2024 විද්‍යා ඊ නිවුස් ලිපි තරඟයMust Readජෛව තාක්ෂණය

ජෛව තාක්ෂණය

වේතුලි දහම්දි , 11 වසර - බෞද්ධ කාන්තා විද්‍යාලය

ජෛව තාක්ෂණය යනු ජෛව විද්‍යාව මත පදනම්ව ඇති තාක්ෂණයක්වන අතර විශේෂයෙන්ම මෙය කෘෂිකාර්මිකත්වය හා ආහාර විද්‍යාව , වෛද්‍ය ක්ෂේත්‍රයන්හි සිදුවන භාවිතයන් සඳහා යොදා ගනියි. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සම්මුතියෙහි සඳහන් වන ආකාරයට ජෛව තාක්ෂනය අර්ථ දක්වා ඇත්තේ “ විශේෂිතව  වු ප්‍රයෝජනයක් ලබා ගැනිම සඳහා නවිකරණය කරනු පිණිස ජෛව විද්‍යාත්මක පද්ධති ,ජීවින් හෝ එහි ව්‍යුත්පන්නයක් සඳහා තාක්ෂණය යොදා ගැනිමයි.

ජෛව තාක්ෂණය බොහෝ අවස්ථාවලදි  21 වන ශත වර්ෂයෙන් ප්‍රවේනි ඉන්ජිනේරු විද්‍යාව හැඳින්විම සඳහා ලබා දුණි. කෙසේ වුවද මෙමගින් මිනිසුන්ගේ අවශ්‍යතාවය මත පදනම්ව ජිවි ද්‍රව්‍යය නවිකරණය විමක් සිදු කෙරිණි. දේශිය ශාක වර්ග වඩාත් හොඳ අස්වැන්නක් ලැබෙන පරිදි ස්වභාවික වර්ණය සහ දෙමුහුන් කිරිම මගින් නවිකරණය සිදු කෙරිණි. දේශිය ශාක වර්ග වඩාත් හොඳ අස්වැන්නක් ලැබෙන පරිදි ස්වභාවික වර්ණය හා දෙමුහුන් කිරිම මගින් නවිකරණය කෙරිණි.ජෛව ඉංජිනේරු ව්ද්‍යාව යනු සියලුම ජෛව තාක්ෂණය යොදා ගැනිම් මත පදනම් වු විද්‍යාවකි. නුතන තාක්ෂණය හා නව ප්‍රවේශයක් සංවර්ධනය විමේන් සම්ප්‍රදායික ජෛව තාක්ෂණය  කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නිම්වළලු පුලුල් වු අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් වන ගුණාත්මක බව වර්ධනය කරමින් එම පද්ධතිවල  නිර්මාණ හැකියාව ඉහළ නැංවුනි. 1971 ට ප්‍රථම ජෛව තාක්ෂණය යන යෙදුම ප්‍රථමික වශයෙන් යොදා ගැනුනේ ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තයේදීය.1970 වේ සිට එය බටහිර විද්‍යාත්මක සංවිධාන මගින් පදනම් වු ක්‍රමෝපායන් ලෙස  ජෛව විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා අන්තර්ගත කරන ලදි.ඩිි. එන්.ඒ ප්‍රතිසංයෝජනය , පටක වර්ධන මධ්‍යයක් ලෙස භාවිතා කිරිම ,ජිවි ශාක තුළ තිරස් ජාන ප්‍රවාහනය සහ ධාරන ජිවියෙකු තුළට බැක්ටිරියාවන් වාහකයා ලෙස භාවිතා කරමින් DAN ප්‍රවාහනය කිරිම මේ සඳහා නිදසුන්ය. සත්‍ය වශයෙන්ම මෙම වග්‍රහ කෙරුම අතීතයේදි සහ නුතනයේදි කාබනික ද්‍රව්‍යයන් භාවිතා කරමින් ආහාර නිෂ්පාදනය වැඩිකර ගැනිම සඳහා සිදු කරන ලද සියලුම ක්‍රමෝපායන් හැඳින්විම සඳහා පුළුල් වශයෙන් භාවිතා කළ යුතුවේ .

