Science Insiderස්වාභාවික විද්‍යාව
ඔබ පිටරට යන විට ඔබ නව වේලා කලාප පසු කරමින් ගමන් කරන විට නව රටේ ගොඩබැස්ස විට ඔබට ඉතාමත් මහන්සියක් දැනෙනවා ඇති.ඔබ දන්නවාද ඇයි මෙලෙස ඔබට ඇතිවන්නේ කියා?
විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

ඔබ පිටරට යන විට ඔබ නව වේලා කලාප පසු කරමින් ගමන් කරනවා ඇති. ඔබ නව රටේ ගොඩබැස්ස විට ඔබට ඉතාමත් මහන්සියක් හා නිදිමතක් දැනෙනවා ඇති. මෙය ජෙට් ලැග් නම් තත්වයක් නිසා ඇතිවේ. ඔබ දන්නවාද ඇයි මෙලෙස ඔබට ඉතාමත් නිදිමතක් හා මහන්සියක් ඇතිවන්නේ කියා? මෙයට මුලිකව හේතුව වන්නේ ඔබේ ජීව විද්‍යාත්මක ඔරලෝසුවේ සිදුවන බාධාව නිසාය. ඔබේ ඇඟ ඇතුල ඇති ජීව විද්‍යාත්මක ඔරලෝසුව මගින් ඔබේ නින්ද හා ඇහැරීම වැනි ක්‍රියාකාරකම් පාලනය කරයි. ඔබ වේල කලාප පසු කල විට ඔබේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව හා පිටත වේලාව එකිනෙක නොගැලපේ. එබැවින් ඔබේ ඇඟ මෙම නව වේල කල්ලපයේ වේලාවට හැඩගැසීමට සිදුවේ. මෙය ඔබ වෙහෙසට පත්කරයි.