Science Insiderස්වාභාවික විද්‍යාව
නියෝන් පහන් වලින් ආලෝකය ලබාදෙනුයේ කෙසේද?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බොහෝ කඩවල ඔබ දැක තිබෙනවා ඇති වර්ණවත් නියොන් පහන් දැක ගත හැක. නියෝන් පහන් විවිධ වර්ණවලින් හා විවිධ රටා වලින් දැක ගත හැක. නියෝන් පහන්වල තුල අඩු පීඩන තත්ව යටතේ කුඩා ප්‍රමාණයෙන් නියෝන් වායුව ඇත. මෙම නියෝන් පහනට ඉහල වොල්ටීයතාවයක් සපයනු ලබයි. මෙම වෝල්ටීයතාව මගින් නියෝන් පරමාණුවල ඇති පිටත ඉලෙක්ට්‍රෝනය ඉවත් කරයි. මේ අනුව පහන තුල නියෝන් පරමාණු මෙන්ම නිදහස් ඉල්කෙට්‍රෝනද පිහිටයි. පරමාණු එකිනෙක ගැටීමෙන් ඒවා අතර ශක්තිය හුවමාරු කරගනී. සමහර අවස්ථාවලදී පරමාණුවල ඇති ඉලෙක්ට්‍රෝන උත්තේජනය වී ඉහල ශක්ති මට්ටම් කරා ගමන් කරයි. මෙම උත්තේජිත ඉලෙක්ට්‍රෝන නැවත සිටි ශක්ති මට්ටමට පැමිණේ. මෙලෙස පැමිනීමදී ඇති අතිරේක ශක්තිය ආලෝකය ලෙස නිදහස් කරයි.