2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයMust Readරොබෝ තාක්ෂණය

රොබෝ විද්‍යාව

කවීෂා දෙව්මිණි, කු/ මහ/ යූ. බී. වන්නිනායක ජාතික පාසල, ගල්ගමුව

සමස්ත විශ්වයම එක දෝතකට ගත හැකි වත්මන් කාලවකවානුවේ රොබෝ තාක්ෂණය නොහොත් Robotics අද සමාජයේ නව පෙරළියක් සිදු කරමින් ඇත. රොබෝ තාක්ෂණය යනු රොබෝවරුන් සැලසුම් කිරීම, ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම සහ භාවිතය සම්බන්ධ වූ ඉතා පුළුල් විෂය ක්ෂේත්‍රයකි. 1920 දශකයේ පමණ චෙකොස්ලොවැකියානු වචනයකින් පරිණාමය වූ Roboto යන්නෙහි අර්ථය නම් ශ්‍රමිකයා යන්න යි.

රොබෝ තාක්ෂණයේ පළමු පරම්පරාවේ දී නිපදවූ රොබෝවරුන්ගේ යම් චලනයක් පමණක් දැකගත හැකි වූ අතර, දෙවැනි පරම්පරාවේ දී රොබෝවරුන්ට ලබා දෙන විධානය ට අදාල සියලු කාර්යයන් සාර්ථකව නිම කිරීමට තරම් හැකියාවක් පැවතිණි. තෙවන පරම්පරාවේ රොබෝවරුන්ගේ ප්‍රගමනය වූයේ මිනිසාට මෙන්ම ඔවුන්ට ඇවිදීමට ද හැකි වීම යි. ඒ සඳහා ටෝකියෝ හි සංස්ථා 19ක්, යාන්ත්‍ර ඉංජිනේරු විද්‍යාගාරයේ රොබෝ තාක්ෂණ නිලධාරීන් කිහිප දෙනෙක් හා පරියේෂකයින් රාශියක් ද එකතු වී වසර අටක් පමණ වෙහෙස මහන්සි වී බිලියන 20ක පමණ මුදලක් ද වැය කර සිදු කළ පරීක්ෂණ වල සාර්ථතකත්වය නිතැතින්ම හේතු විය. මේ අනුව රොබෝ තාක්ෂණය බිහි කිරීමට වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ ජපානයෙන් ය. ජපන් ජාතික කුතිකට්සුටකාසේ නම් පුද්ගලයා විසින් මිනිස් සංඟාවලට ක්‍රියාකල හැකි ලෙස රොබෝ තාක්ෂණය තවත් වැඩි දියුණු කර ඇත. ඉන් පසුව මිනිසාට අභියෝගයක් ඇති කරමින් මිනිසුන් ලෙසින්ම ක්‍රියාකාරීව වැඩ කටයුතු කළ හැකි රොබෝවරයෙක් ලෙස ඉච්රොකාටෝ නම් විද්‍යාඥයා විසින් WABOT-1 නම් වූ රොබෝ 1973 දී නිපදවීය. 1984 දී ඔහු විසින්ම නිපදවූ WABOT-2 නම් වූ රොබෝ මඟින් ඕගනයක් වාදනය කිරීමේ හැකියාවෙන් යුතු වීම නිසා ද පෙනී යන්නෙ, මිනිසා සමඟ කරට කර ක්‍රියා කිරීමට සමත් මිනිසාට අභියෝගයක් වන රොබෝ වරුන් බිහිවී ඇති බව හා රොබෝවරුන්ගෙන් මිනිසාට හා ලෝකයට බොහෝ වාසි ලබා ගත හැකි බවයි.

රොබෝවරුන්ගේ බුද්ධිය කෘතිම බුද්ධිය නමින් හැඳින්වේ. මිනිසාගේ දෛනික කටයුතු පහසු කිරීමට නිපදවා ඇති රොබෝවරුන්ගෙන් ලබා ගන්නා වාසි පහත දැක්වේ.

