Must Readස්වාභාවික විද්‍යාව

ටාර්ඩිග්‍රේඩයන් ඕනෑම අහිතකර තත්වයක් දරාගත හැකි, මිහිමත වෙසෙන දැඩිම ජීවි විශේෂය

සෙයියද් ශහමි

පාද අටක් සහිත, ශරීරය ඛණ්ඩනය වූ සාමාන්‍ය ශරීර ප්‍රමාණය මි.මී.0.5 (අඟල් 0.020) වන ක්ෂුද්‍ර-අපෘෂ්ඨවංශී සත්ව කොට්ඨාශයක් වන, දිය වලසා හෝ පාසි ඌරු පැටියා (water bears or moss piglets) ලෙසද හඳුන්වනු ලබන ටාර්ඩිග්‍රේඩයන් විද්‍යාත්මකව සොයාගෙන ඇති පරිදි ඕනෑම අහිතකර තත්වයකදී නොමැරී ජීවත් විය හැකි, දැනට ලොව සිටින දැඩිම ජීවින් වේ. ඔවුන් වලසෙකුගේ ක්ෂුද්‍ර ස්වරූපයට බෙහෙවින් සමාන බැවින් වර්ෂ 1773දී ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වන Johann August Ephraim Goeze විසින් ප්‍රථම වරට විස්තර කිරීමේදී ඔහු විසින් මෙම සත්වයාට “කුඩා දිය වලසා” (“little water bears”) යන නම ලබා දෙනු ලැබීය.

මොවුන් ඇන්ටාක්ටිකාව, ගැඹුරු ජලය, නිවර්තන වැසි වනාන්තර, සහ කඳු මුදුන් ඇතුලු පෘථිවියේ විවිධ ජෛවගෝල ගණනාවකම හඳුනා ගෙන ඇත. මෙම සත්වයන්ට, අනෙකුත් සත්ව විශේෂ බොහොමයක් පහසුවෙන් විනාශ වන අතිශය දැඩි උෂ්ණත්වය, පීඩනය සහ වායුව රහිත, විකිරණශීලි, විජලනය වන අති දුෂ්කර මෙන්ම ආහාර නොමැති පාරිසරික තත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව පවතී. ටාඩිග්‍රේඩයන්ට අභ්‍යවකාශයේ වුවද නොනැසී පැවතිය හැකිවේ. ටාඩිග්‍රේඩ සත්ව වංශය යටතේ වන බාහිර ශරීරාවරණය ඉවත්කිරීම (ecdysis) සිදුකරන super phylum Ecdysozoa උප වර්ගයට විශේෂ 1,400කට ආසන්න ප්‍රමාණයක් අයත්වන බව දැනට හඳුනාගෙන ඇත.

පෙඳ පාසි හෝ ලයිකන මත සුලබව වෙසෙන ටාර්ඩිග්‍රේඩයන් කුඩා අපෘෂ්ඨවංශීන්, ඇල්ගී සහ ශාක සෛල ආහාරයට ගනී. ශිෂ්‍යයන් සහ ආධුනික පර්යේෂකයින් වෙනුවෙන් එකතු කිරීමෙන් අනතුරුව ඔවුන් අඩු බලයක් සහිත අන්වීක්ෂයකින් පවා දැකගත හැකිය.

Image Credit: https://www.micropia.nl/en/discover/news/2019/12/23/Tardigrades-have-a-shield-against-radiation/

විස්තරය:

විශාලතම සුහුඹුල් ටාර්ඩිග්‍රේඩයන්ගේ ශරිරය මි.මී. 1.5ක් (අඟල් 0.059) පමණ විය හැකි අතර කුඩාම සතුන් මි.මි. 0.1කට (අඟල් 0.0039) වඩා අඩුය. අලුතින් බිහිවු පැටවු මි.මි. 0.05කට (අඟල් 0.0020 ) වඩා කුඩා විය හැකිවේ. බැරල් හැඩති ශරීරයක් සහ කොට මහත පාද යුගල හතරක් ඇති මෙම සතුන්ගේ එක් පාදයක නඛර 4 සිට 8ක් සහිත වන අතර ඒවා ශාක මත එල්ලී නැගීමට උපකාරීවේ,  buccopharyngeal apparatus ලෙස හඳුන්වන මුඛ කොටස ශාක හෝ ක්ෂුද්‍රජීවින්ගෙන් පෝෂක උරාගැනීමට හැකි අයුරින් සකස්වී ඇත. විශේෂ  ගණනාවකටම ප්‍රතිරූප සෑදිය නොහැකි ලෙස සැළකෙන, කාච රහිත ප්‍රභාග්‍රාහක වර්ණක අඩංගු කෝප්පයක් වැනි ඇස් (pigment-cup eyes) යුගලක් තිබේ. එබැවින් ඔවුන්ගේ ආලෝකයට ප්‍රතිචාර දැක්වීම “රූපය හෝ අවකාශය මත රඳා පවතිනවාට වඩා දිශානතිය හෝ ආලෝක තීව්‍රතාවය මත රඳා පවතිනවා විය හැකිය”.

