පානීය භූගත ජලයේ තත්වය පිළිබඳව පර්යේෂණය මගින් අනාවරණය වූ කරුණු
රොහාන් වීරසූරිය - ජාතික මූලික අධ්‍යයන ආයතනය

ජලය
අද්විතීය ගූණයකින් යුත් සංයෝගයක් වන ජලය සාමාන්‍ය උෂ්ණත්වයේදී ද්‍රවල ඝන හා වායු යන ආකාර තුනෙහිම පවතී. හිමාංකයට ඉහළ උෂ්ණත්වයේදී ජලයේ ඝනත්වය උපරිමයට ලඟා වේ.මෙය අනෙකුත් ද්‍රව සඳහා වන විද්‍යාත්මක සංසිද්ධියට ප්‍රතිවිරුද්ධ වේ. ජලයේ මෙම ගුණාංග නොමැති වන්නට ලෝකයේ ජීවයක් පවතින්නේ ද නැත. ජලය “විශ්වීය ද්‍රාවකයකි”. ජලය ගමන් කරන ඕනෑම තැනක රසායන ද්‍රව්‍යල ඛණිජල සහ පෝෂක රැගෙන යයි. ප්‍රෝටීන අණු නැමීමේ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය සිදුවන්නේ ජලය සමග අඛණ්ඩව සිදුවන හයිඩ්‍රජන් බන්ධන කැඩීමේ හා සෑදීමේ යාන්ත්‍රණය මගිනි. මනුෂ්‍ය ශරීරයෙන් 70-75% වැඩියෙන් ජලය අන්තර්ගත වන අතර සියලු මනුෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා ජලය අවශ්‍ය වේ.
ජලයේ ව්‍යාප්තිය
මහ පොළොවේ පිරිසිදු ජල සැපයුම සීමිතය. එබැවින් මෙම අගනා ජල සම්පත දූෂණය වීම නිසා ගැටළුවලට මුහුණ දී ඇත. පිරිසිදු ජලය පහසුවෙන් ලැබෙන දායාදයක් ලෙස නොසිතන්න. ජීවිතයේ සියලු කාර්යයන් සඳහා පිරිසිදු ජලය අත්‍යාවශ්‍ය වේ. අපගේ ආත්මීය සුවය සඳහා අපි ජලය මත යැපෙමු. ඇළ දොළ සිට සාගරය දක්වාල කුඩා දිය පහරවල් සහ දිය ඇළි ගංඟා සහ වැව් සිට ජලය සමස්ත ලෝකයටම අයත්වේ. තෙත බිම් ගහකොළ වලින් පිරී ඇති අතර ග්ලැසියර සහ ගැඹුරු ජලය – උල්පත් සහ භුගත ජලය මගින් බොහෝවිට පිරිසිදු ජලය ලබාගැනීමට හැකිවේ. ජලයට දේශපාලනික සීමාවන් නොමැති අතර අප කැමති වුවද අකමැති වුවද ජලය එකී සීමාවන් හරහා නිදහසේ ගලා යයි.
“සැමට ජලය” වැඩසටහන
‘2030 වසර වනවිට සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාගත හැකි බව හා තිරසාර කළමනාකරණය සහතික කිරීම’ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ 6 (UNSGD6) මගින් ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් සැමට ජලය වැඩසටහන යටතේ 2025 වසර වනවිට සමස්ත ජාතියටම සුරක්ෂිත පානීය ජලය ලබාදීම ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ 6 (UNSGD6) ක්‍රියාත්මක කිරීම වේගවත්කර ඇත. මෙම වැඩසටහනට අනුව කිසිම වෙනස්කමක් නොමැතිව සමස්ත ජාතියටම පිරිසිදු ජලය ලබාදීම ශ්‍රී ලංකාවේ සියලු සංවර්ධන සැලසුම්වල ඉහල ප්‍රමුඛතාවක් ලබාදී ඇත. 2025 වනවිට සමස්ත ජාතියටම සුරක්ෂිත පානීය ජලය ලබාදීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර මේ සඳහා ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියනයක් වෙන්කර ඇත.
