Science Insiderස්වාභාවික විද්‍යාව
රාත්‍රී දර්ශන ගොගල්ස් වැඩ කරනුයේ කෙසේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

පරිගණක ක්‍රීඩා වල හා චිත්‍රපටිවල ඔබ දැක තිබෙනවා ඇති රාත්‍රී කාලයේදී සොල්දාදුවන් රාත්‍රී දර්ශන ගොගල්ස් පැළැද සිටිනවා. ඔබ රාත්‍රී දර්ශන ගොගල්ස් පැළැද සිටින විට ඔබට වටපිටාවම කොළ පැහැයෙන් දිස්වෙන අතර සදක් නොමැති රාත්‍රියක වුවුද ඔබට වටපිටාව දැක ගත හැක. රාත්‍රී දර්ශන ගොගල්ස් වැඩ කරනුයේ කෙසේද පැහැදිලි කරන්න.
ඔබ රාත්‍රී දර්ශන ගොගල්ස් පැළඳ සිටින විට එම අවස්ථාවේදී ඇති ආලෝකය ගොගල්ස් හරහා ගමන් කරයි. ආලෝකය සෑදී ඇත්තේ ෆොටෝන වලිනි. මෙම ෆොටෝන පොටෝකැතෝඩය නම් ආලෝකය සංවේදී පෘෂ්ඨය වදී. පොටෝකැතෝඩය මගින් ෆොටෝන ඉලෙක්ට්‍රෝන බවට පත්කරයි. ඉන්පසුව මෙම ඉලෙක්ට්‍රෝන වර්ධනය කරයි. මෙම වර්ධිත ඉලෙක්ට්‍රෝන පොස්පරස් තහඩුවක් හරහා ගමන් කරයි. එවිට ඉලෙක්ට්‍රෝන නැවත ෆොටෝන බවට පත්වේ. මුලදී පැවතුනාට වඩා වැඩි ෆොටෝන ගණනක් පවතින නිසා ඔබට ගොගල්ස් තුලින් වඩාත් දීප්තිමත් රූපයක් ලැබේ.