නැනෝ තාක්ෂණය
කේ. නිම්සරා හේරත් , 10 ශ්‍රේණිය , කු/රත්මල්ගොඩ ම.වි.

නැනෝ ලෝකය
නැනෝ යන වචනය අතීතයේ ග්‍රීක හා ලතින් භාෂා වල භාවිත වූ නැනස් යන(අගුටුමිට්ටා) යන වචනයෙන් බිදී ආවෙකි. පසු කලෙක මෙය ඉතා කුඩා ප්‍රමාණ මැනීමේ ඒකකයක් නම් කිරීමට යොදා ගත්හ. මෙසේ නැනස් යනුවෙන් නම් කලේ සම්මත මිනුමෙන් 1,000,000;000(1/109=10 -9) න් පංගුවක් ය. නැනෝ පරිමාණ මැනීමට පිළිගත් අන්තර් ජාතික(SI) ඒකකය වන්නේ නැනෝ මීටරය(nm) 1*10-9m වේ.
නැනෝ තාක්ෂණය
නැනෝ තාක්ෂණය යනු, නැනෝ පරිමාණයේ ඇති පරමාණු සහ අණු වල හැසිරීම තේරුම් ගෙන ඒවා පාලනය කිරීමෙන් හා අවශ්‍ය ආකාරයට හැසිරවීමෙන් නව භෞතික ගුණ ඇති ද්‍රව්‍යයන් උපකරණ සහ පද්ධති බිහි කිරීමයි.
නැනෝ විද්‍යාව යනු
මෙම නැනෝ තාක්ෂණය සම්බන්ධ සියලු අංශ පිළිබදව කෙරෙන අධ්‍යනයයි.
නැනෝ තාක්ෂණය පිළිබද මුලින්ම සංකල්ප ඉදිරිපත් කළේ සුප්‍රකට විද්‍යාඥ රිචඩ් ෆෙයිමාන් (RICHERD FAYMAN) ය. ඔහු 1959 වසරේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනෙයේ (CALTECH) දී “පතුලේ ඔිනෑ තරම් ඉඩ ඇත” යන මැයෙන් කළ කතාවෙදී ප්‍රථම වරට මේ සංකල්පය ඉදිරිපත් කළේ ය.
නැනෝ අංශු
මයිකල් ෆැරඩේ
රෝමයෙන් හමුවූ ලයිකර්ගස් බදුන
මෑත කාලයේ නැනෝ අංශු තාක්ෂණයේ දියුණුවත් සමග ප්‍රසිද්ධියක් ලැබුවද ක්‍රිස්තු වර්ෂ 9 වන සියවස වන තරම් ඈත අතීතයේ දී පවා මෙම නැනෝ අංශු නිපදවීමට මිනිසා දැන සිටි බවට මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් සාක්ෂි ලැබී ඇත. මධ්‍යතන යුගයේ යුරෝපයේ දෙව් මැදුරු වල ඇති වර්ණවත් වීදුරු වලින් යුත් කවුළු නැනෝ අංශූන්ගේ භාවිත පෙන්වන කරුනකි. නැනෝ අංශූන් පිළිබදව මුලින්ම විධිමත් ලෙස පරීක්ෂණ කළේ මයිකල් ෆැරඩේ ය.(1791-1867)
නැනෝ තාක්ෂණයේ යෙදුම් කිහිපයක්
ස්වභාව ධර්මයාගේ යෙදුම්
- නෙළුම් හෝ හබරල පත්‍ර මත ඇති ජල බිංදු පත්‍රයේ නොරැදීම
- රැහැයියන්,කුරන් වැනි කුඩා සතුන්ගේ පියාපත් වල විනිවිද පෙනීම
- හූනන් වැනි කුඩා සතුන්ට සිරස් බිත්ති දිගේ ගමන් කිරීමට ඇති හැකියාව
ඇදුම් පැළදුම්
- නැනෝ සිදුරු සහිත රෙදි පිළි වර්ග (සීතලෙන් ආරක්ෂා වීමට)
- මධු පටල වලින් යුත් නැනෝ තන්තු වියා සෑදූ ඇගලුම් භාවිතය(රසායනික ද්‍රව්‍ය මගින් ඇති වන අවදානම් අවම වීම )
- හොදින් ඇදෙන රෙදි (නැනෝ රෙදි තම මුල් ප්‍රමාණයෙන් 1500 % ක් ඇදේ)
නැනෝ වෛද්‍ය විද්‍යාව
- පිළිකා සෛල විනාශ කළ හැකි ඹෟෂධ නිපද වීම
- දියවැඩියාව පාලනය කළ හැකි ඹෟෂධ නිපදවීමට
නැනෝ තාක්ෂණයේ හමුවන උපකරණ
- විෂ්ලේෂණ උපකරණ (Characterization Equipment)
- පරිලෝකන උමං අණ්වීක්ෂය (Scanning Tunneling Microscope)
- පරමාණුක බල අණ්වීක්ෂය (Atomic Force Microscope)
- පරිලෝකන අවිදුර අණ්වීක්ෂය( Scanning Near Filed Optical Microscope )
- X-කිරණ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන වර්ණාවලිය( X-Ray Photo electros Copy )
