Science Insiderස්වාභාවික විද්‍යාව

කෙලෙසින්ද මෙම සුනඛයන් සඟවා ඇති පුපුරණක් ද්‍රව්‍ය සොයාගන්නේ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බෝම්බ සොයාගැනීමේ අරමුණින් පොලිස් සුනඛයන් යොදාගන්නා ආකාරය ඔබ මෙදිනවලදී ප්‍රවෘත්තිවල දැක තිබිය හැක. එත් කෙලෙසින්ද මෙම සුනඛයන් සඟවා ඇති පුපුරණක් ද්‍රව්‍ය සොයාගන්නේ? සුනඛයන් පුපුරනක් ද්‍රව්‍ය සොයාගැනීමට ඔවුන්ගේ ඉව භාවිතා කරයි. සාමාන්‍යයෙන් සුනඛයන්ට ගඳ සුවද හදුනාගැනීමේ විශේෂ හැකියාවක් පවතී. ඔවුන්ගේ නාසය තුල පවතින සුවද හදුනාගැනීමේ සංවේදක අපට සාපේක්ෂව 40 ගුණයක් පමණ වේ. එමෙන්ම සුනඛයන්ගේ නාසය ගඳ සුවදට වඩාත් සංවේදී වේ. මෙනිසා යම් සුවද උපදනවන අණු අඩු ගණනක් වාතය පැවතුනද සුනඛයන්ට එය හදුනාගැනීමේ හැකියා ඇත. බොහෝ පුපුරණක් ද්‍රව්‍යවල අනන්‍ය සුවදක් සහිත විශේෂිත සංයෝග ඇත. සුනඛයන් ට මෙම සුවදවල් හදුනාගැනීමට පුරුදු කර ඇති අතර එමගින් ඔවුන් සුවද පසුපස හඹා ගොස් පුපුරණක් ද්‍රව්‍ය පවතින ස්ථානය සොයාගනී.

Author

Related Articles

Back to top button