Science Insiderස්වාභාවික විද්‍යාව

ඔබ එලියේදී ඇවිදින්න යන සමහර අවස්ථාවලදී ඔබේ උෂ්ණත්වමානකයේ පෙන්නන උෂ්ණත්වයට වඩා උණුසුම් හෝ ශීතල බව ඔබට දැනී තිබෙන්නට ඇත. මේ සදහා හේතුව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ එලියේදී ඇවිදින්න යන සමහර අවස්ථාවලදී ඔබේ උෂ්ණත්වමානකයේ පෙන්නන උෂ්ණත්වයට වඩා උණුසුම් හෝ ශීතල බව ඔබට දැනී තිබෙන්නට ඇත. මේ සදහා හේතුව ඔබ දන්නවාද? ඔබ යම් කිසි කාළගුණ වාර්තාවක් දුටුවොත් ඔබ දැක තිබෙනවා ඇති උෂ්ණත්වය සටහන් කර ඇති ස්ථානයට පහලින් දැනෙන උෂ්නත්වය ලෙස සටහන් වී තිබෙනවා. ඔබට එම අවස්ථාවේදී දැනෙන්නේද මෙම දැනෙන උෂ්ණත්වය වේ. දැනෙන උෂ්නත්වයට පරිසර උෂ්ණත්වයට අමතරව ආර්ද්‍රතාව හා සුළඟද බලාපායි. හමන සුළඟක් පවතින ඔබේ සිරුරේ පවතින ඇඟේ තාපය රැගෙන යන දහඩිය ගසාගෙන යන අතර එමගින් ඇඟේ තාපය අඩු වූ විට ඔබට දැනෙන උෂ්නත්වයට වඩා සීතලක් දැනේ. එමෙන්ම ආර්ද්‍රතාවය වැඩි දිනයකදී ඔබේ ඇඟේ දහඩිය වාෂ්ප නොවී රැදී තිබෙන බැවින් එම අවස්ථාවේ උෂ්ණත්වමානයේ පෙන්නන උෂ්ණත්වයට වඩා උණුසුමක් ඔබට දැනේ.

Author

Related Articles

Back to top button