Science Insiderස්වාභාවික විද්‍යාව

දිය යටදී ඔබට ඇසෙන ශබ්ද ඉතා අමුතු ඇයි ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

දිය යටදී ඔබට ඇසෙන ශබ්ද ඉතා අමුතුවේ. එනම් ඔබට ශබ්ද පැමිණෙන දිශාවද හදුනාගත නොහැකි අතර එය කෙතරම් දුරක සිට පැමිණෙනවාදැයිද හදුනාගත නොහැක. මෙලෙස දිය යටදී ඇසෙන ශබ්ද අමුතුවට අපට ඇසෙන්නේ ඇයි දැයි ඔබ දන්නවාද? ඔබ දිය යට සිටින විට ශබ්ද තරංග ජලය හරහා ගමන් කරන අතර එම තරංග ඔබේ කුඩා අස්ථීකාව කම්පනය නොකර කෙලින්ම ඔබේ හිස්කබලේ අස්ථී කම්පනය වේ. මෙයට හේතුව වන්නේ අපගේ දේහය වැඩි ප්‍රමාණයක් සෑදී ඇත්තේ ජලයෙනි. ඔබ ජලය යටදී සිටින විට ශබ්ද තරංග වලට ඔබව හා ජලය වෙන් කර හදුනාගැනීමට නොහැකිය. එබැවින් ශබ්ද තරංග ඔබේ හිස්කබල තෙක් ගමන් කරයි. මේ අනුව ඔබට ශබ්ද තරංග පැමිණෙන දිශාව හදුනාගත නොහැක.

Author

Related Articles

Back to top button