Must Readරොබෝ තාක්ෂණය

රොබෝවරුන්

ආර්. කේ. ඩී. ශ්‍යාමලී සෙවුවන්දි - විද්‍යා ඊ නිවුස් ලිපි තරගාවලිය -2023 (ජයග්‍රාහී ලිපි)

රොබෝවරුන් යනු පරිගණකමය මොළයක් සහිත , මොළයෙන්  දෙන විධානයන් පිලිපදින යන්ත්‍ර විශේෂයකි. රොබෝවරුන් ක්‍රියා කල යුතු ආකාරයේ සැකැස්ම තනා ඊට අයත් පරිගණකයට යැවූ විට , එයින් ලැබෙන විධානයන් අනුව ඔහු ක්‍රියා කරයි . එය යන්ත්‍රයකි එහෙත් හැම අතින්ම මනුෂයකු මෙන් ක්‍රියා කල හැකි , මිනිස් ස්වරූපය ඇති ස්වාධීන රොබෝවරයකු නිපදවීමට විද්යාඥයන්  උත්සාහ කරමින් සිටිති. මිනිසා විසින් මුලින්ම තනන ලද යාන්ත්‍රික සත්ත්වයන් කිහිපදෙනෙකු ගැන ඉතිහාසයේ සදහන් වේ.

ඒවා මද දුරක් ඇවිදීම හිස සහ අත් පා සෙලවීම ආදී සරල ක්‍රියාවක් කල හැකි වූ කෙලිබඩු විය . එන්ගලන්තය බදු රටවල් වල රාජකීය පවුල් වල ළමෝ එකල එම යාන්ත්‍රික කෙලිබඩුවලින් විනෝද වූහ

පුනුරුද සමයෙහි ඉතාලියේ වාසය කල ලියනාඩෝ ඩාවින්චි විසින් ක්‍රි.ව 1515 වසරේ ෆැරන්සිස් නම් රජුගේ සිත පිනවනු පිනිස යාන්ත්‍රික සිංහයකු තැනූ බව වාර්තා වෙයි . ඩාවින්චි විසින් එම සින්හ රුව රජු ඉදිරියේ තැබූ විට එය පියවර කිහිපයක් පෙරට තබා රජුට හිස නමා ඉදිරි කකුල් දෙකෙන් තම ලය පෙදෙස විවෘර්ත කර දැක්වූ බව සදහන් වේ.

ක්‍රිව 1738 වසරේදී ඩී වොකන්සන් නම් ප්‍රංශ කාර්මිකයා යාන්ත්‍රික තාරාවකු තැනුවේය . අහුලා කන ලෙසක් දැක්වීමත්, තාරා ගමනකින් ඇවිදීම සහ ක්වැක් ක්වැක් යන තාරා හඩ නැගීම කල හැකි වූ බවත් මේ සත්ත්වයා ජලයේ තැබූ විට පීනා ගිය බවත් වාර්තා වේ .

ක්‍රි.ව 1774 වර්ෂයේ ප්‍රංශ ජාතික ජාක්ස් ඩ්‍රෝසේ නම් කාර්මිකයා තීන්ත බදුනක පෑනක් ඔබා කෙටි වැකි දෙකක් කඩදාසියක ලිවීමේ සමත් බෝනික්ක්කුගේ හැඩ රුව ගත් රෝබෝ භාන්ඩයක් තනා ඇත.එය ක්‍රියාත්මක වී තිබෙන්නේ ඔරලොසුවකට අයත් යන්ත්‍ර කොටසක් මගිනි. ක්‍රි.ව 1801 වර්ෂයේ ප්‍රංශ ජාතික ජොසප් මාරි ජැකාඩ් රෙදි වියන අත් යන්ත්‍ර වලට ඉබේ ක්‍රියාත්මක වී රටා යොදන සරල රොබෝ යන්ත්‍රයක් සවි කොට එම කටයුත්ත විධිමත්ව හා පහසු කර ගෙන ඇත. ක්‍රිව 1890 වසරේ තොමස් අල්වා එඩිසන් නම් සුප්‍රකට අමෙරිකන් නිශ්පාදකයා ‘මෙත්ලෝ පාක්’ නම් තම කම්හලේ කතා කරන බොනික්කෙකු නිපදවිය. ඔහුට එම හපන්කම කල හැකි වූයේ ශබ්ධය පටිගත කිරිම සහ ප්‍රතිවාදනය යන අංශ වලින් ඔහු තබා තිබුනු ඉදිරි පියවරවල අධාරයෙනි.

