Science Insider
නව උපැස් යුවලක් පැලඳූ පසු ගැඹුර දැකීමේදී විකෘති ස්වභාවයක් ඔබ අත්විඳ තිබේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

නව උපැස් යුවලක් පැලඳූ පසු ගැඹුර දැකීමේදී විකෘති ස්වභාවයක් ඔබ අත්විඳ තිබේද? ඔබේ නව උපැස් යුවල වස්තුන් හොඳින් නාභිගත කලද වස්තුවල පරිමාවන් විකෘති කර පෙන්වයි. සාමන්‍ය සිදුවීමක් වන මෙය ඔබේ නව කාච වලට අනුව ඇස සැකසීමේදි සිදුවන ප්‍රමාද දෝෂයක් නිසා වේ. ඔබ දීර්ග කාලයක් වෙනස් උපැස් යුවලක් පැලඳ සිටියේනම් හෝ උපැස් රහිතව සිටියේනම් ඔබේ ඇස මොළයට ලබදුන් සංඥා නව උපැස් යුවල සමඟ වෙනස් වේ. එවිට ඇසට හා මොළයට වස්තුවක පරිමාව හා එය පිහිටා ඇති දුර අතර සම්බන්ධතාව නිවැරදිව හඳුනාගැනීමට නොහැකිවේ. නමුත් ටික කලකින් පසුව ඇස නිරායාසයෙන්ම එයට හැඩගැසේ.