Science Insiderස්වාභාවික විද්‍යාව

ඝන ද්‍රව්‍යවල ශබ්දය වේගයෙන් ගමන් කරන බව ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඝණ ද්‍රව්‍ය තුලින් ශබ්දය වේගයෙන් ගමන් කලත් ඔබ වැසුන කාමරයක සිට කතා කළද අනෙක් කාමරයේ සිටින පුද්ගලයෙකුට ඔබ කතා කරන ශබ්දය නොඇසීමට හෝ අඩුවෙන් ඇසීමට හේතුව පැහැදිලි කරන්න.

ශබ්දය යනු යාන්ත්‍රික තරංගයක් ලෙස ගමන් කරන ශක්ති වර්ගයකි. අල්ලපු කාමරයේ සිටින පුද්ගලයෙකු කතා කරන විට නිකුත් වන ශබ්ද තරංගය වාතය තුලින් ගමන් කර බිත්තිය හරහා අප සිටින කාමරයේ වාතයට පිවිසේ. ශබ්ද තරංගය එය ගමන් කරන මාධ්‍යය වෙනස් කරන විට එය අඩංගු ශබ්දයෙන් කොටසක් අහිමි වේ. ඒ අනුව අල්ලපු කාමරයේ සිටින පුද්ගලයා කතා කරන විට නිකුත් වන ශබ්ද තරංගය බිත්තිය හමු වූ විට වායු මාධ්‍යයේ සිට ඝණ මාධ්‍යයට මාරුවේ. මෙවිට ශබ්දයේ ශක්තියෙන් කොටසක් අඩුවේ. ඊට අමතරව බිත්තිය මගින් ශබ්දයෙන් කොටසක් පරාවර්තනය කරයි. එමෙන්ම බිත්තියෙන් අප සිටින කාමරයට තරංගය පැමිණෙන විටද මාධ්‍යය මාරුවන බැවින් ශබ්ද තරංගයේ අඩංගු ශක්තියෙන් තවත් කොටසක් අහිමි වේ. හඬේ සැර තීරණය වීමට ශබ්ද තරංගයේ ශක්තිය බලපායි. මෙම ශබ්ද තරංගයේ අඩංගු ශක්තිය ඉතා අඩු බැවින් ඔබට පැහැදිලි ශබ්දයක් නොඇසේ.

Author

Related Articles

Back to top button