Must Readජනප්‍රියතම ලිපිතාරකා විද්‍යාව

තාරකා විද්‍යාව

එම්.ජී ශෂිනි මල්ෂිකා , 9-10 ශ්‍රේණි පු / සාලිය ආදර්ශ ම . වී

තාරකා විද්‍යාව යනු කුමක් ද ?

තාරකා විද්‍යාව යනු අභ්‍යාවකාශය පිළිබඳව අධ්‍යයන කරන විද්‍යාවයි. පෘථිවියෙන් එහා පවතින සියලු දේ පිළිබඳව අධ්‍යනය කිරිම තාරකා විද්‍යාවේ අරමුණයි. මෙසේ පෘථිවියෙන් එහා පවතින ලෝකයේ අභ්‍යවකාශයයි. ඒවාවල චලිතය, පැවැත්ම , රසායනික ගුණ හා භෞතික ගුණ පිළිබඳ හැදෑරිම තාරකා විද්‍යාවට අයත්ය.

තාරකා විද්‍යාවේ ඉතිහාසය

අතීත මිනිසා ආකාශ වස්තුන් දේවත්වයෙන් පුදන ලදි. තම ජිවිතයේ ගැලවුම්කරුවන් දෙවියන් බවත්‍ ,ඔවුන් තරු වල සිට මනු ලොව දෙස බලන බවත් තරයේ සිතූහ. එඩේර යුගයේ මිනිසුන් විවේක අවස්ථාවන්හි රාත්‍රි අහස දෙස බලා ආශ්වාදයක් ලැබිය. එලෙස දකින තරු මඟින් ඔවුන් තරු රටා නිර්මාණය කර ගත්හ. කල් යාමත් සමඟ අහසේ සිදුවන චක්‍රිය වෙනස්විම් අනුව තම වගා කටයුතු සඳහා දින දර්ශකයක් ලෙසද තරු භාවිත කරන ලදි. අතීතයේ බැබිලොනියාව, මායා, ග්‍රිසිය, රෝමය, ඊජිප්තුව වැනි ශිෂ්ධාචාර තාරකා පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වුහ.

පැරැන්නන් පෘථිවිය හා විශ්වය පිළිබඳව දැක්වූ අදහස්

  • පැතලි පෘථිවිය ( පෘථිවිය මතුපිට පැතලි බව )
  • භූ කේන්ද්‍ර වාදය ( පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බව පැවසිම )
  • සුර්ය කේන්ද්‍ර වාදය ( පෘථිවියේ ඇතුලු අනෙකුත් ග්‍රහලෝක සුර්යයා වටා ගමන් කිරිම )

අතීත තාරකා විද්‍යාඥයන් හා ඔවුන්ගේ වැදගත්කම් සොයා බැලිම්

පයිතගරස් – ත්‍රිකොණ සම්බන්ධව භාවිතා කරන පයිතගරස් ප්‍රමේය ලොවට හඳුන්වාදිම ,පෘථිවියේ ගෝලාකාර බවත් එය විශ්වයේ මධ්‍යය බවත් උපකල්පනය හා සන්දන තරුව හා උදා තරැව ලෙස තරු  දෙකක් ලෙස  සැලකුවටද එය සිකුරු ග්‍රහලොව බව හඳුනා ගැනිම.

ඇරිස්ටෝටල්

මොහු විසින් සදෙහි කලා වෙනස්විම හා චන්ද්‍ර ග්‍රහක පිළිබඳව නිවැරදිව පහදා දෙන ලදි. තවද පෘථිවිය ගෝලාකාර බව සාක්ෂි සහිතව ප්‍රථම වරට ඔප්පු කළේ මොහු විසිනි. ඔහු විසින් ග්‍රහ ආකෘතියක් නිර්මාණය කළේය.

( ඇරිස්ටෝටල් )

ක්ලෙෂියඩ් ටොලමි – මොහු විසින් Almagest  නැමති ග්‍රන්ථයක් සම්පාදනය කරන ලදි. මොහු භූ කේන්ද්‍රවාදි ආකෘතිය නිර්මාණය කළේය.