1927 වසරේ එක්සත් ජනපදයේ සුප්‍රකට ටෙන්ටිහෙවුස් විදුලි භාන්ඩ නිශ්පාදන සමාගම ටෙලිටොක්ස් නම් රොබෝවරයා තැනීය. ස්වාමියා විසින් දෙන ලද සංඥා හදුනාගෙන  ඒ අනුව ක්‍රියාත්මක වීමට ටෙලිටෝක්ස් හට හැකියාව තිබුණි

රොබෝ මිනිසා හා රොබෝ බල්ලා

1939 වර්ෂයේ එම සමාගමේ ජේ එම්. බානට් නම් ඉංඡිනේරුවා ‘ඉලෙක්ට්‍රෝව’ නැමැති රෝබෝවරයා සහ ඔහුගේ සුරතලා වූ ස්පාර්කෝ නම් රොබෝ බල්ලා නිපදවිය. ඉලෙක්ට්‍රෝ හට තම තොල්, අත් පා බාහු ක්‍රියාත්මක කිරීමටත් තැටි වාදන යන්ත්‍රයක උපකාරයෙන් වචන අසූවක් ප්‍රකාශ කිරීමටත් හැකියාව තිබුනි. තම අත්වල ඇගිලි යොදා ගෙන දහය දක්වා ශබ්ධ නහා ගණන් කිරිම ඔහුට කල හැකි වූ තවත් හපන්කමකි.

කම්හල් සේවක රොබෝවරුන්

රොබෝවරුන් තනා කම්හල්වල වැඩෙහි යෙදවිම මේම ක්ෂේත්‍රෙයහි මිනිසා විසින් ගන්නා ලඳ ඊළඟ පියවරයි. කම්හල්වල වැඩෙහි යෙදවුණු රොබෝවරුන්ට තිබුනේ අත්,බාහු සහ ඇඟිලි පමණි .ඒවායේ වැලමිට සන්ධි ,මැණික් කටු සන්ධි හා ඇඟිලි පුරුක් සන්ධි විය.යමක් තදින් අල්ලා තැනිම සඳහා ඔවුන් ගේ අතැඟිලිවලට චුෂකර ගා විද්‍යුත් චුම්බක සවිකොට තිබුණි.මේ රෝබෝවරුන් ලෝහ භාණ්ඩ ඇල්ලිමට චුම්භකත් ,ලෝහ නොවන  දේ ඇල්ලිමට චුෂකරත් යොදා ගත්හ.කම්හල්වල ,මෝටර් රථවල ලෝහ කොටස් පෑස්සිම ,එම තහඩුවල නට් විදිම,ඇණ තද කිරිම සහ තින්ත ගැම ආදි කටයුතු කරන රොබෝවරුන්ගේ අත්වල අමතර උපකරණ සවි කිරිම අවශ්‍ය වන්නේ නැත.අපේක්ෂිත කටයුතුවලට ගැලපෙන පරිදි සකස්කළ හැකි ආකාරයට ඔවුන්ගේ අත් තැනෙන බැවිනි.

රෝබෝවරුන් කම්හල්වල සේවයේ යෙදවිමට මුල් වු වැදගත් අවශ්‍යතා කිපයක් ඇත.ඒවා මෙසේය.

01.මනුෂ්‍යෙයකුට ළං විය   නොහැකි  අධික උෂ්ණත්වයක් ඇති තැන්වල කටයුතු කිරවිම.

02.මනුෂ්‍යයකුට ඉසිලිය නොහැකි බර සහ පිඩනය සහිත කටයුතුවල යෙදිම .

