අප සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහලෝක මේ දිනවල අහසේ දිස් වේ.
ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ

මේ දිනවල රාත්‍රී අහසේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක එක් රැයක් තුළ දැක බලා ගැනීමේ විරල අවස්ථාවක් උදා වී ඇත. බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු යන පියවි ඇසින් වුවද නිරීක්ෂණය කළ හැකි ග්‍රහලෝක මෙන්ම දුරේක්ෂයකින් පමණක් නිරීක්ෂණය කළ හැකි යුරේනස්, නෙප්චූන් යන ග්‍රහලෝක ද මෙසේ ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබී ඇත.
ඉර බැසගිය පසු අහසේ දිස්වන ග්‍රහලෝක.
සිකුරු ග්‍රහයා | රාත්‍රී 6.30ත්- 8.30ත් අතර | සිකුරු ග්‍රහයාට ඉහළින් සෙනසුරු ග්‍රහලෝකය දිස් වේ. |
සෙනසුරු ග්‍රහයා | රාත්‍රී 6.30ත්- 8.30ත් අතර | සිකුරු ග්‍රහයාට ඉහළින් සෙනසුරු ග්‍රහලෝකය දිස් වේ. |
බ්‍රහස්පති ග්‍රහයා | රාත්‍රී 8.30ත් -9.30 ත් අතර | සිකුරු , සෙනසුරු ග්‍රහලෝකයන්ට ඉහළින් දිස් වේ |
අඟහරු ග්‍රහයා | රාත්‍රී 8.30ත් -9.30 ත් අතර | සිකුරු , සෙනසුරු ග්‍රහලෝකයන්ට ඉහළින් දිස් වේ |
බුධ ග්‍රහයා | ඉර උදාවට පැයකට පමණ පෙර | නැගෙනහිර අහසේ දිස් වේ. |
යුරේනස් ග්‍රහයා | රාත්‍රී 6.30-8.30 අතර | දුරදක්නයක් භාවිතයෙන් මෙම ග්‍රහලෝක දෙක නිරීක්ෂණය කළ හැක. |
නැප්චුන් ග්‍රහයා | රාත්‍රී 6.30-8.30 අතර | දුරදක්නයක් භාවිතයෙන් මෙම ග්‍රහලෝක දෙක නිරීක්ෂණය කළ හැක. |
සූර්යයා බටහිර අහසින් බැස ගිය පසු සවස 6.30 පමණ සිට රාත්‍රී 8.00 පමණ වන තෙක් සිකුරු හා සෙනසුරු යන ග්‍රහලෝක දෙක බටහිර අහසේ ක්ෂිතිජයට 200 -300 උන්නතාංශයකින් නිරීක්ෂණය කළ හැකි වන අතර බටහිර ක්ෂිතිජයේ සිට 500 – 600 අතර උන්නතාංශයකින් බ්‍රහස්පති ග්‍රහලෝකය දීප්තිමත් වස්තුවක් ලෙස නිරීක්ෂණය කිරීමට හැකියාව ඇත. බ්‍රහස්පතිගේ සිට නැගෙනහිර දිශාවට වන්නට අඟහරු ග්‍රහලෝකය, දඩයක්කාරයා තාරකා රාශිය (Orion) අසල පිහිටි වෘෂභ රාශියේදී දැක බලා ගැනීමට හැකියාව ඇත. මෙම ග්‍රහලෝක 04ම සවස 6.00 ත් 9.30ත් අතර නිරීක්ෂණය කළ හැකි වුවද සූර්යයාට ආසන්නතව පවතින බුධ ග්‍රහලෝකය සූර්යය උදාවට පැය ½ කට පෙර නැගෙනහිර ක්ෂිතිජයේ ධනු රාශියේ දී දැක බලා ගැනීමට හැකියාව ලැබේ.