Science Insiderස්වාභාවික විද්‍යාව

ෂර්ලොක් හෝම්ස් සහ ස්කොෂ් බෝල දර්ශනය ඔබට මතකද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ ෂර්ලොක් හොල්ම්ස් ටෙලි කතා පෙලෙහි රසිකයෙක් නම් ඔහු තමන්ගේ අතේ නාඩි වැටීම ස්කොෂ් බෝලයක් භාවිතයෙන් නවත්වා ගන්නා ජවනිකාව ඔබට නිසැකවම මතක ඇති. මෙලෙස අතේ නාඩි වැටීම නවත්වන උපක්‍රමය මැජික්කරුවන්ද භාවිතා කරනු ලබයි. එනමුත් කොහොමද මෙලෙස ස්කොෂ් බෝලයක් භාවිතයෙන් අතේ නාඩි වැටීම නතර කරගන්නේ? ඔබේ හෘදයේ සිට අත්වලට රුධිරය ගෙන යනු ලබන්නේ රුධිර නාලිකාවලින්ය. අපේ පෙර විදුවදනක පැවසු ආකාරයට නාඩි වැටීම යනු රුධිර නාලිකාවල රිද්මයානුකූල විස්ථාරන හා සංකෝචන වේ. ඔබ ස්කොෂ් බෝලයක් ඔබේ කිහිල්ලේ තබා තදකරගෙන සිටින විට ඔබේ අතට රැගෙන යන රුධිර නාලිකාව තද වීම සිදුවේ. එවිට ඔබේ අතේ රුධිර සැපයුම අඩුවන බැවින් ඔබේ අතේ නාඩි වැටීම නතර වී ඇති ලෙසින් පෙනේ.

Author

Related Articles

Back to top button