Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ දන්නවාද මොණරාගේ පිල්වල ඇති වර්ණකය දුඹුරු පැහැති බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

මොණරා පිල් විදහාගෙන නටන අලංකෘත දර්ශනය ඔබලා සියලුදෙනාම මෙන් දැක තිබෙනවා ඇති. මොණරා පිල් විදහන විට ඔබට මොණරාගේ පිල් නිල්-කොළ පැහැයෙන් පෙනේ. එත් ඔබ දන්නවාද මොණරාගේ පිල්වල ඇති වර්ණකය දුඹුරු පැහැති බව? එසේනම් කෙලෙසින්ද අපට මොණරාගේ පිල් නිල්-කොළ පැහැයෙන් දිස්වෙන්නේ? මෙයට පිළිතුර පවතිනුයේ මොණරාගේ පිල්වල නැනෝ ව්‍යුහයේය. අප මොණර පිලක් විශාල කල බැලූ විට අපට නැනෝ ප්‍රමානයේ සිදුරු රැසක් යම් රටාවකට පෙලගැසී ඇති බව දැක ගත හැක. මෙම නැනෝ ප්‍රමානයේ සිදුරු ආලෝකය පරාවර්තනය කරයි. විවිධ තරංග ආයාම වලින් මෙලෙස ආලෝකය පරාවර්තනය වීම නිසා අපට මොණර පිල් නිල්-කොළ පැහැයෙන් දිස්වේ.

Author

Related Articles

Back to top button