03.මිනිස් සිත ඉබාගාතේ යාමේන් යම් යම් කටයුතු වලදි සිදු විය හැකි මිනිස් අත්වැරදි අවම කිරිම.

දුරස්ථව පාලනය වන රොබොවරුන්

ඈත සිට මෙහෙයවිය  හැකි රෝබෝවරුන් නිපදවිම රෝබෝ තාක්ෂණයේ ඉතා වැදගත් දියුණු පියවරක්අ වුයේය.ළග පාත කිිිිිිිිිිිසිම මනුෂ්‍යෙයකු නොමැතිව කම්හල්වල සවදේ පැය විසිහතරේම එක දිගට ක්‍රියාත්මක කරන ,කිලෝමිටර් විස්සක් තිහක් ඈත සිට දුරස්ථ පාලන උපකරණ මඟින් මෙහෙයවිය හැකි රෝබෝවරුන් මුලින්ම තනන ලද්දේ ජාපානය විසිනි.

රොබොවරුන් විසින් කළ යුතු කාර්යයන්හි ස්වභාවය අනුව ඔවුන් අභ්‍යවකාශ කටයුතුවලට යොදාගෙන අය ,ගෘහස්ථ කටයුතුවලට යොදා ගැනෙන අය ,ආයතනික කටයුතු සඳහා යොදා ගැනෙන අය ,බිම් බෝම්බ ආදිය සොයා ගෙන ඒවා නිෂ්ක්‍රිය කරන අද ආදි වශයෙන් වර්ග කොට තිබේ.

මැනි නම් රොබෝවරයා

එක්සත් ජනපදයේ යුද හමුදාව විසිනු නිපදවන ලද මැනී රෝබෝවරැන්අතර ඉතා වැදගත් අයෙකි.ඔහුට මනුෂ්‍යෙයකුගේ හැඩ හුරුකම් තිබුණි.ආශ්වාද ප්‍රශ්වාස කළ හැකි විය.මැනිට දහඩිය පිට කිරිම ,දණ හිස් නැමිම ,උරහිස් චලනය කිරිම සහ පන්දුවකට පාදයෙන් පහර දිම මෙන්ම උසස් හමුදා නිලධාරින් හඳුනාගෙන ඔවුන්ට අචාර කිරිමේ හැකියාවද තිබුණි.

සෙන්ට්‍රි නම් රොබෝවරයා

ජපානයේ කම්හලක් තුළ ආරක්ෂක සේවයේ නියුතු සෙන්ට්‍රි නම් රෝබෝවරයා පැයකට කිලෝමිටර් හතරක පමන වේගයකින් මුළු රෑ තිස්සේ කම්මල් පුරා ඇවිදියි.එක් රැයක් කම්හලේ වහලයෙන් ඇතුලට බැදිමට සැරසුණු සොරමුලක් ගැන සෙන්ට්‍රි ට දැණුනි.ඔහු නිකුත් කළ සංඥා අනුව වහා එහි ආ ආරක්ෂක නිලධාරින් සොරකම වාරතා කලහ.

අභ්‍යවකාශයට යන රොබෝවරුන්  

චන්ද්‍රයා සහ අඟහරු බඳු අඟහරු බඳු ග්‍රහලෝක මතුපිට සංචාරය කොට ඒ පිළිබඳව තොරතුරු හා ජායාරුප පෘථිවියට එවිම සහ එ්වායින් ගල් හා සේ ආදි නියැදි රැස්කිරිම යන කාරයයන් සඳහා ද රෝබෝවරුන් යොදා ගැනේ. අඟහරු ලෝකය මතට ගොඩබස්වන ලඳ රෝවර් එවැන්නකි.

1990 වසරේ කොළොම්බියා අභ්‍යවකාශ යානයට සවිකොට තිබු රොබෝ අතක් ඒ අසලින් ගමන් ගත් දෝෂ සහිත චන්ද්‍රිකාටක් අල්ලාගෙන එය යානයට තුළට ගත්තේය .අභ්‍යවකාශගාමිහු එම දෝෂ නිවැරදි කළහ.  රොබෝ අත් විසින් අභ්‍යවකාශ යානාවල දෝෂ ගුවනේදිම නිවැරදි කරනු ලැබේ.

