Uncategorized

ඉත්තෑවන් ගේ කූරු ඇනීමෙන් ඉත්තෑවා තුවාල නොවන්නේ ඇයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්යයන ආයතනය)

මෙදිනවලදී අප සැමට නිතර නිතර ඇසෙන වචනයක් වනුයේ ඉත්තෑවාය. ඔබලාගෙන් සමහරෙක් පමණක් ඉත්තෑවෙක් දැක ඇතත් බොහෝ අයෙකු ඉත්තෑවෙකුගේ රූපයක් දැක තිබෙනවා ඇති. ඉත්තෑවකුගේ විශේෂත්වය පවතිනුයේ ඉත්තෑ කූරූවලය. වැඩුණු ඉත්තෑවකුගේ මෙලෙස කූරූ 30000 පමණ ඇත. සාමාන්‍යයෙන් මෙලෙස තියුණු වස්තුන් සමග සත්වයෙකු ගමන් කරන විට ඌගේ ඇඟේම එම වස්තුව ඇනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙයට විසදුමක් ලෙස උතුරු ඇමෙරිකාවේ ඉත්තෑවාගේ කූරූවල ප්‍රතිජීවක ගුණාංග ඇත. මෙම ඉත්තෑවන්ගේ කූරූ මේද අම්ල වර්ගයකින් ආලේප වී ඇති අතර එම මේද අම්ලය ප්‍රතිජීවක ගුණය ලබාදීම සිදුකරයි. මේ අනුව මෙම ඉත්තෑවෙකු ඌගේම කූරකින් ඇනුන විට ඇතිවන තුවාලය රිදුනද ආසාධනය නොවේ.

Author

Related Articles

Back to top button