Science Insiderස්වාභාවික විද්‍යාව

හෙඩ්ෆෝන් වල්ට බාහිර ශබ්දය අඩු කල හැක්කේ කෙලෙසද කියා ඔබ දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ සංගීත ලෝලියෙක් නම් ඔබ ලඟ වටිනා හෙඩ්ෆෝන් එකක් පවතිනවා ඇති. වර්තමානයේ පවතින බොහෝ හෙඩ්ෆෝන් වලට වටපිටාවේ ඇති ශබ්දය අඩු කර හැකි තාක්ෂණයක් පවතී. මෙලෙස හෙඩ්ෆෝන් වල්ට බාහිර ශබ්දය අඩු කල හැක්කේ කෙලෙසද කියා ඔබ දන්නවාද? එක් ක්‍රමයක් වන්නේ හෙඩ්ෆෝන් සාදා ඇති ද්‍රව්‍ය මගින් සමහර උච්ච සංඛ්‍යාත ශබ්ද අවහිර කිරීමයි. මීට අමතරව බාහිරින් පැමිණෙන ශබ්ද තරංගයට සමාන ශබ්ද තරංගයක් හෙඩ්ෆෝනය මගින් නිපදවීමද කරයි. එනමුත් මෙම නිපදවන ශබ්ද තරංගය බාහිර ශබ්ද තරංගයේ හැඩයේ උඩුයටිකුරු තරංගය වේ. අනුව මෙම තරංග දෙක එකිනෙකට සමාන එත් ප්‍රතිවිරුද්ධ බැවින් ඒවා නිරෝධනය නම් ක්‍රියාවලියක් යටතේ එකිනෙකා අවලංගු කර ගනී. එමගින් ඔබට බාහිරින් ඇසෙන ශබ්දය අඩු වීම හෝ නොඇසීම සිදු වේ.

Author

Related Articles

Back to top button