විද්‍යා ඊ-නිව්ස් වෙබ් අඩවිය එළිදැක්වීම පිළිබඳව ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ සුබ පැතුම් පණිවුඩය
“විද්‍යා ඊ-නිව්ස් වෙබ් අඩවිය විද්‍යා සාක්ෂරතාව ඉහල නැංවීමට වේදිකාවක් වනු ඇත.”
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හා පොදු මහජනතාව අතර විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයන් ප්‍රචලිත කිරීම සඳහා අමාත්‍යාංශය මඟින් තබන ඉදිරි පියවරක් ලෙස විද්‍යා ඊ නිවුස් වෙබ් අඩවිය ආරම්භ කිරීම හඳුන්වාදීමට කැමැත්තෙමි.
වර්තමානය තුළ නවීන තාක්ෂණය කෙරෙහි සමාජයේ වැඩි අවධානයක් යොමුව පැවතියද තවමත් එය ප්‍රමාණාත්මකව ඉහල අගයක් නොවන බව විද්‍යාමාන වේ. එය ප්‍රමාණාත්මකවද ඉහලට ගෙන ඒම පිණිස දිගු කාලීන පියවරයන් රැසක් අප අනුගමනය කරමින් සිටිමු. රට තුළ පර්යේෂණ සංස්කෘතියක් නිර්මාණය කිරීමට මංපෙත් විවර කිරීම එහි එක් වැදගත් පියවරකි. මෙහි පදනම විද්‍යා සාක්ෂරතාව ශක්තිමත්ව ඉහල නැංවීමයි. විද්‍යා ඊ නිවුස් වෙබ් අඩවිය විද්‍යා සන්නිවේදනයේ බාධක දුරලමින් විද්‍යා සාක්ෂරතාව දියුණු කර ගැනීමට මනා පිටුබලයක් වනු නොඅනුමානය. තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීම මෙන්ම එහි ප්‍රතිලාභ සමාජය වෙත රැගෙන යාමට අමාත්‍යාංශය දරන වෑයමට මෙය වේදිකාවක් වනු ඇත.