වාසස්ථාන:

ක්ෂුද්‍ර ජලජ ටාර්ඩිග්‍රේඩ සත්වයන් සාමාන්‍යයෙන් ලයිකන හෝ පෙඳ පාසි මත බහුලව වෙසෙන අතර ලීටරයකට සතුන් 25,000 දක්වා පමණ ඝනත්වයෙන් පස්, කොළරොඩු සහ මුහුදු ජලය හෝ මිරිදිය ජලයේ රොන්මඩ වැනි මිහිමත ඇති අනෙකුත් සෑම තැනකම ඔවුන් හමුවේ. ලයිකන හෝ පෙඳ පාසි මත බහුලව වෙසෙන අතර කුඩා අපෘෂ්ඨවංශීන්, ඇලගී, හා සත්ව සෛල ආහාරයට ගනී. පෙඳ පාසි හෝ ලයිකන මත සුලබව වෙසෙන ටාර්ඩිග්‍රේඩයන් කුඩා අපෘෂ්ඨවංශීන්, ඇල්ගී සහ ශාක සෛල ආහාරයට ගනී. ශිෂ්‍යයන් සහ ආධුනික පර්යේෂකයින් වෙනුවෙන් එකතු කිරීමෙන් අනතුරුව ඔවුන් අඩු බලයක් සහිත අන්වීක්ෂයකින් පවා දැකගත හැකිය.  

Image credit:
STEVE GSCHMEISSNER/SCIENCE PHOTO LIBRARY (https://www.newscientist.com/article/2252583-secret-to-tardigrades-toughness-revealed-by-supercomputer-simulation/ )

 

Figure Credit: https://soil.evs.buffalo.edu/index.php/File:Tardigrade_boy.JPG

සංසර්ගය හා ප්‍රජනනය:

පිරිමි සහ ගැහැණු සතුන් වශයෙන් වෙන්කළ හැකි නමුත් සාමාන්‍යයෙන් ගැහැණු සතුන් බහුල වන අතර ඔවුන් ශරීර ප්‍රමාණයෙන්ද විශාල වේ. කෙසේවුවද සමහර විශේෂ ඕපපාතිකව බිහිවේ. අණ්ඩජ සත්වයන් වන බැවින් සාමාන්‍යයෙන් බාහිර සංසේචනය සිදුකෙරේ. ගැහැණු සතා විසින් ඉවත්කරන ලද සිය බාහිර ශරීරාවරණය මත ඩිම්බ දමන අතර බාහිර ශරීරාවරණය ඉවත්කරණ අවස්ථාවේදී සිදුවන සංසර්ගයෙන් පසුව ඒ මත ශුක්‍රාණු තැන්පත්වේ. විශේෂ කීපයක ගැහැණු සතා සම්පූර්ණයෙන්ම තම ශරීරාවරණය ඉවත් කිරීමට පෙර සංසර්ගය සිදුවන ක්‍රියාවලිය අභ්‍යන්තර සංසේචනය ලෙස හැඳින්වේ. මෙම සතුන් සංසර්ගයට පෙර පළමු පියවර ලෙස ඒ සඳහා ගැහැණු සතෙකු තෝරාගෙන පිරිමි සතුන් නවදෙනෙකු දක්වා එම සතා වටේ රැස්වේ. බිත්තර විජලනය වූ විට, ඒවා පිපිරී සතුන් බිහිවීම සඳහා ගතවන කාලය දින 90කින් පමණ දීර්ඝවේ.

