ස්වාභාවික විද්‍යාව

ගසක පොත්ත කැපීමෙන් ගස මිය යයිද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ගසක පොත්ත කැපීමෙන් ගස මිය යන්නේ ශාකයේ අත්‍යවශ්‍ය ප්‍රවාහන පද්ධතියක් වන ෆ්ලෝයමයද ඒ සමඟ ඉවත් වන නිසාය. ෆ්ලෝයමය මඟින් සුක්‍රෝස් හා ඇමයිනෝ අම්ල පත්‍ර වල සිට අනෙකුත් ස්ථාන කරා පරිවහනය කරමින් ශාකයේ සියලුම ක්‍රියාදාමයන් පවත්වා ගැනීම සඳහා ශක්තිය සපයයි. මුල්වල සෛල ඇතුලුව ශාකයේ ඇති සියලුම සෛල නිසිලෙස ක්‍රියා කිරීමට ශක්තිය අවශ්‍ය වේ. ප්ලෝයමය විනාශ වූ පසු මුලේ සෛල වලට පෝෂ්‍යණය නොමැතිව ක්‍රියාවන් අඩපන වේ. මුල් මඟින් ජලය අවශෝෂණය කිරීමට නොහැකි වීම නිසා ගසම ජලය නොමැතිව මියයෑම සිදුවේ.

Author

Related Articles

Back to top button