Science Insiderස්වාභාවික විද්‍යාව

විදුලි පංකාවේ තටු කැරකුනද එහි දූවිලි බැඳී තියෙන්නේ කෙසේද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මෙදිනවල පවතින ඉහල උෂ්ණත්වය හේතුවෙන් ඔබලා බොහෝදෙනෙකු විදුලි පංකාවක් භාවිතා කරනවා ඇති. විදුලි පංකාව භාවිතා කරන විට එහි තටු කැරකෙමින් පවතී. එනමුත් ඔබ මෙම තටු දෙස බැලුවොත් මෙම තටු මත දුවිලි පිරී ඇති බව ඔබට පෙනේ. එහෙත් කෙලෙසද මෙම ප්ලාස්ටික් විදුලි පංකාවේ තටු කැරකුනද එහි දූවිලි බැඳී තියෙන්නේ? ප්ලාස්ටික් විදුලි පංකාවේ තටු වාතය තුලින් ගමන් කරන විට තටු වාතයේ ඇතිල්ලීම හේතුවෙන් මෙම තටුවල ස්ථිති විද්‍යුත් ආරෝපනයක් හටගනී. වාතයේ පවතින දුවිලි අංශු මෙලෙස ආරෝපණය වූ ප්ලාස්ටික් විදුලි පංකාවේ තටු සමග අන්තර්ක්‍රියා කර තටු වලට ආකර්ෂණය වේ. මේ අනුව ඔබට දූවිලි රැසක් ප්ලාස්ටික් විදුලි පංකාවක තටු වල බැඳී පවතින බවට නිරීක්ෂණය කළ හැක.

Author

Related Articles

Back to top button