Science Insider

ඔබ දන්නවාද මෙම හිසකෙස් වර්ණ කිරීම පිටුපස රසායන විද්‍යාත්මක පදනමක් ඇති බව?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

හිසකෙස් වල වර්ණය තාවකාලිකව වෙනස් කිරීම ආකාර දෙකකි. පලමුව හිසකෙස් වල ස්වභාවික වර්ණය ඉවත් කරන අතර ඉන්පසුව අවශ්‍ය වර්ණය අභ්‍යන්තරව තැන්පත් කරයි. හිසකෙස් වල පිටත ස්ථරය (cuticle) විවෘත කිරීම ඇමෝනියා මඟින් සිදුකරයි. මෙමඟින් පසුව යොදන හිසකෙස් වර්ණක වලට පිටත සිට හිසකෙස් බාහිකය තුලටම ගමන් කිරීමට ඉඩ සලසයි. එසේම ඇමෝනියා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකරමින් වර්ණක හා පෙරොක්සයිඩ අතර ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරයි. පෙරොක්සයිඩ වර්ධකය (developer) හෝ ඔක්සිකාරකය ලෙස භාවිතා කරයි. පෙරොක්සයිඩ විරංජකයක් වන නිසා එමඟින් හිසකෙස් වල රසායනික බන්ධන බිඳදමමින් සල්ෆර් නිකුත් කරයි.මෙලනින් ඉවත් වූ නිසා නව වර්ණය ස්ථිරව බාහිකයට බන්ධනය වේ. කන්ඩිෂනර් මඟින් වර්ණ ගැන්වූ හිසකෙස් වල බාහිර සෛල ස්ථරය නැවත ප්‍රතිස්ථාපනය වීමට දායක වේ.

Author

Related Articles

Back to top button