Science Insiderස්වාභාවික විද්‍යාව

ලයිටර් වල ක්‍රියාවලිය දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

සමහර ලයිටර්ස් වල ස්ඵටිකයක් තද කිරීමෙන් විද්‍යුත් පුළිඟුවක් නිපදවිය හැක. වර්තමානයේ පීඩනය හා ශබ්ද තරංග විද්‍යුත් ශක්තිය බවට පත් කල හැකි ස්ඵටික ඇත. එත් කෙලෙසද මෙම ස්ඵටික විද්‍යුත් ශක්තිය නිපදවන්නේ? උදාහරණයක් ලෙස තිරුවානා ගන්න. තිරුවානා සෑදී ඇත්තේ සිලිකන් හා ඔක්සිජන් යම් ස්ඵටිකයකට සැකසීමෙනි. මෙහිදී ඔක්සිජන් පරමාණුවට කුඩා ඍණ ආරෝපණයක් ඇති අතර සිලිකන් පරමාණුවට කුඩා ධන ආරෝපණයක් ඇත. මෙම ස්ඵටිකයේ හැඩය හේතුවෙන් ආරෝපණ එකිනෙක කැපිගොස් අනාරෝපිතව පවතී. ඔබ මෙයට පීඩනයක් එල්ල කලහොත් ස්ඵටිකයේ හැඩය වෙනස් වීම නිසා එක් එක් අන්ත වල ධන හා ඍණ ආරෝපණ හටගනී. මෙමගින් ඇතිවන විද්‍යුත් විභවය නිසා විදුලියක් ජනනය වේ.

Author

Related Articles

Back to top button