍රියාවලියකි. යාන්ත්‍රික ඇඹරීමේ සහ කුඩු කිරීමේ ක්‍රියාවලියක් මගින් ද්‍රව්‍ය නැනෝ ද්‍රව්‍ය බවට පත් කරයි.
2. පහල සිට ඉහලට (bottom – up) ක්‍රමය
පරමාණු සහ අණුවල සැකැස්මෙහි භෞතික හා රසායනික මූලධර්ම මත පදනම් වූ ක්‍රියාවලියකි. මේ මගින් නැනෝ අංශුවල හැඩය සහ ප්‍රමාණය වඩා හොදින් පාලනය කල හැක. [8]
විවිධ භෞතික රසායනික හා ජෛව ක්‍රියාවලි මගින් ස්වාහාවික නැනෝ අංශු ඇතිවේ. ස්වභාවික පරිසරය තුල පවතින නැනෝ අංශු ජෛව භූ රසායනික ගෝලය තුල සංචලනය වෙමින් පවතී. පෘථිවි ගෝලය තුල සිදුවන සංසිද්ධි සදහා මෙම අංශු මගින්ද බලපෑමක් ඇති කරයි.ස්වාහාවික නැනෝ ව්‍යුහ ඇතිවන ක්‍රම:
කාලගුණික වෙනස්වීම්, ස්වභාවික න්‍යෂ්ටික ප්‍රතික්‍රියා, ප්‍රකාශ ඔක්සිකරණය, රෙඩොක්ස් ප්‍රතික්‍රියා, භෞතික විඛණ්ඩනය, අවක්ෂේපකරණ ප්‍රතික්‍රියා මගින් ස්වාභාවිකව නැනෝ ව්‍යුහ ඇතිවේ. [9] [23]
නැනෝ තාක්ෂණයේ යෙදීම්වර්තමානයේ බොහෝ ක්ෂේත්‍ර වල නැනෝ තාක්ෂණික යෙදීම් දැකගත හැක. බොහෝ විෂය ක්ෂේත්‍ර නව මානයන් කරා ගෙන යාමට හා විප්ලවීය ලෙස දියුණු වීමට නැනෝ තාක්ෂණය හේතු වී ඇත. නැනෝ තාක්ෂණයේ භාවිතයන් කීපයක් පහතින් දක්වා ඇත.
එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය හා ක්‍රියාවලි සදහා නැනෝ ද්‍රව්‍ය යොදාගැනීම
- රෙදි වල මතුපිටට නැනෝ පරිමාණ ද්‍රව්‍ය එකතු කිරීමෙන් රෙදි වල රැලි වැටීම්, බැක්ටීරියා වර්ධනය වීම් සහ පැල්ලම් ගැසීම් අවම කරගත හැක.
- යන්ත්‍ර කොටස් සදහා නැනෝ ව්‍යුහගත සෙරමික් ආලේපන යෙදීම. මෙවිට එම යන්ත්‍ර කොටස් වල දැඩි බව වැඩිවේ. කාර්මික යන්ත්‍රෝපකරණ වල චලනය වන කොටස් සදහා නැනෝ තාක්ෂණය මගින් සක්‍රිය කරන ලද ලිහිසි තෙල් හා එන්ජින් ඔයිල් යෙදීම මගින් ගෙවී යාම අඩුකර ආයු කාලය වැඩි කරයි.
- පරිඝනක, ඇස් කණ්ණාඩි, කැමරා වැනි උපකරණ සදහා නැනෝ පටල යෙදීම මගින් ජලය සහ අපද්‍රව්‍ය විකර්ශණය වීම, පාරජම්බූල හෝ අධෝරක්ත කිරණ වලට ප්‍රතිරෝධී වීම, ප්‍රතික්ෂුද්‍ර ජීවී වීම හා විද්‍යුත් සන්නායකතාවය ඇති කල හැකිය.
- රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සදහා උත්ප්‍රේරක ලෙස නැනෝ අංශු භාවිතා කරයි. යෙදිය යුතු උත්ප්‍රේරක ප්‍රමාණය අඩු වන අතර ඇතිවන දූෂක ප්‍රමාණය අඩුය.
