Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ සීත ඔලිම්පික් වල කර්ලින් නමැති ක්‍රීඩාවක් දැක තිබෙනවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ සීත ඔලිම්පික්ස් නරඹා තිබේ නම් කර්ලින් නම් ක්‍රීඩාවක් ඔබ දැක තිබිය හැක. මෙම ක්‍රීඩාව කණ්ඩායම් තරගයක් වන අතර එක් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් කිලෝ 19ක් බරැති කළු ගලින් සාදන ලද කර්ලින් පාෂාණයක් අයිස් පොළොව මත ඇඳ ඇති ඉලක්කයකට විසිකරනු ලබයි. මෙම ක්‍රීඩාවේ ඇති අමුතු අංගය වන්නේ මෙම පාෂාණය අයිස් පොළොවේ ගමන් කරන විට එම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් කොසු ගෙන පොළොව පිහිදීම සිදුකරයි. මෙලෙස සිදුකිරීමට විද්‍යාත්මක පදනමක් ඇති බව ඔබ දන්නවාද? මෙලෙස ක්‍රීඩකයන් අයිස් පොළොව තදින් වේගයෙන් මදින විට පිහිදීමෙන් ජනනය වන තාපය මතුපිට අයිස් තට්ටුව දිය කිරීම සිදුවේ. මෙලෙස මතුපිට අයිස් තට්ටුව දිය වීමෙන් නිපදවෙන තුනී ජල තට්ටුව ස්නේහකයක් ලෙස ක්‍රියා කරයි. එවිට කර්ලින් පාෂාණය මතට බලපාන ඝර්ෂණ බලය අඩුවන අතර කර්ලින් පාෂාණය වැඩි දුරක් ගමන් කරයි.

Author

Related Articles

Back to top button