Science Insiderනවතම සොයාගැනීම්පර්යේෂණ

ක්ෂුද්‍රජිවීන් අඩු පෘෂ්ඨ සෑදීමට මෝරාගේ සම නැනෝ පරිමාණයෙන් භාවිතා කරන බව ඔබ දන්නවාද ?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

බොහෝ රෝහල්වල බැක්ටිරීයාවලින් ආසාධනය විය හැකි පෘෂ්ඨවල විවිධ රසායනික ආලේප කර ඇත. මෙමගින් එම පෘෂ්ඨවල බැක්ටිරීයා හා ඇල්ගේ වැනි ක්ෂුද්‍ර ජිවීන් වර්ධනය වීම වැලකේ. එනමුත් මෙලෙසින් භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මිනිසුන්ට මෙන්ම පරිසරයටද හානිකර විය හැක. ඒ අනුව විද්‍යාඥයන් මෙයට විසදුමක් සත්වයෙකුගෙන් සොයාගෙන ඇත. මෙම සත්වයා වෙන කිසිවෙක් නොව මෝරා වේ. මෝරාගේ සම නැනෝ පරිමාණයෙන් විශ්ලේෂණය කළ විට එහි එකිනෙක අතිච්ඡාදනය වන සමාන්තර වැටි ඇති බව දැක ගත හැක. මෙනිසා මෝරාගේ සමට රළු අක්‍රමවත් බවක් ලැබේ. මෙම රළු අක්‍රමවත් ගුණය එම පෘෂ්ඨයේ බැක්ටීරියා බැඳීම වලක්වයි. මේ අනුව විද්‍යාඥයන් මෙම නැනොව්‍යුහය TiO2 (මෙයටද ප්‍රතිබැක්ටීරිය ගුණය ඇත.)සමග එක්කර ක්ෂුද්‍රජිවීන් අඩු පෘෂ්ඨ සෑදීමට කටයුතු කර ඇත.

Author

Related Articles

Back to top button