රූපය 5: නැනෝ අංශු එකතු කල රෙද්දක්[11] සහ කාබන් නැනෝ පටලයක්[12]
ඉලෙක්ට්‍රොනික විද්‍යාව
නැනෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිපථ විශ්ලේෂණය, ක්වොන්ටම් භෞතික විද්‍යාව, පද්ධති ඒකාබද්ධ කිරීම, උපාංග විශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර ගණනාවක පැතිරී යයි. ඉලෙක්ට්‍රොනික උපකරණ වල ප්‍රමාණය, විදුලි පරිභෝජනය හා බර අඩු කරන අතර ක්‍රියාශීලීත්වය වැඩි කරයි. විශාල තොරතුරු ප්‍රමාණයක් කළමනාකරණය කර ගබඩා කර තැබිය හැකි වේගවත්, කුඩා හා අතේ ගෙන යා හැකි පද්ධති වෙත මඟ පාදයි. [13] ·
- දෘශ්‍ය විද්‍යුත් විද්‍යාව (Optoelectronics )
ආලෝකය උත්පාදනය කිරීම, හඳුනා ගැනීම සහ හැසිරවීම සිදු කරන ඉලෙක්ට්‍රොනික උපාංග මේ යටතට ගැනේ. කාබන් නැනෝ ෆයිබර් සහ කාබන් නැනෝ ටියුබ් වැනි නැනෝ ද්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් විද්‍යාවේදී භාවිතා කරයි. බලශක්ති අර්බුදයට පිලියමක් ලෙස ද දෘශ්‍ය විද්‍යුත් විද්‍යාව භාවිතා කරයි. [14]
- ප්‍රදර්ශන තාක්ෂණය (Display technology)
නැනෝ වයර් වලින් සාදන ලද ඉලෙක්ට්‍රෝඩ මඟින් දැනට පවතින පැතලි තිර සංදර්ශක (flat panel displays) වඩා තුනීව හා නම්‍යශීලීව නිපදවීමට හැකි වේ. වර්තමාන ප්‍රදර්ශන තාක්‍ෂණයේ ඇති ප්‍රතිදීප්ත තිත් (fluorescent dots) වෙනුවට ක්වොන්ටම් තිත් (Quantum dots) ආදේශ කළ හැකිය. ක්වොන්ටම් තිත් සංදර්ශක නිපදවීමට පහසු වන අතර අඩු බලයක් අවශ්‍ය වේ. [15] ·
- බලශක්තිය
සාම්ප්‍රදායික හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යන දෙකෙහිම වර්ධනය සඳහා නැනෝ තාක්‍ෂණය යොදා ගත හැක. සුළං සහ උදම් බලශක්ති වල සැහැල්ලු හා වඩා රළු රෝටර් තල සඳහා සහ යාන්ත්‍රිකව පීඩනයට පත් වන සංරචක වල ඇඳීම් සහ විඛාදන ආරක්‍ෂක ස්ථර සඳහා ඉහළ කාර්‍යයන් (high duty) සහිත නැනෝ ද්‍රව්‍ය යෙදීම. සාම්ප්‍රදායික ස්ඵටිකරූපී සිලිකන් සූර්‍ය කෝෂ වලදී, වැඩි ආලෝක අස්වැන්නක් (higher light yield) සඳහා ප්‍රති- පරාවර්තක ස්ථර මඟින් කාර්යක්ෂමතාව වැඩි කළ හැකිය. [16] ·
- ග්‍රැෆීන් පදනම් කරගත් නැනෝ ද්‍රව්‍යය
ග්‍රැෆීන් නැවත ආරෝපණය කළ හැකි බැටරි වල බලශක්ති ධාරිතාව සහ ආරෝපණ අනුපාතය වැඩි දියුණු කරයි. සක්‍රිය ග්‍රැෆීන් බලශක්ති ගබඩා කිරීම සඳහා සුපිරි ධාරිත්‍රක නිපදවයි. ග්‍රැෆීන් ඉලෙක්ට්‍රෝඩ මඟින් මිල අඩු, සැහැල්ලු හා නම්‍යශීලී සූර්‍ය කෝෂ සෑදීය හැක. [17]
රූපය 6: ග්‍රැෆීන් සුපිරි ධාරිත්‍රක[18] හා කාබන් නැනෝ නල[19]
වෛද්‍ය සහ සෞඛ්‍යය සේවා
- වෛද්‍ය විද්‍යාව සදහා නැනෝ තාක්‍ෂණය යෙදීමෙන් නැනෝ වෛද්‍ය විද්‍යාව, රෝග වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා නිශ්චිත විසඳුම් ලබා දීම සිදු කරයි.
- ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී නැනෝ අංශු මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රතිදේහජනක ලබා දීම වැඩි දියුණු කිරීම.
