Must Readජනප්‍රියතම ලිපිවිශේෂාංග

ජාතික විද්‍යා ප්‍රදර්ශනය – 2023

දුලිප් නයනප්‍රිය / වී. එම්. පී. මල්කාන්ති

ශ්‍රී  ලාංකේය විද්‍යාත්මක සහ තාක්ෂණික නවෝත්පාදන යුගයේ සම්ප්‍රාප්තිය

ජාතික විද්‍යා ප්‍රදර්ශනය – 2023

නොවැ 8, 9, 10 ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ දී

විද්‍යාවේ ප්‍රායෝගික භාවිතාව සොයාබැලුමට සිදු කෙරෙන පර්යේෂණ මතින් ගොඩනැගෙන තාක්ෂණයන් හා නවෝත්පාදන ලෝකයේ දිශානතිය තීරණය කරමින් පවතී. වර්තමානයේ ගෝලීය ආර්ථිකය මෙහෙය වන්නේ ද මේ කි‍්‍රයාදාමය මඟිනි. මිනිස් ශිෂ්ටාචාරය ආරමිභයේ සිට මේ දක්වා පසු කළ විවිධ යුගවල දී සිදු කළ සො‍යාගැනීම් හා වැඩිදියුණු කිරීම් හරහා එක් එක් ක්ෂේත්‍රන් තුළ පරිවර්තනාත්මක වෙනස් වීම් ඇති විය. එඬේර යුගය, ගොවි යුගය ආදියේ දී සිදු වූ සොයා ගැනීම්වල විශාල වෙනසක් සිදු වූයේ 1780 දශකයේ දී යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ඇති වූ කාර්මික විප්ලවයත් සමඟිනුයි.19 වැනි ශත වර්ෂය අග භාගයේ දී ඇරැඹි දෙවැනි කාර්මික විප්ලවයත් 20 වැනි ශත වර්ෂයේ 1960 දශකයේ දී ඇරැඹි තුන් වැනි කාර්මික විප්ලවයත් මඟින් ක්ෂේත්‍ර ගණනාවක ගමන් මඟ සාධනීය වෙනස්කම්වලට බඳුන් විය. ඉන් අනතුරුව පසුගිය දශක කිහිපය තුළ ප්‍රධාන වශයෙන් අමෙරිකාව හා ජපානය ආශි‍්‍රතව ඇති වූ සිවු වැනි කාර්මික විප්ලවය තුළ දී එනම් වර්තමානයේ බිහි වූ කෘත්‍රිම බුද්ධිය, අථත්ය තාක්ෂණය වැනි නව තාක්ෂණයන් ලෝකය අභිබවා යමින් සිටී. මේ අනුව 20 වැනි සියවසේ අග භාගයේ සිට විවිධ කාල වකවානුවල දී ලෝකයේ නව තාක්ෂණ රැලි ගණනාවක් නිර්මාණය විය.

එකී තාක්ෂණ රැලි නිවැරැදිව ග්‍රහණය කරගත් රටවල් සංවර්ධිත තත්ත්වයට ළගා වූයේ ඉතාමත් පහසුවෙනි. ඒ නිසා ම ලොව සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පරතරය තාක්ෂණික පරතරයක් ලෙස හඳුනාගෙන ඇත.

ජාතික විද්‍යා දින සැමරුම

“විද්‍යාත්මක සවිබලගැන්වීම තුළින් සෞභාග්‍යය කරා”, “Prosperity though Science Environment”  යන්න මෙවර ජාතික විද්‍යා දිනයේ තේමාවයි.

මෙවන් පසුබිමක් තුළ නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ජගත් විද්‍යා දිනය සැමරීමට සමගාමීව විද්‍යාල තාක්ෂණ හා පර්යේෂණ දැනුම සමාජය තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එහි පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් ජාතික විද්‍යා ප්‍රදර්ශනය – 2023 සංවිධාන කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මඟපෙන්වීම අනුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහභාගීත්වයෙන් මේ ජාතික විද්‍යා ප්‍රදර්ශනය කි‍්‍රයාත්මක කෙරේ. නොවැම්බර් මස 8, 9 සහ 10 දිනවල ජාතික ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය කේන්ද්‍ර කරගනිමින් ඒ අවට ප්‍රදේශවල මෙය පැවැත්වේ. සංවර්ධිත ශ්‍රී  ලාංකාවක් නිර්මාණය කිරීමේ වෑයමේ දී අතිශය වැදගත් අංගයක් ලෙස හඳුනාගෙන ඇත. ඉදිරියේ දී ඉදිකිරීම කිරීමට යෝජිත ජාතික විද්‍යා මධ්‍යස්ථානය සම්බන්ධව මූලාරම්භයක් ලබා දීමට මේ විද්‍යා ප්‍රදර්ශනය පිටුවහලක් කරගැනීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ප්‍රධාන කලාප 10ක්

මීට සමගාමීව මෙම ප්‍රදර්ශනය විවිධ තේමාවන්ට අනුගතව ප්‍රධාන කලාප 10ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. එකී තේමාවන් අතරට මහා පිපිරුමෙහි සිට මිනිස් වර්ගයාගේ සම්භවය දක්වා (from the big bang to the origin of human beings)  mysteries of the human body to healthy life,  industrial revolution to modern science, ,   (traditional technology to innovation enlightenment) ස්වාභාවික සංසිද්ධීන්හි සිට විද්‍යාත්මක න්‍යායන් (natural phenomena to scientific laws, ), ආපදා වැළැක්වීම සහ සමෝධානික මාවතකින් ඒවා පාලනය කිරීම (disaster prevention and reduction to the harmonious road, ) සාම්ප්‍රදායික තාක්ෂණයේ සිට නවෝත්පාදන ප්‍රගතිය (Innovation celebration) දක්වා  කාර්මික විප්ලවයේ සිට නවීන විද්‍යාව දක්වා පුර්වගාමී විද්‍යාව ( frontier science and technology) සහ තාක්ෂණය විද්‍යාවේ මුලකුරු නවෝත්පාදන ( Science A B C )  සැමරුම් අත්කරගත් ජයග්‍රහණ සහ වෘත්තීන් විද්‍යාත්මක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාසහ එළිමහන් ප්‍රදර්ශනය.

නවීන තාක්ෂණය පදනම් කරගත් ඉහත තාක්ෂණික තේමා කලාප 10 ට අමතරවල පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් සහ අධ්‍යාපන අමාත්‍යාංයේ සහයෝගීතාවෙන් යුතුව සිදු කරන විද්‍යාල තාක්ෂණ හා නව්‍යකරණ ක්ෂේත්‍රයට අදාළ වැඩසටහන් රාශියකින් ද ප්‍රදර්ශනය සමන්විත වේ.

එසේම වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම ව්‍යවසායකත්ව වේදිකාවල රැකියා වෙළෙඳපොළ, අලෙවිය සඳහා වූ විවිධ භාණ්ඩ ඇතුළත් වෙළෙඳ කුටි, මහජන විනෝදාස්වාදය සඳහා වූ සේවා, ජංගම සේවා, ඇතුළු තවත් විවිධාංග රාශියක් ද මේ ප්‍රදර්ශනට ඇතුළත් කිරීමට නියමිත වේ.

 

Author

Related Articles

Back to top button