Science Insiderස්වාභාවික විද්‍යාව
මහා බාධක කොරල් පරය ලොව විශාලතම කොරල් පරය බව දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මහා බාධක කොරල් පරය ලොව විශාලතම කොරල් පරය බව දන්නවා ඇති. මොකක්ද මේ කොරල් පර කියන්නේ? කොරල් පරය සෑදී ඇත්තේ කැල්සියම් කාබනේට් වලින් එකට බැදී ඇති කුඩා පොලිප් ජීවීන් නැතහොත් බහුබා ජනපද වලිනි.මෙම සතුන් පොකුරු වශයෙන් එක්වී නිර්මාණය කරන සැකිලි කොරල් ලෙස හඳුන්වයි.මෙම කොරල් නොනැසී පවතින්නේ ඔවුන් සමඟ සහජීවීව ජීවත් වන ඇල්ගී හේතුවෙනි. ඇල්ගී සූර්යයාගෙන් ආලෝකය අවෂෝශනය කර කොරල් පෝෂණය කරයි.තවද කොරල් වලට දීප්තිමත් වර්ණයද ලබා දෙයි.