Life Styleපර්යේෂණ

චිත්‍රපටිවල අපරාධ පරීක්ෂකවරු ලේ අනාවරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔබ දැනුවත්ද?

විදුනැණ හවුල වෙබ් අඩවිය (ජාතික මූලික අධ්‍යයන ආයතනය)

චිත්‍රපටිවල අපරාධ පරීක්ෂකවරු යම් කිසි රසායනික සංයෝගයක් කාමරය පුරාවටම ඉස කාමරය අඳුරු කරන විට ලේ වැටී ඇති ස්ථාන නිල් පැහැයෙන් දිලිසෙන බව ඔබ දැක තිබිය හැක. මෙලෙස ලේ අනාවරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔබ දැනුවත්ද? අපරාධ පරීක්ෂකවරු විසින් ඉසින මෙම රසායනිකයක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා ලුමිනෝල් නම් රසායනිකයක මිශ්‍රණයකි. මෙම රසායනික දෙක අතර ප්‍රතික්‍රියාවෙන් ආලෝකයක් නිපදවුවුද උත්ප්‍රේරකයක් නොමැතිව වැඩි දිප්තීයකින් ආලෝකමත් නොවේ. රුධිරයේ ඇති යකඩ මෙම දිප්තියේ ත්‍රීවතාවය වැඩි කිරීමට සමත් එක් උත්ප්‍රේරකයකි. එ අනුව අපරාධ පරීක්ෂකවරු කාමරය අඳුරු කර මෙම රසායනිකයක ඉසී. නිල් පාට දීප්තියක් ඇතිවන්නේ කොහේද යන්න බලා එහි ලේ ඇද්දැයි නිගමනය කරයි.

Author

Related Articles

Back to top button