2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයMust Readතාරකා විද්‍යාව

තාරකා විද්‍යාව

ඉමාෂි කාවින්ද්‍යා, 9-10 ශ්‍රේණි , පු/සාලිය ආදර්ශ ම .වී

තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. තාරකා වේදය යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබේ.ඒ අනුව තාරකා විද්‍යාව පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරික්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතිතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත් කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනිම් රැසකට දායක වි ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. ඒ අනුව වර්තමානයෙන් තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්යව නොඅඩුව ලැබිය හැකි විද්‍යාවන් අතලොස්සෙන් එකකි.

නුතන තාරකා විද්‍යාව සහ ජෝතිෂ්‍යය යන දෙකෙන්ම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තුන් අනුව අහසේ පිහිටිම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මිනිස් වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරිමට ජෝතිෂ්‍යය උත්සහ කරයි. නමුත් තාරකා විද්‍යාවේ කටයුතු වලදි “විද්‍යාත්මක ක්‍රමය ” භාවිතා වන අතර ජෝතිෂ්‍යය තුළ එසේ නොවෙයි. ඒ නිසා මේ සඳහා සම්පුර්ණයෙන්ම වෙනස් කෙෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුයි.

දුරේක්ෂය සොයාගැනිමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වුයේ තරු මාලිමාවයි. එයින් කාල නිර්ණය කිරිම හා ආකාශ වස්තුවල පිහිටිම සොයා බැලිම සිදු කරනු ලබයි. තරු මාලිමාව සාදා තිබුනේ වානේ තැටියකයි. එයින් තරුවල පිහිටිම නිශ්චිතවම හඳුනා ගත හැකිය. තරු මාලිමාවක් භාවිතා කිරීමෙන්  තරු හඳුනා ගැනිමට හිරු නඟින හා බහින වේලාව සොයාගැනිමට , මක්කම පිහිටි දිශාව දැනගැනිමට , ඉඩම්වල ප්‍රමාණයන් මැන ගැනිමට ,යම් ස්ථානවල උස මැනිමට හා මුහුදු මාර්ග සොයා ගැනිමටද හැකි විය.

තාරකා විද්‍යාව පිළිබඳව ප්‍රධාන ගවේෂණයක් විද්‍යුත් චුම්බක වර්ණාවලිය මත පදනම් වි ඇත . රේඛිය තාරකා විද්‍යාව මිලිමිටර් කිහිපයක් තරම් තරංග ආයාම සහිත විකිරණ පිළිබඳ අධ්‍යයනය කරයි. රේඩියෝ තරංග ශිතල වස්තුවලින් විමෝචනය වේ. ඒවා අන්තර්කාරිය වායුන් හා දුවිලි වලාවන්ය. කොස්මික් පසුබිම් ක්ෂුද්‍ර විකිරණ පිපිරුමෙන් ඉවත් වු විකිරණයන්ය.

අධෝරක්ත තාරකා අධ්‍යයන පදනම වන්නේ තරංග  ආයාමය  දෘශ්‍ය විමට වඩා විශාල නමුදු රේඩියෝ තරංග වලට වඩා කුඩායි. ග්‍රහලෝක වැනි තරුවලට වඩා සිසිල් වස්තුන් ගවේෂණයට මෙය යොදා ගනි. ප්‍රකාශ තාරකා විද්‍යාව පැරණිතම තාරකා විද්‍යාවයි. මෙහිදි  උපාංග ලෙස වර්ණවල මානය හා CCD බහුලව යොදා ගනි. අභ්‍යවකාශයේ රැදවු දුරේක්ෂ හා අනුවර්ති දුරේක්ෂය වෙත දර්ශන තත්වය උසස් කිරිමට යොදා ගනි. රසායනික වර්ණාවලියෙන් තාරකා වල රසායනික සංයුතිය හා මන්දාකිනි , නිහාරිකා ආදිය නිරික්ෂණය වේ.

තාරකා විද්‍යාවේ සුර්යා පිළිබඳ ගවේෂණ විශේෂ නැකත් ගනි. අනෙක් තරු ඉතා දුරින් ඇති නිසා ළඟම තරුව වන සුර්යයා ගවේෂණය පහසුයි. අපගේ සුර්යා අනෙත් තාරකා පිළිබඳ අවබෝධ කරනු ඇත.ඒ අනුව තාරකා විද්‍යාව යන සංකල්පය සුවිශේෂි සංකල්පයක් ලෙස පැහැදිලි වනු ඇත.

ඉමාෂි කාවින්ද්‍යා
9-10 ශ්‍රේණි
පු/සාලිය ආදර්ශ ම .වී

Author

Related Articles

Back to top button