ඒ.එම්. නිලුපුල් නුවන් සෙනෙවිරත්න සහ ඩබ්. ඩබ්. කාංචන අරුණ කුමාර පෙරේරා වන අප දෙදෙනා විසින් මෙම නව නිපැයුම වැඩිදියුණු කරණ ලදී. කොරෝනා වයිරසයට එරෙහිව ආරක්ෂාවීමට නම් අපගේ දෙඅත් නිසි ලෙස විෂබීජහරණය වී තිබිය යුතුය. තවද, විෂබීජනාශක දියර අඩංගු බෝතල් භාවිතාකිරීමේදී එය ස්පර්ශ කිරීම හරහා රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් ස්වංක්‍රීය විෂබීජහරණ යන්ත්‍රයක් අප විසින් වැඩිදියුණු කරනු ලැබ ඇත. එය විෂබීජහරණ දියර අඩංගු බොහෝ බෝතල් වලට සවිකිරීමේ හැකියාව පවතී.එය ප්‍රමාණයෙන් කුඩා වන අතර ඉතා අඩු වියදමකින් නිමවා ඇත. මෙම ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රය වෙත අපගේ දෑත් සමීප කළවිට ස්වයංක්‍රීයව අපගේ දෑත් හඳුනාගැනීම සිදුකරයි.එවිට එය අපගේ දෑත් වෙත විෂබීනාශක දියර ඉසීම සිදුකරයි. මෙම ආකාරයට අපගේ දෑත් මනාව විෂබීජහරණය කර ගැනීමට අපට හැකියාව ලැබේ. දියර පරිමා පාලකයක් සහ දියර පිටවීමේ වාරගණන පාලනය කිරීමේ උපාංගයක් මෙය සතු වේ. මෙම උපකරණය සම්පූර්ණ වශයෙන් ආරෝපණය කලවිට බොහෝ වාර ගණනක් විෂබීජනාශක දියර ලබාගැනීමේ හැකියාව ලැබේ .