පරිසර විද්‍යාව:

බොහොමයක් ටාර්ඩිග්‍රේඩයන් බැක්ටීරියා හෝ ශාක මත යැපෙන නමුත් සමහර විශේෂ අනෙකුත් ටාර්ඩිග්‍රේඩ විශේෂ ද ආහාරයට ගන්නා බැවින් මාංශභක්ෂකයින් ලෙස සැළකේ. මෙම සම්බන්ධය නිසා විද්‍යාඥයින්ට ටාර්ඩිග්‍රේඩ විශේෂ අතර වෙනස ස්ථිර ලෙස වෙන්කර හඳුනා ගැනීමට අපහසුවී ඇත. මෙම සත්වයින් පූර්ව ආත්‍රපෝඩා පරිණාමයට වඩාත් නෑකම් කියයි. සර්ව භෞමික සත්වයන් ලෙස සැළකෙන ඔවුන් ලොව පුරා වාසය කරයි.

සමහර ටාර්ඩිග්‍රේඩ විශේෂවල ආයු කාලය මාස තුන හතරක් වන අතර අනෙකුත් විශේෂ දින 30-40ක අක්‍රීයව ගත කරන කාලය (dormant states) හැර වසර දෙකක් දක්වා ජීවත්වේ.

අති දුෂ්කර පරිසරයන්ට නිරාවරණයවීම:

 අති දුෂ්කර පරිසරයන්ට ගැඩගැසී ඇති සත්වයන් වන ටාර්ඩිග්‍රේඩයන්, උණුවතුර ලිංවල, හිමාලය කඳු මුදුනේ (මීටර් 6,000 – මුහුදු මට්ටමේ සිට අඩි 20,000 ක් ඉහළ) සහ මුහුදු පතුලේ රොන්මඩ වල හමුවී ඇත. එසේම ධ්‍රැවයන්හි සිට සමකය දක්වා ද ඝන අයිස් තට්ටු යටද මෙම සතුන් හමුවී ඇත. යම් විශේෂ ගල් බිත්ති හා වහළ මත දැකිය හැකි අතර අනෙකුත් විශේෂ වැව්, පොකුණු සහ තැනිතලා වැනි කර්කශ නොවන වාසස්ථානයන්හි ද හමුවේ.

 

ගැමා කිරණ පිටකිරීම හෝ සැලකිය යුතු ග්‍රාහක බලපෑම් වැනි තාරකා විද්‍යාත්මක සිදුවීම් මගින් ඇතිවන සමස්ථ ගෝලීය නෂ්ඨප්‍රාප්තින් වලදී පවා ටාර්ඩිග්‍රේඩයන්ට නොනැසී පැවතීමට හැකියයි විශ්වාස කෙරේ. ඔවුන්ට ගැඹුරුම මුහුදු අගාධයන්හි ඇති පීඩනය මෙන් හය ගුණයක පමණ පීඩනය, මනුෂ්‍යයන් මරණයට පමුණුවන ප්‍රමාණය මෙන් සිය ගුණයකට වඩා වැඩි අයනීකරණ විකිරණයකට නිරාවරණයවීම දරාගත හැකි අතර මිනිත්තු කීපයක් රික්තකයක් තුළ වුවද නොමැරී ජීවත්විය හැකිය. එසේම ඔවුන් සමහරකට නිරපේක්ෂ ශුන්‍යයට ආසන්නයේ උෂ්ණත්වය වන 0.01 K (-460 °F; -273 °C) පමණ වන අධික ශිතලක් දරාගත හැකි අතර තවත් විශේෂයන්ට 420 K (300 °F; 150 °C) වැනි අධික උෂ්ණත්ව දරාගත හැකිවේ. බොහෝ ටාර්ඩිග්‍රේඩ විශේෂයන්ට දැඩිව විජලනයවී වසර පහ සිට දහය දක්වා හෝ යම් අවස්ථාවන්හි ඊටත් වැඩි කාලයක් නොනැසී පැවතීමේ හැකියාව පවතී.

 

බාහිර අභ්‍යවකාශයට නිරාවරණයවිම:

බාහිර අභ්‍යවකාශයට නිරාවරණයවී දිවි ගලවාගත් බවට සැළකෙන ප්‍රථම ජීවින් ටාර්ඩිග්‍රේඩයන්ය.

