Uncategorized
ඔබ ප්ලැටිපස් නම් සත්වයා ගැන අසා තිබෙනවාද?
ඔබ දන්නවාද ප්ලැටිපස් සත්වයා ගොදුරක් හඹායන විට ඌගේ ඇස්, කන් වසාගන්නා බව? එනම් දඩයම්කරන විට ප්ලැටිපස් අන්ධ බිහිරෙක් බවට පත්වේ. එසේනම් කෙලෙසද ප්ලැටිපස් දඩයම් කරනුයේ? ප්ලැටිපස් හට අපට පවතින සංවේදක වලට අමතරව තවත් සංවේදකයක් පවතී. එනම් අනෙක් සත්වයන් මගින් නිපදවනු ලබන විද්‍යුත් සංඥා සංවේදනය කිරීමේ හැකියාව ඇත. ප්ලැටිපස්ගේ හොට සංවේදක අවයවයක් වේ. එතුල විද්‍යුත් සංඥා සංවේදනය කිරීමට හැකි සෛල දහස් ගණනක් ඇත. යම් කිසි සත්වයෙකු තම පේශී සංකෝචනය කරන විට විද්‍යුත් සංඥා හටගනී. එනම් සත්වයන් පිහිනන විටද විද්‍යුත් සංඥා නිපදවයි. ප්ලැටිපස් තම හොට භාවිතා කරමින් මෙම විද්‍යුත් සංඥා ඔස්සේ ගමන් කර තම ගොදුර සොයාගනී.