Science Insiderවෙනත් තාක්ෂණයන්

සෝපානයක් ත්වරණයෙන් ඉහළට යන විට සාමාන්‍යයට වඩා ටිකක් බර බවක් ඔබට දැනෙන අතර ත්වරණය පහළට යන විට සාමන්‍ය බරට වඩා වඩා සැහැල්ලු බවක් දැනෙන්නේ ඈයි?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ සෝපානයක සිටින විට ඔබ මත ක්‍රියාකරන බල දෙකකි. එනම්, ගුරුත්ව බලය හා සෝපානයේ සිට ඔබ මත ක්‍රියාකරන සාමන්‍ය බලයයි. එම සාමන්‍ය බලය (N) ඔබට දැනෙන බරට සමාන වේ. නිවුටන්ගේ දෙවන චලිත නියමය (F=ma) ට අනුව, සෝපානයට ඉහළට ත්වරණයක් තිබෙන විට N = mg+ma වේ. එනම් ඉහළට වේගවත්ව ගමන් කිරීමට ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව අතිරික්ත බලයක් සැපයිය යුතුයි.එනම් සෝපානය මත සිටින පුද්ගලයාගේ බරට අමතර තවත් බලයක් ඉහළට ඇත. එවිට සාමන්‍ය බලය වැඩි නිසා දැනෙන බරත් වැඩිය. සෝපානය පහළට ත්වරණයෙන් යන විට N= mg-ma වේ. පහලට ත්වරණයෙන් යන විට සාමන්‍ය බලය අඩු වන නිසා සත්‍ය බරට වඩා අඩු බරක් දැනේ.

Author

Related Articles

Back to top button