Science Insider
බොහෝ ගුවන්යානා වල සුදු පාට ආලේප කර ඇත්තේ ඇයි දැයි ඔබ දන්නවාද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බොහෝ ගුවන්යානා වල සුදු පාට ආලේප කර ඇත්තේ ඇයි දැයි ඔබ දන්නවාද? සුදුපාට මඟින් ආලෝකයේ සියලුම තරංග ආයාමයන් පරාවර්තනය කරන නිසා ගුවන්යානය අධික ලෙස රත් වීම වළක්වයන අතර සුදු පාට ආලේප කල විට වර්ණ ආලේප කරනාවට වඩා ගුවන්යානයේ බර අඩුවේ. තවද සීරීම් හා විඛාදනය වීම් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවේ. වර්ණ ආලේප මිලෙන්ද අධික නිසා සුදු පාට ආලේප කල විට ආර්ථික වශයෙන්ද වාසිදායක වේ.