Figure Credit: https://medium.com/mind-cafe/three-subtle-life-lessons-from-the-bizarre-and-invincible-tardigrade-d00f8e97d0a6
  • යුරෝපීය විද්‍යා නියෝජ්‍යායතනය විසින් 2007 සැප්තැම්බර් මාසයේදී විජලනයවූ ටාර්ඩිග්‍රේඩයන් පෘථීවි කක්ෂයට මුදාහරිනු ලැබීය. ඔවුන් කණ්ඩායම් වශයෙන් අභ්‍යවකාශයේ කර්කශ රික්තකයට හා සූර්ය පාරජම්බුල (UV) කිරණ වලට නිරාවරණය කරනු ලැබීය. මිනිත්තු 30 ඇතුළත විජලනය වීමෙන් පසුව, පාරජම්බුල (UV) කිරණ වලින් ආරක්ෂාවූ ඔවුන්ගෙන් 68%කට වැඩි ප්‍රමාණයක් පොළවට ගෙන ආ විට නැවත ප්‍රාණවත් විය.
  • 2011 මැයි මාසයේ Endeavour’s අභ්‍යවකාශ යානයේ අවසන් චාරිකාවේදී ඉතාලි ජාතික විද්‍යාඥයින් විසින් ටාර්ඩිග්‍රේඩයන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබීය. ටාර්ඩිග්‍රේඩයන් අභ්‍යවකාශ පර්යේෂණ සඳහා සුදුසු ජීවීන් විශේෂයක් බව හඟවමින් එම ගමනේදී කොස්මික් කිරණ සහ ඉතා අඩු ගුරුත්වය මගින් ටාර්ඩිග්‍රේඩයන්ගේ ජීවිතය කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇති නොවීය.
  • 2019 අගෝස්තු මාසයේදී සඳ මත විනාශ වු ඊශ්‍රායල අභ්‍යවකාශ යානය තුළ මෙම සතුන් සහිත බහාලුමක් තිබී ඇත.
  • මෑත කාලයේ ජීවිත සහය පද්ධති කිසිවක් නොමැතිව ටාර්ඩිග්‍රේඩයන්ට අඟහරු මත නොනැසී පැවතීමේ හැකියාව සම්බන්ධයෙන් වන අනුමානය වැඩිවී ඇත.

අති දුෂ්කර පාරිසරික තත්වයන් යටතේ දිවි ගලවා ගැනීමේ උපක්‍රම:

  • විශේෂ ප්‍රෝටීනය: විද්‍යාඥයින්ගේ මෑත කාලීන තවත් සොයාගැනීමක් වන ටාර්ඩිග්‍රේඩයන්ට අනන්‍යවූ ප්‍රෝටීනයක් මගින් ඔවුන් මෙසේ කර්කශ පරිසර තත්වයන්ට මුහුණදීමට හැඩ ගැසී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කෙරේ.

ඔවුන්ගේ එක් ජානයක් මගින් Dsup නැමති හානි මර්ධන ප්‍රෝටීනය නිපදවේ. මෙම ප්‍රෝටීනයේ සංඝටක දෙකකි. එක් සංඝටකයක් මගින් DNA න්‍යෂ්ටියට බැඳතබන අතර සියුම් පටලයක් ලෙස DNA වටා නිර්මාණයවී ඇති අනෙක් සංරචකය මගින් විකිරණ වලින් ආරක්ෂා කෙරේ. ජීවියාගේ සම්පූර්ණ ප්‍ර‍වේණි කේතය DNAහි අන්තර්ගත වන බැවින් එය සෑමවිටම ආරක්ෂා කළ යුතුය. ටාර්ඩිග්‍රේඩයන් වෙසෙන තෙත, පාසි පරිසරය වියළුන විට ඔවුන් විකිරණවලට නිරාවරණයවේ. එසේ වන්නේ නම්, ඔවුන් විජලනය මගින් ප්‍රේරණය කරන ලද ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් නවතාලන ආරක්ෂිත යාන්ත්‍රණයක් (ක්‍රිප්ටොබයෝසිස් – cryptobiosis) අනුගමනය කරනු ලබයි.

මෙම ප්‍රෝටීනයට මිනිස් සෛල වලට විකිරණ මගින් ඇතිකරණ හානිය 40% දක්වා අඩු කිරීමේ හැකියාව ඇති බැවින් අනාගතයේදී මනුෂ්‍ය සෛල විකිරණ වලින් ආරක්ෂා කිරීම සඳහා එය භාවිත කිරීමට හැකිවනු ඇත. කෙසේවුවද, මෙම ජෛවතාක්ෂණ නවෝත්පාදන සඳහා යම් කාලයක් ගතවේ. වැඩි කලක් නොගොස්ම ටාර්ඩිග්‍රේඩයන්ගේ ලක්ෂණ සහිත සුපිරි මිනිසුන් අප අවට ඇවිදිනු දැකීමට හැකිවනු ඇත.

