Science Insiderස්වාභාවික විද්‍යාව

නාඩි බලන්න දන්නවාද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබේ සුලැඟිල්ල හා මැදැඟිල්ල ඔබේ අනෙක් අතේ මාපටැඟිල්ලට පහලින් මැණික් කටුවේ තබන්න. ඔබට කුඩා ස්පන්දන දැනේද? මෙලෙස දැනෙන ස්පන්දන කුමක්දැයි ඔබ දන්නවාද? මෙය නාඩි නම් වේ. ඔබේ හෘදය ස්පන්දනය වී එයින් පොම්ප කරන රුධිරය ඔබේ ඇඟ පුරා ගලා යනු ලබන්නේ ධමනි නම් නාලිකා වලය. හෘදය ස්පන්දනය වී රුධිරය ධමනි හරහා ගලා යන විට ඔබේ ධමනි විස්ථාරනය වේ. ඉන්පසු ඔබේ හෘදය විවේක ගන්නා විට ධමනි හරහා ගලා යන රුධිරය අඩු නිසා ධමනිය සංකෝචනය වේ. මෙලෙස ධමනියේ ඇතිවන රිද්මයානූකූල විස්ථාරන හා සංකෝචන ඔබට නාඩි ලෙසින් දැනේ.

Author

Related Articles

Back to top button