- ද්විතීයික අයන ස්කන්ධ වර්ණාවලිය( Secondary Ion Spectroscopy )
- රාමන් වර්ණාවලික්ෂය ( Raman Spectroscopy)
නැනෝ තාක්ෂණයේ අදුරැ පැතිකඩ
උවදුරු
රේඩියම් හා පොලෝනියම් නම් විකිරණශීලී ද්‍රව්‍ය සොයා ගත් බවට ලොව පිළිගත් මාරි කියුරි පර්යේෂණ පවත්වන අවධියේ විකිරණශීලී ද්‍රව්‍ය ස්පර්ශ කළා පමණක් නොව ඇයගේ කමිස සාක්කුවේ දමා ගෙන ද සිටි බව ඉතිහාසයේ සදහන් වේ. ඇයගේ දිවි කෙළවර වූයේ එප්ලාස්ටික් ඇනිමියා (Aplastic Anemia ) නම් රුධිර සෛල විනාශ වන රෝගයක් නිසි ය. කාලයක් තිස්සේ විකිරණශීලී ද්‍රව්‍ය වලට අනාවරණය වීම නිසා මෙවන් රෝගී තත්වයක් ඇති වීම පුදුමයක් නොවේ. විකිරණශීලිත්වය හා X- කිරණ බහුලවම භාවිතා වන අතර එහි භාවිතා වන අතර එහි භාවිතය නීති රෙගුලාසි ඇසුරෙන් පාලනය කරනු ලබයි.
ශාරීරික බලපෑම්
ඉතා සිහින් වූ නැනෝ කාබන් ව්‍යුහ ශ්වසනයෙන් නාස් මාර්ගය හරහා ගමන්කර රුධිර- මෂ්තිෂ්ක බාධකය විනිවිද ගොස් මොළය තුල ඇති ආග්‍රහන බල්බය දක්වා ගමන්කරන බව ඇතැම් පර්යේෂන මගින් සොයාගෙන ඇත. රුධිර-මස්තිෂ්ක බාධකය මොළයේ ආරක්ෂාව සදහා ගොඩනැගී ඇති ක්‍රියාවලියක් වන අතර රුධිරයට ඇතුලු වීම වැලැක්වීම එහි ප්‍රධාන කර්තව්‍යකි.
නැනො පරිමානයෙන් වු ලිපිඩ අංශු ධන ආරෝපිත වූ විට ශරීරගත වූයේ නම් මස්තිෂ්කයේ ආබාධ ඇති වීමට පාදක වන නමුත්, සෘන ආරෝපිත හෝ අනාරෝපිත වූ විට එතරම් හානි දායක නොවන බවත් අත් හදා බැලීම් වලින් පෙනී ගොස් ඇත. තවද මෙතරම් සියුම් අංශු ශ්වසන මාර්ගය හා ආහාර මාර්ගය තුළින් පමණක් නොව සමේ ඇති කුඩා රෝම කූප තුලින් ශරීරගත විය හැක.
සාරාංශය
නැනෝ යනු වසර ගණනාවක් වුවද අධ්‍යයනය කළ හැකි, දිනෙන් දින පුළුල් වන අසීමිත විෂයකි. කලක් විද්‍යා ලෝකයට පමණක් සීමා වී තිබූ නැනෝ යන වචනය අද එදිනෙදා ජීවිතයේ නිතර අසන්නට ලැබේ. මෙහිදි නැනෝ තාක්ෂණය පිළිබද කරුණු කිහිපයක් අධ්‍යයනයට ලක්වේ. නැනෝ තාක්ෂණය පිළිබද ඉතා සරලව, රූප සටහන් සහිතව මෙය ඉදිරිපත් කර ඇත. මෙහිදී නැනෝ ලෝකය, නැනෝ තාක්ෂණය, නැනෝ අංශු, පිළිබදවත් වගේම නැනෝ තාක්ෂණයේ යෙදුම් කිහිපයක් හා නැනෝ තාක්ෂණයේ හමුවන උපකරණ මෙන් ම නැනෝ තාක්ෂණයේ අදුරු පැතිකඩ ගැනද මෙය තුල අන්තර්ගත වේ.
REFERENCES
ආචාර්ය සසිනි ජයවර්ධන, අපූරු නැනෝ තාක්ෂණය, 1st edition- 2014, දර්ශක ප්‍රකාශන, දර්ශන මාර්කටින් එන්ටර් ප්‍රයිසස් (පුද්) සමාගම.107 කඩුවෙල පාර,බත්තරමුල්ල. ,(PP 13-24) (PP 33-38) (PP 73-75)
PICTURE(2) https://www.npg.org.uk/collections/search/portrait/mw02170/Michael-Faraday
PICTURE(4) https://blogionik.org/blog/2017/01/26/biomimetics-sustainability/
PICTURE(5)https://www.directindustry.com/prod/scienta-omicron/product-20757-1061409.html
කේ. නිම්සරා හේරත් ,
10 ශ්‍රේණිය ,
කු/රත්මල්ගොඩ ම.වි.