Science Insiderස්වාභාවික විද්‍යාව

මහා අළු සබරිත්තා ගැන අසා තිබෙනවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ඔබට අවට ඇති පරිසරයේ සුන්දරත්වය භුක්ති විඳින විට ඔබට හරිත ශාක පෙනීමත්, සිසිල් සුලඟ දැනීමත්, කුරුල්ලන්ගේ සුන්දර කටහඩ ඇසීමටත් හැකිවේ. මහා අළු සබරිත්තා ලස්සන සොදුරු කටහඩක් සහිත කුරුල්ලෙකි. මෙම කුරුල්ලාගේ පෙනුම ලස්සන වුවුද ඌගේ ආහාර ගැනීමේ ක්‍රමය ඉතා බියකරු එකකි. මෙම කුරුල්ලා දක්ෂ දඩයක්කරුවෙකු වන අතර ඌගේ මෙනුව කෘමීන්, කුඩා කෘන්තකයන්ගෙන් සමන්විත වේ. මෙම කුරුල්ලා දඩයම් කරන විට දඩයම් කරගත් ගොදුර රැගෙන ගොස් කටු කම්බියක හෝ ගසක ඇති කට්ටක උලතබයි. ඉන්පසුව මෙම ගොදුර ඌගේ තියුණු හොටින් කඩාගෙන ආහාරයට ගනී. පෙනුමෙන් කිසිවක් මැනිය නොහැක යන වදනයට මෙම මහා අළු සබරිත්තා හොද උදාහරණයකි.

Author

Related Articles

Back to top button