- යම් විශේෂිත සෛල වෙත (පිළිකා සෛල වැනි)තාපය, ආලෝකය හෝ වෙනත් ද්‍රව්‍ය ලබා දීම සඳහා නැනෝ අංශු යොදා ගැනේ. මෙම ක්‍රමය මඟින් ශරීරයේ සෞඛ්‍යය සම්පන්න සෛල වලට වන හානිය අවම කරමින් රෝගී සෛල වලට සෘජුවම ප්‍රතිකාර කිරීමට ඉඩ සලසයි. [20] ·
- සෛල අළුත්වැඩියා කිරීම හා රෝගී සෛල වලට ප්‍රතිකාර කිරීම සදහා නැනෝ රොබෝවරු යොදා ගැනීම. [20]
- නැනෝ තාක්ෂණය මගින් සක්‍රිය සංවේදක සහ ද්‍රාවණ යෙදීම මගින් වඩා වැඩි සංවේදීතාවයකින් යුතුව වාතයෙහි හෝ පසෙහි රසායනික හෝ ජීව විද්‍යාත්මක සාධක හඳුනා ගැනීමට හැකි වීම ·
- කාර්‍යක්‍ෂමව ලවණ ඉවත් කිරීම (desalination) සඳහා නැනෝ සිදුරු සහිත තුනී පටල නිපදවා තිබීම.
- චුම්භක ජල විකර්ෂක නැනෝ අංශු තැන්පත් කිරීමෙන් ජලයෙන් තෙල් යාන්ත්‍රිකව ඉවත් කිරීම ·
- ජලයේ ඇති අපද්‍රව්‍ය ඉක්මනින් හඳුනාගෙන පිරිසිදු කිරීමෙන්, දැරිය හැකි මිලකට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවීම. [22]
නැනෝ තාක්ෂණයේ වාසි සහ අවාසි
නවීන තාක්ෂණය නව යුගයක් කරා ගෙනයාමට හැකි වුවද නැනෝ තාක්‍ෂණයෙහිද වාසි මෙන්ම අවාසි ද පවතී.
නැනෝ තාක්ෂණයෙහි වාසි
- භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා නැනෝ ටියුබ්, නැනෝ අංශු සහ ඒ හා සමාන වෙනත් ද්‍රව්‍යන් යෙදීමෙන්
ඒවාට වඩා ශක්තිමත්භාවයක් කල්පැවැත්මක් හා සැහැල්ලුභාවයක් එක් කරයි.
- බැටරි සූර්‍ය කෝෂ ආදිය කුඩා ප්‍රමාණයෙන් තැනිය හැකි අතර කාර්‍යක්‍ෂමභාවය ඉහල නැංවිය හැකිය.කුඩා හා කාර්‍යක්‍ෂම උපාංග සඳහා බලශක්ති නිපදවන, බලශක්ති අවශෝෂණ සහ බලශක්ති ගබඩා කිරීමේ නිෂ්පාදන වැඩි දියුණු කළ හැකිය. ·
- පටක පුනර්ජනනය, අස්ථි අළුත්වැඩියා කිරීම, ප්‍රතිශක්තිය සහ පිළිකා, දියවැඩියාව සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නැනෝ තාක්‍ෂණය යොදා ගනී. [13]
මේ ආකාරයට නැනෝ තාක්‍ෂණයේ අඛණ්ඩ වර්‍ධනය හේතුවෙන් තවත් බොහෝ අංශ ප්‍රතිලාභ ලබයි.
නැනෝ තාක්ෂණයේ අවාසි
- ඇතැම් වෙලඳ පොලවල් බිඳවැටීම.
- නැනෝ තාක්‍ෂණය යොදාගනිමින් වඩාත් බලවත් හා විනාශකාරී ලෙස න්‍යෂ්ටික අවි නිපදවිය හැකිවීම.
- ඉතා කුඩා අංශු ආශ්වාස කිරීමෙන් පුද්ගලයන්ට සෞඛ්‍ය ගැටලු පැන නැඟිය හැකිය.
- නැනෝ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීම දුෂ්කර වන අතර වියදමද අධිකය. එබැවින් නැනෝ නිෂ්පාදන වල මිල අධිකය.