එම නිසා මෙම යෙදුම පහත ආකාරයට ද අර්ථ දැක්විය හැකිය. දේශිය හෝ විද්‍යාත්මක දැනුම භාවිතා කරමින් ක්ෂුද්‍ර ජිවින්හෝ උසස් ජිවින්ගේ සෛල සහ පටක කළමනාකරණය කරමින් ආහාර කර්මාන්තයෙහි සහ එහි පරිභෝගිකයන් හට තත්වයෙන් උසස් වෙළඳ ද්‍රව්‍ය සහ සේවාවක් සැපයිමයි.

ජෛව තාක්ෂණය ප්‍රවේනි විද්‍යාව,අනුක ජිව විද්‍යාව සහ සෛල ජිව විද්‍යාව සමග සම්බන්ධතා දක්වන අතර ඒවා රසායනික ඉංජිනේරු  විද්‍යාව , තොරතුරු තාක්ෂණය සහ රොබෝ විද්‍යාව වැනි ප්‍රායෝගික සංකල්පයන් සමඟ ද සම්බන්ධතා පවති. ව්‍යාධි ජෛව තාක්ෂණය මඟින් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබාගත හැකි පරිදි ව්‍යධි ජනකයින් සහ ඔවුන්ගේ ව්‍යාපෘතියන් උපයෝජනය කරන ආකාරය පිළිබඳව විස්තර කරනු ලබයි. සෛල හා සෛලිය ද්‍රව්‍ය සමග ක්‍රියා කිරිම ජෛව තාක්ෂණය ලෙස සරලව අර්ථ කථනය කළ හැකිය. මෙහිදි ජිවින් වෙනස් නොකර සෘජුවම භාවිතයේන් හෝ ජාන තාක්ෂණයෙන් ජිවින්ගේ අණුක සංයුතිය වෙනස් කර භාවිතා කිරිමේන් ප්‍රධාන වශයෙන් සිදුවේ.

අනාදිමත් කාලයක සිට ජෛව තාක්ෂණය භාවිතා කරමින් මිනිසා නොයෙක් ප්‍රයෝජන ලබා ගෙන ඇත. ඒ අතර, කිරි මුදවිම ,රා , බීර වැනි කර්මාන්ත උදාහරණ ලෙස පෙන්වා දිය හැකය.මේ වන විට ජෛව තාත්ෂණය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ භාවිතයට ගනි. එනම් ශාක සම්බන්ධව හරිත ජෛව තාක්ෂණයද ,සාගරය හා සම්බන්ධව නීල ජෛව කර්මාන්ත සම්බන්දව ස්වේත ජෛව තාක්ෂණය ද , වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව රතු ජෛව තාක්ෂණයද  ලෙසද ජෛව තාක්ෂණය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයත භාවිතාවේ ඇත.

හරිත ජෛව තාක්ෂණය ශාක හා සම්බන්ධව භාවිතා වන අතර , මෙහි සුලභ යෙදවුමක් ලෙස පටක රෝපණය පෙන්වා දිය හැකය.මිට අමතරව අධි ලවණ සාන්ද්‍රණවලට ඔරොත්තු දෙන වී ප්‍රභේද තැනීම ඇතුළු නව ශාක දර්ශ ඇති කිරිම ,ශාක රෝග හා පළිබෝධ පාලනයට ක්ෂුද්‍රජිවින් යොදා ගැනිම වැනි උදාහරණ පෙන්වා දිය හැකිය.සාගර හා ජලජ ජිවින් ආශ්‍රිතව ජෛව තාක්ෂණය යොදා ගැනිම නිල ජෛව තාක්ෂණය නම් වේ . මේ ආකාරයෙන් විවිධ ජෛව තාක්ෂණ වර්ග විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත. ජෛව තාක්ෂණය අප රැකගැනිමට හා ඒවායින් තිබෙන අලුත් අලුත් ද්‍රව්‍ය සොයාගැනිමට වෙහෙස විය යුතුය.

වේතුලි දහම්දි
11 වසර
බෞද්ධ කාන්තා විද්‍යාලය

Author

Related Articles

Back to top button