Must Readජනප්‍රියතම ලිපිස්වාභාවික විද්‍යාව

ජාත්‍යන්තර කාන්තා දිනය 2023

Reuters වෙබ් අඩවිය

ජාත්‍යන්තර කාන්තා දිනය යනු කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීම සහ අයිතිවාසිකම්  දිනාගැනීම වෙනුවෙන් වාර්ෂිකව වෙන්වූ දිනයකි.   මෙහි මූලාරම්භය සනිටුහන් වනුයේ විසි වන සියවස මුල් භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සහ කම්කරු ව්‍යාපාර ඇසුරින් වන අතර විශේෂයෙන්ම කාන්තාවන් සඳහා සේවා ස්ථානවල වඩා යහපත් වැඩකිරීමේ පරිසරයක්  සහ ජන්දය දීමේ අයිතිය  සඳහා ඔවුන්  සටන් වැද  සිටි පසුබිමකය.

1911 වසරේදී ඔස්ට්‍රියාව ,ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විස්ටර්ලන්තය යන රටවලදී කාන්තා අයිතීන් සුරැකීම සඳහා එක්  රොක් වූ මිලියනයකට අධික ජන සහභාගීත්වයකින් ප්‍රථම වරට මෙම දිනය සැමරීම වාර්තා වූ නමුත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ  1977 වසරේදීය.

එතැන් සිට මෙය ප්‍රමාණයෙන් පමණක් නොව එහි විෂය පථය ඇසුරින්ද වර්ධනය විය.එහිදී කාන්තාවන්ට එරෙහි හිංසනයෙහි  සිට සේවා ස්ථානයන්හි කාන්තාවන්ට සම තත්ත්වය ලබාදීම දක්වා වූ පුළුල් පරාසයක  විහිදුනු ගැටලු සඳහා අවධානය යොමු  වී ඇත.

මෙම වර්ෂය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තේමාව වනුයේ “DigitALL: Innovation and Technology for Gender Equality.”   “සියලු දෙනා සඳහා ඩිජිටල්කරණය : ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානත්වය උදෙසා නවෝත්පාදන සහ තාක්ෂණය “ යන්නයි.අයිතිවාසිකම්   දිනා ගැනීම උදෙසා තාක්ෂණය තීරණාත්මක සාධකයක් වන අන්දම මෙම මාතෘකාව හරහා ඉස්මතු කර පෙන්වන මුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වර්ධනය වන ඩිජිටල් පරතරය හේතුවෙන් කාන්තාවන් සඳහා ඇති රැකියා අවස්ථාවන්හි සිට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ  සුරක්ෂිතතාව  ඇතුළු සෑම සියලු දෙයක් සඳහාම බලපෑම් එල්ල වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව,අන්තර්ජාලය සඳහා පිවිසීමේ අවස්ථාව පුරුෂයින්ට වඩා මිලියන 259කින්  අවම අගයක කාන්තාවන් සඳහා පවතින අතර  විද්‍යාව,තාක්ෂණය,ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයයන් හා අදාළ රැකියාවන්හි කාන්තා නියෝජනය ඉතා අවම මට්ටමක පවතී.

“තාක්ෂණය වෙත කාන්තාවන් ප්‍රවේශ කරවීම හරහා වඩා නිර්මාණශීලී විසඳුම් සහ කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලන සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව ප්‍රවර්ධනය කෙරෙන නවෝත්පාදනයන් බිහි කිරීමේ වැඩි විභව්‍යතාවක් ප්‍රතිඵල වනු ඇත.අසමාන ලෙස ඔවුන්ගේ  ඇතුලත් නොවීම පාඩු රැසකට මග විවර කර දී ඇත.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවියෙහි සඳහන් වේ.

මූලාශ්‍ර:

  1. Josie Kao,March 8, 2023,Explainer: International Women’s Day: date, history and this year’s theme,Josie Kao for Reuters.com,March 8,<https://www.reuters.com/world/international-womens-day-date-history-this-years-theme-2023-03-06/>
  2. Image credits: Image by pikisuperstar on Freepik

 

Author

Back to top button