  • ක්‍රිප්ටොබයෝසිස් (Cryptobiosis): වියළි පරිසරයක් මගින් ප්‍රේරණය කරන ලද ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් නිෂ්ක්‍රීය කරගැනීමේ තත්වය ඔවුන් නොනැසී පැවතීමේ තවත් විස්මිත උපක්‍රමයක්වේ. මෙහිදී ඔවුන්ගේ ශරීරයේ ඇති ජලය සම්පූර්ණයෙන්ම මිරිකා ඉවත් කරන අතර හිස හා පාද සියල්ල හකුළාගෙන කුඩා ගෝලයක් ලෙස රෝල්වී අක්‍රීය තත්වයට පත්වේ. පරිසර තත්වය යහපත් වූ විට, ශරීරය දිගහැරී සාමාන්‍ය තත්වයට පත්වේ.

මූලාශ්‍ර:

පද මාලාව

  • ආත්‍රපෝඩාවන්(Arthropods) -ආත්‍රපෝඩාවන් යනු බාහිර ඇටසැකිල්ලක්, ඛණ්ඩනය වූ ශරීරයක් සහ යුගල කළ සන්ධි උපග්‍රන්ථ සහිත අපෘෂ්ඨවංශික සතුන් වේ.
  • Cryptobiosis– අහිතකර පාරිසරික තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් පවතින අතිශයින්ම අක්‍රිය තත්වයකි. ක්‍රිප්ටෝබියෝසිස් තත්වයේදී, සියලුම පරිවෘත්තීය ක්‍රියාවලි නතර වන අතර, ප්‍රජනනය, වර්ධනය සහ DNA අලුත්වැඩියාව වළක්වයි.·
  • Dsup– හානි මර්ධකය·
  • අපෘෂ්ඨවංශීන්(Invertebrates)– කොඳු ඇට පෙළක් නැති හෝ කොඳු ඇට පෙළක් වර්ධනය නොවන සතුන්·
  • වංශය(Phylum)– සත්වයින්ගේ රාජධානියට පහළින් ශ්‍රේණිගත කරන ප්‍රධාන වර්ගීකරණ කාණ්ඩයකි·
  • විශේෂ(Species)– ජාන හුවමාරු කිරීමට හෝ අන්තර් අභිජනනය කිරීමට හැකියාව ඇති ජීවීන් සමූහයක්·
  • විකිරණ (Radiation)– කිසියම් ප්‍රභවයකින් නිකුත් වෙන සහ ආලෝකයේ වේගයෙන් අවකාශය හරහා ගමන් කරන ශක්ති විශේෂයකි.·
  • නිවර්තන කලාපීය වැසි වනාන්තර (Tropical Rainforests) – වියළි සමයක් නොමැති නිවර්තන වැසි වනාන්තර දේශගුණයක් ඇති ප්‍රදේශවල ඇති වන වැසි වනාන්තර

 

ඔබ දන්නවාද ?

ටාර්ඩිග්‍රේඩයන්, ඩයිනසෝරයන්ට පෙර වසර මිලියන 400ක පමණ කාලයක පටන් වසර මිලියන 600ක පමණ කාලයක් පුරා මිහිමත පැවතේ.   American Museum of Natural History වර්ෂ 1773දී  ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වන Johann August Ephraim Goeze විසින් ප්‍රථම වරට විස්තර කිරීමේදී ඔහු විසින් ඔවුන්ට "කුඩා දිය වලසා" (" kleinerWasserbär  or “little water bear") යන නම ලබා දෙනු ලැබීය. —    SQ Online 1019 අප්‍රේල් මස ඊශ්‍රායල අභ්‍යවකාශ යානයක් වන Beresheet  සඳ මත ගොඩබාන අවස්ථාවේදී විනාශ වන විට එහි ටාර්ඩිග්‍රේඩයන් දහස් ගණනක් රැගෙන යමින් සිට ඇත. පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී එහිදී එම සතුන් මියයන්නට ඇති බව අනාවරණය විය. Science අනෙකුත් සියලු සත්වයන් මරණයට පත්වන පාරිසරික තත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇතුලුව ටාර්ඩිග්‍රේඩයන් සතු නොනැසී පැවතීමේ ලක්ෂණ ගණනාවක් හේතුවෙන් ඔවුන් සියලු හඳුනාගත් මහා නෂ්ටප්‍රාප්ති පහකදීම දිවි ගලවාගෙන ඇත. -          National Geographic
Source: https://www.nationalgeographic.com/animals/invertebrates/facts/tardigrades-water-bears

 

Author

Back to top button