ගැලිලීයෝ ගැලීලි

මොහු විද්‍යාත්මක ක්‍රමයේ පියා ලෙස හඳුන්වයි.ප්‍රථම වරට තාරකා විද්‍යාත්මක කටයුතු සඳහා දුරේක්ෂයක් නිපදවා නිරික්ෂණ කටයුතු සිදු කළේය. මෙම දුරේක්ෂයෙන් සිකුරුගේ නිරික්ෂණ , සුර්යාගේ ලප නිරික්ෂනය ,බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්, තරු පොකුරු හා චන්ද්‍රයා සිතියම් ගත කිරිීම් කරන ලදි.

 

 

 

 

 

ගැලිලීයෝ ගැලීලි දුරේක්ෂය 

සෞරග්‍රහ මණ්ඩලය තුල සුර්යාගේ පිහිටීම 

විශ්වයේ ව්‍යුහය

 මන්දාකිනියක් යනු තාරකා, ග්‍රහවස්තුන් , ග්‍රහ මණ්ඩල , වායු ,දුවිලි යනාදි බොහෝ දෑ ගුරුත්වය මඟින් එකට එක්වි ඇති ස්ථාන වේ.

Ex – සුර්යයා හෙවත් අපගේ මව් තාරකාව ක්ෂිරපතය නම් අපගේ මන්දාකිණිය තුළ පිහිටා තිබේ.

මන්දාකිණි 30 ක් එකතු වි ස්ථානිය පොකුරක් සැදේ. ස්ථානිය පොකුරු කිහිපයක් එකතු වි මන්දාකිණි පොකුරක් නිර්මාණය වේ . මෙවැනි මන්දාකිනි පොකුරු කිහිපයක් එකතු විමෙන් සුපිරි මන්දාකිනි පොකුරු නිර්මාණය වේ.

                         ග්‍රහ වස්තුන් 

එම ග්‍රහ වස්තුව අයත් තාරකාව ඇතුළු ග්‍රහ මණ්ඩලය

 එම ග්‍රහ මණ්ඩලය සමන්විත මන්දාකිණි

 මන්දාකිණි 30 ක් එකතු වි සැදෙන ස්ථානය පොකුර

 ස්ථානීය පොකුරු එකතු වන මන්දාකිණි පොකුර

 මන්දාකිණි පොකුරු එකතු වන සුපිරි මන්දාකිණි පොකුරු

 සුපිරි මන්දාකිණි පොකුරු එකතු වි නිර්මාණය වන විශ්වය

 තාරකා විද්‍යාව පිළිබඳව අධ්‍යනයේ ඇති වාසි

  • තාරකා විද්‍යාව පිළිබඳව මිනිසුන්ගේ කුතුහලය හා දැනුම වැඩි විමට
  • මිනිසුන්ට ජනාවාස වීමට සුදුසු ග්‍රහලෝක සොයා ගැනිමට
  • ජිවය පවතින තවත් ලෝක ඇති බවට මිනිසුන් තුළ පවතින සැකය සනාථ කිරිම
  • ජෝතීෂ්‍ය කටයුතු සඳහා පහසු විම
  • කාල හෝරා ගණකය පහසු විම

වසර එකොළොස් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති අභ්‍යවකාශ නිරික්ෂනයෙන් නිර්මාණය වු මෙම විද්‍යාව නිසා පැරැන්නන් සෘතු ඇති වීම හා පෘථිවි භ්‍රමණය පිළිබද අවබෝධයක් ලබා ගත් අතර තරු හා තරු රටා හඳුනා ගැනීමට නුතන තාක්ෂනය බොහෝ සේ උපකාරි වන සේම තාක්ෂණික දියුණුව නිසා අනාගතයේ දී  අභ්‍යාවකාශය පිළිබඳව  බෝහෝ දේවල් සොයා ගැනිමට හැකි වන බව තාක්ෂණික දියුණුවත් සමඟ තාරකා විද්‍යාව තුළ සොයා ගෙන ඇති නව තොරතුරු මඟින් ද සනාථ වේ.

 

Author

Related Articles

Back to top button