තේ පිරිසියට දැමු විට වැඩිපුර නිවෙන්නේ ඇයි ?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)
ඔබ යම් පිරිසකට තේ පැන් සංග්‍රහ කිරීමේදී ඔබ සමහරවිට දැක තිබෙනවා ඇති සමහර පුද්ගලයන් තමන්ගේ තේ එක පීරිසියකට හලාගෙන එය පානය කරනවා. අප එක සමාන පරිමාවක උණු තේ, කෝප්පයකට හා පිරීසියකට දමා ටික වේලාවකින් එහි උෂ්ණත්ව බැලුවහොත් දීසියේ ඇති තේ එකෙහි උෂ්ණත්වය අඩු බව නිරීක්ෂණය කළ හැක. මෙලෙස පිරීසියේ ඇති තේ එකෙහි උෂ්ණත්වය කොප්පයේ ඇති තේ එකට වඩා අඩුවීමට හේතුව පැහැදිලි කරන්න.
ඔබ තේ කෝප්පයක හා පිරීසියක දමා තිබෙන විට තේ යම් වේලවකට පසු සීතල වීම සිදුවේ. මෙයට හේතුව වන්නේ උණු තේ එකෙහි හා පිටත පරිසරයේ ඇති උෂ්ණත්ව වෙනසය. තේ එකෙහි ඇති තාපය පරිසරයට ගමන් කර තේ එක සිසිල් වීම සිදුවේ. එනමුත් පීරිසියේ වාතයට නිරාවරනය වී ඇති පෘෂ්ඨික වර්ගඵලය කෝප්පයට වඩා වැඩිය. වාතයට නිරාවරණය වී ඇති පෘෂ්ඨික වර්ගඵලය වැඩි වන විට වැඩි තාප ප්‍රමාණයක් පරිසරයට නිදහස් වේ. එබැවින් පිරීසියේ ඇති තේ වලින් වැඩි තාප ප්‍රමාණයක් පරිසරයට නිදහස් වී ඇති නිසා පීරිසියේ ඇති තේ වඩා සීතල වේ.
Author
-
විද්‍යා අධ්‍යාපන හා ව්‍යාප්ති ඒකකය ජාතික මූලික අධ්‍යයන ආයතනය හන්තාන පාර, මහනුවර