2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයMust Readතාරකා විද්‍යාව

තාරකා විද්‍යාව

එම්. ගගුලි අමෝද්‍යා සෙත්මිණි, වසර 6-8 , පු/සාලිය ජාතික පාසල

තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය  යනු තාරකා ග්‍රහලෝක , ධුමකේතු ,ඌෂාලෝකය ,චක්‍රාවාට සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්ධින් සහ අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ විද්‍යාවයි. මෙය විද්‍යාත්මක ක්‍රම රැගත් ලෝකයේ පැරණිතම විද්‍යාවන්ගෙන් එකකි. අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි විද්‍යාවන් අතලොස්සෙන් එකක් ලෙස සැලකිය හැකිය.

තාරකා විද්‍යාවේ ඉතිහාසය

තාරකා විද්‍යාව බොහෝ විද්‍යාවන් අතරෙහි වඩාත්ම උත්කෘෂ්ට ඉතිහාසයක් ඇති විද්‍යාවකි .මෙය ආරම්භ වුයේ කාලගුණය සහ අහස පිළිබඳව අවබෝධයක් ලබා ගැනිම සඳහා මුලික නිරික්ෂණ ක්ෂේත්‍රයක් ලෙසය. පැරණිතම වෘත්තිය තාරකා විද්‍යාඥයින් වුයේ පුරාණ මෙසපොතේමියානුවන් , ඉන්දියානුවන් සහ චින ජාතිකයන්ය. තාරකා නිරික්ෂණය සඳහා අතීතයේ දි තිරික්සුව භාවිතා විය. තිරික්සුව යනු හිරු සඳු හා තාරකාවල පිහිටිම සලකුණු කිරිම පිණිස ක්‍රි.පු 3 වැනි සියවසේ සිට 18 වැනි සියවස දක්වා භාවිතා කළ උපකරණයකි. එමෙන්ම වස්තුවක ඇති දුර මැනීම සඳහා වෘත්තපාදය ද ආකාශ වස්තුන්වල ගමන් මඟ පෙන්විම සඳහා කටු ගෝලය ද එකල භාවිතා විය.17 වන සියවසේ මුල් භාගයේදි යුරෝපයේ විප්ලවිය සොයාගැනිමක් සිදුවිය එම සොයා ගැනිම නම් දුරේක්ෂයයි.

තාරකා විද්‍යාවේ පියා 

ක්‍රි.ව 1564 පෙබරවාරි මස 15 වැනි දින ඉතාලියේ පීසා  හි උපත ලද ගැලීලියෝ ගැලීලි තාරකා විද්‍යාවේ පියා ලෙස සැලකේ . ලෝකයේ තාරකා විද්‍යාව අතිශයින් දියුණු වුයේ ඔහු විසින් ලෝකයට දායාද කළ දුරේක්ෂය නම් වු උපකරණය නිසාය. මෙම උපකරණවල ආධාරයෙන් සුර්ය ලප නිරික්ෂණය, ඒවා පිළිබඳව වැඩිදුර අධ්‍යනය, ගැලීලියානු චන්ද්‍රයන් වන බ්‍රහස්පතින්ගේ විශාලම චන්ද්‍රයන් සිව් දෙනා සොයා ගැනිම ඔහු විසින් තාරකා විද්‍යා ක්ෂෙත්‍රයට සිදු කල අමිල සේවාවන් වේ.තවද ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය යටතේ ගැලීලියෝ විසින් මාලිමා යන්ත්‍රය සැලැස්ම වැඩිදියුනු කිරිම ද සිදු විය. ගැලිලියෝ පිළිබඳව කතා කිරිමේදි ඔහු තාරකා විද්‍යාවට පමණක් සිමා වුවෙකු නොවේ. ඔහු ප්‍රගති විද්‍යාව ,ගති විද්‍යාව,භෞතික විද්‍යාව , ගණිතය යන විෂය ක්ෂේත්‍රයන්හිද ප්‍රවිණයෙකි. ඔහු පිසා විශ්ව විද්‍යාලය,පාදුවා විශ්ව විද්‍යාලය,යන අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය හැදෑරිය.සංගිතඥයෙක් වු වින්සෙන්සෝ ගැලීලිය පියාටත් , ජුලියා අම්මානාති. මවටත් දාව දරුවන් සයදෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා ලෙස උපන් ගැලීලියෝ ගැලීලි තාරකා විද්‍යාවට අමිල සේවාවක් සිදුකර ක්‍රි.ව 1642 ජනවාරි මස 8 වන දින මෙලොවින් සමුගත්තේ ය.

වර්තමානය වන විට තාරකා විද්‍යා ක්ෂේත්‍රය අතිශයින් දියුණු මට්ටමකට පැමිණ තිබේ. සඳ තරණය කිරිම,අඟහරු ග්‍රහලෝවට නීරික්ෂණ යානා ගොඩ බැස්විම,විශ්වයේ මේතාක් නොදත් ආකාශ වස්තුන් පිළිබඳව නීරීක්ෂණය කිරිම තාරකා විද්‍යාවේ ඇති වි ඇති දියුණුව පිළිබඳව මොනවට සාක්ෂි දරයි. ඒ අතර තාරකා විද්‍යාවේ දියුණුවට අමිල සේවාවන් රැසක් සිදු කළ ග්‍රික ජාතික තෙලෙස්, පයිතගරස්, ඇරිස්ටෝටල් , සැමෝස්ගි , ඇරිස්ටාකස්,ක්ලෝඩියස් ,ටොලමියස් ,නිකොල් කොපර්නිකස්,ටයිකෝ බ්‍රාහේ, ජොහැන්නස් කෙප්ලර් , සර් අයිසැක් නිවුටන් ,එඩ්මන් හැලී යනාදී වු දාර්ශනිකයින් සහ විද්‍යාඥයින් ද අපට අමතක කළ නොහැකිය මන්ද යත් ඔවුන් සිදුකළ සේවාවන් ද තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ සදාතනික වී ඇති නිසා ය.

එම්. ගගුලි අමෝද්‍යා සෙත්මිණි 
වසර 6-8

Author

Related Articles

Back to top button