    • නිවසේ සියලුම වැඩ කටයුතු බලා ගැනීම සඳහා
    • ආපනශාලා වැඩවලට යොදා ගැනීම සඳහා
    • ශල්‍යකර්ම කටයුතු කිරීම සඳහා
    • වැඩිහිටියන් බලා ගැනීම සඳහා
    • නිවසේ ආරක්ෂාව සඳහා
    • ස්වයං වගා කළමනාකරණය සඳහා
    • පුනරුත්ථාපන රොබෝවරු ලෙස
    • වාහන රියදුරන් ලෙස
    • සොල්දාදුවන් ලෙස
    • කර්මාන්තශාලා වල යන්ත්‍ර කොටස් එකලස් කිරීමේ ක්‍රියාවලිය සඳහා
    • ග්‍රහලෝක වල පරීක්ෂණ සිදු කරලීම සඳහා
    • ගුරු සහායකවරුන් ලෙස
    • දේශකවරුන් ලෙස

 

 

මේ අනුව අපට පෙනී යන්නේ ලොව පවත්නා සෑම ක්ෂේත්‍රයකටම රොබෝ තාක්ෂණය මහත් පිටුවහලක් වන බවයි. එමෙන්ම, එංගලන්තයේ මිඩ්ල්සෙකස් විශ්ව විද්‍යාලය නිපදවූ “පෙපර්” නම් රොබෝ යන්ත්‍රය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට දේශනයක් සිදු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධියේ අනාගතය පෙන්වා දී ඇත. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ගණිත හැකියා වර්ධනයටත්, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂයයන්ට අදාළ වැඩමුළු සහ සම්මේලනවලට සහය දැක්වීමත් එම රොබෝ විසින් සිදු කර ඇත.

තවද, “ෆියුරෝ අයි, බ්රැන්ටෝ, බගී” යන රොබෝ වරුන් ද ලොව ප්‍රසිද්ධ රොබෝවරුන්ය. ජපානය, චීනය, ඇමරිකාව වැනි රටවලින් රොබෝවරු විශාල වශයෙන් බිහි කරන අතර, අප රටෙන් ද 2019 වසරේ දී Arimac – Diyazen නම් රොබෝ නිපදවා ඇත.

රොබෝවරුන්ගෙන් බොහෝ වාසි ලැබෙන බව සත්‍යයක් වුවත් ඇතැම් විනාශකාරී තත්ත්වයන්ද ඔවුන්ගෙන් සිදුවිය හැක. එයට විසඳුමක් ලෙස, විද්‍යා ප්‍රබන්ධ රජකයෙකු වන අයිසැක් අසිමොච් විසින් 1942 දී රොබෝ තාක්ෂණය සම්බන්ධව නීතී 03ක් ඉදිරිපත් කර ඇත. එනම්,

  1. රොබෝ යන්ත්‍ර මිනිසාට හානියක් නොකළ යුතු ය.
  2. මිනිසාගේ විධාන අනුගමනය කළ යුතු ය.
  • මෙම කරුණු දෙකට රොබෝ අවනත නොවේ නම් එය පවත්වා ගෙන යාමට ඉඩ නොදිය යුතු ය.

මේ අනුව, සෑම කටයුත්තක්ම පහසු වීම, කාර්යක්ෂම වීම, මිනිසාට නිදහසේ තම කාලය ගත කරගත හැකිවීම යන වාසීන රොබෝවරු මඟින් ලැබේ යැයි ඔබට සිතුණත්, මාගේ අදහස නම් එලෙස ලැබෙන වාසිවලට ප්‍රතිවිරුද්ධ වූ සමාජ අභියෝගයන් රැසක් ද මතු වන බවයි. එනම්, මිනිස් සේවා වියුක්තිය, පරිසර දූෂණය, මිනිසුන් අලස වීම, මිනිසාගේ නිර්මාණශීලී චින්තනය අඩු වීම, විවිධ ලෙඩ රෝග ව්‍යාප්තිය, මුදල් පසුපස හඹා යාම තුළින් මිනිස් සමාජානුයෝජනය නැතිවීම යනාදීය යි. එමෙන්ම රොබෝ යන්ත්‍ර මිනිසා සමඟ සැසඳිය නොහැකි ය. මන්ද යත් අප මතක තබා ගත යුතුම කරුණ වන්නේ එම රොබෝවරු බිහි කිරීමට තරම්, උසස් බුද්ධියක් අප මනුශ්‍යයන් සතු වීම යි. එබැවින් අනාගත පරපුරට අප දැනුවත් කළ යුතු වන්නේ, රොබෝ තාක්ෂණයෙන් ගත හැකි උපරිම ඵල අප නෙලා ගන්නා විට, අපටම පමණක් ආවේණික වූ උතුම් මානුෂික ගුණාංග රැක ගැනීම යි.

The author’s name: Profession: Work Place: School/ University/Institute: Email Address: Contact Number: (Residence) (work) Address: Recent Photograph:

මූලාශ්‍ර:

දිසානායක මුදියන්සේලාගේ කවීෂා දෙව්මිණි
ශ්‍රේණිය : 8-B
කු/ මහ/ යූ. බී. වන්නිනායක ජාතික පාසල, ගල්ගමුව.

Author

Related Articles

Back to top button