අප ගැන

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ජාතික සංවර්ධන ඉලක්කවලට ලඟාවීම සඳහා දායකත්වය ලබා දීමේදී ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මෙහිදී ඉල්ලුම අනුව මෙහෙයවනු ලබන පර්යේෂණ, පර්යේෂණ, පර්යේෂණ වාණිජ්‍යකරණය, නව නිෂ්පාදන සහ නව්‍යකරණ ප්‍රවර්ධනය ආදියේ නියුක්ත වීමට විශේෂයෙන්ම රාජ්‍ය පර්යේෂණ ආයතනයන්ට මග පෙන්වීමට හැකිවීම මගින් ජාතික සංවර්ධන ඉලක්ක සඳහා දායකවීමේදී තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරයි. මෙම කාර්ය ඉටුකිරීම සඳහා, පර්යේෂණ, පර්යේෂණ අනාවරණ සහ සංවර්ධන ප්‍රමුඛතා වෙත ඉහළම ප්‍රමුඛත්වය ලබා දීම අමාත්‍යාංශ‍ය නොකඩවා සිදුකරයි.

මෙම කටයුතු සංවිධානයේදී එක් එක් පර්යේෂණයන් හා ඊට අදාල ප්‍රතිපාදන වෙන්කිරීම් අතර නිසි සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍යාංශය විශේෂ කාර්යභාරයක් ඉටුකරන අතර, උපාංග පදනම් කරගත් අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණය, රොබෝ තාක්ෂණය, වර්තමාන යථාර්තය, වළාකුළු තාක්ෂණය, නිනිති තාක්ෂණය හා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය වැනි අති නවීන තාක්ෂණයන් හා සම්බන්ධව දැනුම බෙදා හරිමින්,හා ඒවා යොදා ගනිමින් ශ්‍රී ලංකාව නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමෙහිලා අමාත්‍යාංශය නිරතුරුවම බැඳී සිටියි.

මීට අදාලව අමාත්‍යාංශයේ පර්යේෂණ අංශය මඟින්,ශ්‍රී ලාංකිකයින් අතර විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රචලිත කිරීම උදෙසා “විද්‍යා ඊ නිව්ස්” නම් මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලදී.

මේ ඔස්සේ නවීන විද්‍යා තාක්ෂණ දැනුම පමණක් නොව,ලාංකීය පර්යේෂකයින් මඟින් සිදුකරමින් පවතින, කාලීන පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ තොරතුරු ඇතුළත් පර්යේෂණයන් පිළිබඳ තතු සියල්ල පාසල් දරුවන් හා මහජනතාව වෙත ලබා දෙන මධ්‍යස්ථානය ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

වැඩිදුර තොරතුරු

 

Back to top button