Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබේ ඇඟේ දුගඳ ඇතිවන්නේ කෙසේද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබලා සමහරදෙනෙකු ඔබේ ශරීරයේ දුගඳ වසන් කිරීමට සුවද විලවුන් භාවිතා කරනවා ඇති. එත් සමහරවිට හොද සුවද විලවුන් එකක් භාවිතා කලද ඔබේ ඇඟේ සුවද වසන් කිරීමට ඔබට නොහැකි වේ. ඔබේ ඇඟේ දුගඳ ඇතිවන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න.

සාමාන්‍යයෙන් අප වැඩ කරන විට අපේ ස්වේද ග්‍රන්ථී වලින් ස්වේදය නිපදවයි. අපේ ශරීරයේ ස්වේද ග්‍රන්ථි වර්ග 2කි. ඒවා වන්නේ ඒක්‍රයින් හා ඇපෝක්‍රයින් ස්වේද ග්‍රන්ථිය. මෙලෙස නිපදවන ලද ස්වේදයට ගන්ධයක් නැත. සම මත සිටින බැක්ටිරීයා මෙලෙස නිපදවන ලද ස්වේදයේ අඩංගු ප්‍රෝටීන හා මේදය මත ක්‍රියා කර එම සංයෝග වෙනත් සංයෝග බවට පත් කරයි. මෙලෙසින් නිපදවන නව සංයෝග මගින් අප්‍රසන්න සුවදක් ලබා දේ. මෙය අප ශරීරයේ දුගඳ ලෙස හදුනාගනී. එබැවින් ඔබේ අත්යට පිරිසිදුව තබාගැනීමට මතක තබාගන්න.

Author

Related Articles

Back to top button