Science Insiderස්වාභාවික විද්‍යාව

කහ යොදන ලද පරිප්පු පැල්ලමක් සබන් වලින් ඇතිල්ලු විට රතු පැහැයට හැරෙන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ බත් සමග පරිප්පු ව්‍යාංජනයක් අනුභව කරනවා යැයි සිතන්න. හදිසියේම ඔබේ සුදු කමිසය මත පරිප්පු හොද්ද හැලුනේය. ඔබ එය පිරිසිදු කිරීමට සබන් භාවිතා කරන විට එම කහ පැහැති පැල්ලම රතු පැහැයට හැරිණි. මෙලෙසින් කහ යොදන ලද පැල්ලමක් සබන් වලින් ඇතිල්ලු විට රතු පැහැයට හැරෙන්නේ ඇයි දැයි ඔබට සිතිය හැකිද? එයට මුලික හේතුව වන්නේ කහ යනු ලිට්මස් වැනි ස්වාභාවික දර්ශකයක් වීමයි. කහ කුඩු අම්ලයක් සමග මිශ්‍ර කල විට එහි වර්ණය කහ පැහැයෙන්ම පවති. එනමුත් කහ කුඩු භස්මයක් සමග මිශ්‍ර කල විට එහි වර්ණය කහ පැහැයේ සිට රතු පැහැයට හැරේ. සබන් නිපදවනුයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යන රසායනිකයෙනි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු භස්මයකි. එබැවින් සබන්ද භාස්මික වන අතර එනිසා කහ සහිත පැල්ලම් රතු පැහැයට හරවයි.

Author

Related Articles

Back to top button