- සාම්ප්‍රදායික ගොවිතැන හා නිෂ්පාදන කර්මාන්තයේ රැකියා අහිමි වීම.[13]
නැනෝ තාක්ෂණයෙහි අනාගතය
නැනෝ විද්‍යාව පුළුල් පරාසයක විහිදී ඇති අතර සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී. අනාගතයේ නැනෝ තාක්ෂණය මේ දක්වා විහිදේ යැයි නිශ්චිතව කිව නොහැකි නමුත් තවමත් තරුණ වියේ පසුවන මෙම තාක්ෂණය අනෙකුත් විද්‍යාවන් සදහා නැතුවම බැරි තත්වයට පත් වී ඇත.
මේ මොහොතේ මෙන්ම අනාගතයේත් අඛණ්ඩව වර්ධනය වන නැනෝ තාක්ෂණික ක්ෂේත්‍රය මගින් ලෝකය වඩා වේගවත් හා ශක්ති සම්පන්න ස්ථානයක් බවට පත් කරනු ඇත.
References:
[1] “nanotechnology .” . https://chembam.com/definitions/nanotechnology/ [2] “Just How Small Is ‘Nano’ National Nanotechnology Initiative.” https://www.nano.gov/about-nanotechnology/just-how-small-is-nano. [3] “Introduction to Nanotechnology – ppt download.” . [4] N. K. Tolochko, “SA NE M SC PL O E – C EO AP LS TE S M SC PL O E – C EO.” [5] “Nanotechnology History and future – JE Hulla, SC Sahu, AW Hayes, 2015.” . [6] “Lycurgus Cup – an overview ScienceDirect Topics.” . https://www.sciencedirect.com/topics/engineering/lycurgus-cup [7] “Windlass Damascus Steel Viking Sword Review.” . https://www.sword-buyers-guide.com/damascus-steel.html [8] “Nanoparticles – what they are, how they are made.” . https://www.nanowerk.com/how_nanoparticles_are_made.php [9] “Natural Nanoparticles, Anthropogenic NNatural Nanoparticles, Anthropogenic Nanoparticles, Where Is the Frontier_ _ Enhanced Reader.pdf. (n.d.).anoparticles, Where Is the Frontier_ _ Enhanced Reader.pdf.” . [10] “Nanotechnology – Lotus Effect,Lotus Effect Nanotechnology,Lotus Effect Applications,Lotus Effect on Textiles.” . [11] H. Kalita, V. S. Palaparthy, M. S. Baghini, and M. Aslam, “Graphene quantum dot soil moisture sensor,” Sensors Actuators B Chem., vol. 233, pp. 582–590, Oct. 2016, doi: 10.1016/j.snb.2016.04.131. [12] “Nano membranes Composites materials Nanomaterial chemistry and technology Journal.” . https://edelweisspublications.com/keyword/26/859/Nano-membranes [13] “Advantages and Disadvantages of Nanotechnology.” . https://nanogloss.com/nanotechnology/advantages-and-disadvantages-of– nanotechnology/ [14] “Adding an optoelectronic component to molecular electronics.” . https://www.nanowerk.com/spotlight/spotid=19178.php [15] “Nanoelectronics – Definition and Applications.” . https://www.azom.com/article.aspx?ArticleID=18333 [16] “Nanotechnology in Energy.” . https://www.nanowerk.com/nanotechnology-in-energy.php [17] “Graphene Nanotechnology in Energy.” . https://www.nanowerk.com/graphene-nanotechnology-in-energy.php [18] “Graphene Batteries – An Insiders Guide Cheap Tubes.” . https://www.cheaptubes.com/graphene-batteries-an-insiders-guide [19] “Carbon Nanotubes Nanotechnologies 3d Rendering Stock Illustration 1090614071 Shutterstock.” . https://www.shutterstock.com/image-illustration/carbon-nanotubes-nanotechnologies-3d-rendering-1090614071 [20] “Nanotechnology in Medicine Nanoparticles in Medicine.” . https://www.understandingnano.com/medicine.html [21] “Proof-of-concept nanorobot design exposes cancer cells.” . https://www.europeanpharmaceuticalreview.com/article/109328/designing-nanorobots-to-expose-cancer-cells/ [22] G. J. Gentile and M. M. Fidalgo de Cortalezzi, “Nanotechnology and the environment,” Harnessing Nanoscale Surface Interactions: Contemporary Synthesis, Applications and Theory. pp. 41–76, 2019, doi: 10.1016/B978-0-12-813892-2.00002-1. [23] Sharma, V. K., Filip, J., Zboril, R., and Varma, R. S. (2015). Natural inorganic nanoparticles – formation, fate, and toxicity in the environment. Chem. Soc. Rev. 44, 8410–8423. doi: 10.1039/C5CS00236B