වෛද්‍යවරුන්ට සහනය දෙන රෝබෝවරුන්

වෛද්‍යවරුන්ට සහාය වන රෝබෝවරුන් ඉතාම විස්මයජනක සුවිශේෂ නිර්මාණයකි.මොළය,හෘදය ,ඇස් ආදියෙහි කෙරෙන සැත්කම් වලදි ආබාධ හඳුනා ගැනිම ,සැත්කම් උපකරණ මෙහෙය විම හා ශල්‍ය වෛද්‍යවරයාට අවශ්‍ය කරන අන්දමට සැත්කමට බඳුන් වන කොටස විවිධ කෝණ වලින් දක්වාලිම ඔවුන් විසින් කරනු ලැබේ.රෝබෝවරුන් හවුල් කර ගන්නා මේම පිලියම් රෝබෝ සැත්කම් ලෙස හඳුන්වනු ලැබේ.කිලෝමිටර හත්අටදාහදක් ඈත සිටින වෛද්‍ය විශේෂ්‍යඥයකු දෙන විධාන පිළිගෙන ඒඅනුව ශල්‍යාගාරයේ තමන් සමඟ සිටින වෛද්‍යාවරයාට උපකාර කළ හැකි රෝබෝවරුන් සිටිති.සාක්ක්වෝ නම් වෛද්‍ය ඉන්ජිනේරුවා විසින් නිර්මාණය කරන ලද ඔලි සහ විලියම්ස් හා චාල්ස් යන වෛද්‍ය ඉන්ජිනේරුවා විසින්නිර්මාණය කරන ලද ටෙලි -මයික්‍රො රොබෝවරු ඒ අතින් සුප්‍රකටය.

ප්‍රථම සාර්ථක රොබෝ මිනිසා

වර්ෂ 2002 රොබෝ තාක්ෂණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් විය .එනම් මෙතෙක් කළක් හොන්ඩා සමාගම  කෘතිම මිනිසෙකු තැනිමට දරන ලද උත්සහායේ ප්‍රතිඵලයක් වු ප්‍රථම කෘතිම මිනිසා වු අසිමෝ බිහිවිය.හොන්ඩා සමාගමේ අසිමෝ නිර්මාණ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවා වුයේ ඔසබෝ හිරෝස්ය.ඔහු අසීමෝ පමණක් නොව හොන්ඩා සමාගමේ කෘතිම මිනිසුන් නිර්මාණය කරන ව්‍යාපෘතියේ ප්‍රධානියා ය.

අසීමෝ තුළ ඇති අයිවෝක් නම් බුද්ධිමය වැඩසටහන ස්විශේෂි එකකි.එහිදි විධාන කිහිපයක් එක්වර දුන් විට නොනවතී ගමන් කරමින් සාමාන්‍ය මිනිසෙකු සේ මෙන් ඒවා එකිනෙක ඉටු කිරිමේ හැකියාව ඇත.එනෙම්ම නම්‍යශිලි අයුරින් හැසිරිමේ හැකියාව අසිමෝට ඇත.අවදානම් තැනකින් යන විටදි බලාගෙන වැටෙයි මේ අසිමෝ දෙන අවවාදයයි.

අසිමෝ නිව්යෝර්ක් කොටස වෙළෙඳ පොළේ සිනුව නාද කරමින් වැඩ කටයුතු ආරම්භ කිරිමට සංඥාව ලබා දෙමින් 2022 වසරේදි ලොව සියළු දෙනාගේ අවධානය දිනා ගත්තේය.

ආර්. කේ. ඩී. ශ්‍යාමලී සෙවුවන්දි
10 ශ්‍රේණිය
කිරිවනාගොඩ කණිටු විදුහල
බඩල්කුඹුර

Author

Related Articles

Back to top button