ශ්‍රී ලංකාවට මෙම අපේක්ෂිත ඉලක්කය ලඟාකරගත හැකිද?
මිලියන 25ක් පමණ වන ජනගහණයක් සහිත ශ්‍රී ලංකාව ජලය හිඟ රටක් නොවේ. කෙසේවුවදල ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ජල ප්‍රභව ව්‍යාප්තව ඇති ආකාරයේ විෂමතාවයක් පවතී. පානීය ජලය අවශ්‍ය ස්ථානයන්හි නොව වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අනුවල ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 44% ක් සඳහා නල ජල පහසුකම් තිබේ, 3% ක් සඳහා අතින් ක්‍රියාකරණ නල ළිං ද, 36% සඳහා කනින ලද ආරක්ෂිත ළිං ද ඇති අතර ජනගහණයෙන් 1% ක් වැසි ජලය එක්රැස් කරගැනීමේ ක්‍රම උපයෝගී කරගනු ලැබේ. ජනගහණයේ ඉතිරි 16% ට සුරක්ෂිත ජල මූලාශ්‍ර සඳහා ප්‍රවේශයක් නොමැත. එබැවින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වාසය කරන මිලියන තුනකට වැඩි ජනතාව උග්‍ර ජල හිඟයෙන් පෙළේ. එම ප්‍රදේශයන්හි ඇති ජලයේ අධික ලවණතාවය හේතුවෙන් ජලයේ රසය පිළිබඳව ගැටලුවක් ද ඇති බැවින් මේ සඳහා එදිනෙදා ක්‍රියාත්මක කළ හැකි කෙටිකාලීන වේගවත් උපායමාර්ගික විසඳුම් සෙවිය යුතුවේ. මේ වනවිට ප්‍රතිපත්ති සම්පාදකයින්, ඉංජිනේරුවන්, විද්වතුන්, සහ තාක්ෂණවේදින් වියළි කලාපයේ උග්‍ර පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් මෙන්ම ඊට හේතුවන මූලික ජල තත්ව සහ කළමනාකරණ ගැටලු පිළිබඳව ද මනාව දැනුවත් වී තිබේ. වියළි කලාපීය ජලයේ SiO2, Na+, K+, Ca2+, Mg2+, SO₄²–, Cl– HCO-₃ , NO₃– යන අයන හා සංයෝගයන් අඩංගුවීම එම ජලයේ ලවණතාවයට බෙහෙවින් බලපා ඇත.
අධික ලෙස ෆෝලෝරයිඩ්
ජලයේ අධික ලෙස ෆෝලෝරයිඩ් අඩංගුවීම නිසා ළමුන්ගේ දත් කහපැහැවීම දක්නට ලැබේ. එබැවින්, ලවණතාවයට පිළියම් කිරීමට පෙර ජලයේ අමතර ෆෝලෝරයිඩ් ඉවත් කිරීම සඳහා බලධාරීහු ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ලැබීය. මෙහි අවසන් ප්‍රතිඵලය රසයෙන් අඩු ෆෝලෝරයිඩ් රහිත ජලයයි. ආරෝපිත අයන ඉවත්කිරීමේදී ජලයේ අඩංගු ප්‍රතිවිරුද්ධව ආරෝපිත අයන ආරෝපණය සමතුලිත කිරීම සඳහා සැකසේ. එම නිසා, ෆෝලෝරයිඩ් හෝ වෙනත් අංශුමාත්‍ර මූලද්‍රව්‍ය සඳහා ප්‍රතිකාර කිරීමට පෙර මුලින්ම ජලයේ ලවණ ඉවත්කිරීම සිදුකළ යුතු බව අපගේ උපකල්පනයයි. අවශ්‍යවන්නේ නම් අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ඉවත්කිරීම සඳහා අමතර ප්‍රතිකර්ම ක්‍රම හඳුන්වාදිය හැකිවේ.
ඉතිරි කොටස බලාපොරොත්තු වන්න ……..