12/P Pons- Brooks වල්ගා තරුව
Astronomy Division - Arthur C Clarke Institution for Modern Technologies (ACCIMT)

සෞරග්‍රහ මණ්ඩලය බිහිවිමේදි ශේෂ වු දුවිලි, පාශාණ සහ අයිස් වලින් වල්ගා තරු හෙවත් ධූමකේතු සෑදි ඇත. වල්ගා තරුව සුර්යයාට ආසන්නව ගමන් කරන විට, එහි ඇති දූවිලි සහ අයිස් රත් විම නිසා වාශ්ප වී සුර්යයාගෙන් ඉවතට යොමු වන වල්ගයක් වැනි කොටසක් සාදයි. මෙම වල්ගය කොටස් දෙකකින් සමන්විත වේ. Dust Tail නම් කොටස, එහි ඇති දූවිලි අංශු සූර්යාලෝකයේ පීඩනය ( radiation Pressure ) මගින් ඉවතට යොමු වීම නිසාත්, ion tail/gas නම් කොටස එහි අයනීකරණය වූ වායුන් සුර්ය සුළං ( solar wind ) මගින් ඉවතට යොමු විීම නිසාත් සෑදි ඇත.
12/P Pons- Brooks වල්ගා තරුව , 2024 අප්‍රේල් මාසය තුළ පියවි ඇසින් දැක ගැනීම හැකි වන පරිදි දීප්තියකට ( දෘශය විශාලත්වය +6 ට අඩූ) ළගාවනු ඈත. 12/P Pons- Brooks වල්ගා තරුව යනු වසර 71 ක කක්ෂීය ආවර්ත කාලයක් සහිත වල්ගා තරුවකි. එය 1812 දි Marseille නිරික්ශණාගාරයේ Jean Louis Pons විසින් සහ 1883 නැවත දර්ශනය වන අවස්ථාවේ දි Robert Brooks සොයා ගන්නා ලදී.
මෙම වල්ගා තරුව අප්‍රේල් මස මුලදී මේෂ රාශියේ පිහිටන අතර අප්‍රේල් 20 වැනිදායින් පසු වෘශභ රාශියට ගමන් කරයි. එය අප්‍රේල් 21 වන දින සුර්යයාට සමීපයෙන්ම (perihelion) ගමන් ගන්නා අතර එම අවස්තාවේදී ද උපරිම දිප්තියට ( දෘශ්‍ය විශාලත්වය +4.42 ක් පමණ) ළගා වේ.
12/P Pons- Brooks වල්ගා තරුව මේ දිනවල සවස් කාලයේ දි, ක්ෂිතිජයට අංශක කිහිපයක් ඉහලින් බටහිර අහසේ, බ්‍රහස්පති ග්‍රහයා අසලින් නිරීක්ෂණය කළ හැකි වුවද හිරු බැස යාම සිදුවන නිසාත් , ක්ෂිතිජයට ඉතාමත් ආසන්නයේ පිහිටිම නිසාත් නිරීක්ෂනය කිරීම පහසු නොවනු ඇත. හිරු බැස යැමෙන් පසු වලාකුළු රහිත, ඉතා පැහැදිලි අහසක් පවතින අවස්තාවක දෙනෙතියක් හෝ දුරේක්ශයක් භාවිතා කරමින් ඉතා කෙටි කාලයක් තුලදී මෙය නිරීක්ෂණය කල හැක.