Science Insiderස්වාභාවික විද්‍යාව
ඔබ දන්නවාද බකමූණෙකුගේ ඇස් කන් හරහා දැක ගත හැකි බව?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ දන්නවාද බකමූණෙකුගේ ඇස් කන් හරහා දැක ගත හැකි බව? කන් සිදුර බොහෝ විට පිහාටු වලින් වැසී තිබුනද ඒවා ඉවතට තල්ලු කර බැලූ විට හිස් කබලට විවෘත වන කුහරයන් දැකගත හැකිය. බකමූණන්ට අසාමාන්‍ය ලෙස විශාල කන් සිදුරක් ඇති නිසා එය තුලින් බැලූ විට අක්ෂි ගෝලය පෙනෙයි. අනෙකුත් පක්ෂීන්ට මෙන්ම බකමූණන්ටද බාහිර කනක් නොමැති අතර පිටතින් නොපෙනුනත් ඔවුන්ට අභ්‍යන්තර කණක් ඇත.බකමුණන්ගේ කන් හොඳින් අනුවර්තනය වී ඇත. බොහෝ බකමූණෝ රාත්‍රියේ හොඳ දඩයම්කරුවන් වන අතර ඔවුන්ගේ සුවිශේෂී ඇසීම හා ඇස් අදූරේදී වේගයෙන් ගමන් කරන ගොදුරු පවා අල්ලා ගැනීමට උපකාරි වෙයි.