Science Insiderස්වාභාවික විද්‍යාව

පාපන්දු ක්‍රීඩාවක නිදහස් පහරක් ඔබ දැක තිබෙනවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පාපන්දු ක්‍රීඩාවක කණ්ඩායමකට නිදහස් පහරක් ලැබුණු විට ඔබ දැක තිබෙනවා ඇති එය ඉදිරියෙන් සිටගෙන සිටිය යුතු ක්‍රීඩකයන් සුදු ඉරක් පිටුපසින් සිටගෙන සිටිනවා. මෙම සුදු ඉර තරග විනිශ්චයකරු විසින් කුඩා ස්ප්‍රේ බෝතලයකින් අදින ලද්දක් වේ. එනමුත් ටික වේලාවකට පසු මෙම සුදු ඉර නොපෙනී යයි. ඔබ දන්නවාද කුමක්ද මෙහි සිදු වන්නේ කියා? මෙම ස්ප්‍රේ බෝතලයේ බියුටේන්, ජලය හා වෙනත් රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් ඇත. මෙම මිශ්‍රණය ඉස්ස විට ද්‍රව බියුටේන් ප්‍රසාරණය වේ. ඉන්පසුව මෙම ද්‍රව බියුටේන් එසැනින් වාෂ්ප වී ජල සර්ෆැක්ටන්ට් මිශ්‍රණයේ බුබුළු ඇතිවේ. මෙම සර්ෆැක්ටන්ට් හේතුවෙන් බුබුළු වලට ස්ථායිතාවයක් ලැබී පෙණ ඇතිවේ. මෙය සුදු ඉරක් ලෙස ඔබ නිරීක්ෂණය කරයි. ඇතිවූ බුබුළු ටික වේලවාකින් පසුව පිපිරි යයි. මෙවිට පෙණ අතුරුදහන් වී සුදු ඉර මැකී යයි.

Author

Related Articles

Back to top button